අට්ඨකථාවලින් හෙළිවන
ඓතිහාසික තොරතුරු
මාදෝවිට වජිරබුද්ධි හිමි
ත්රිපිටක
ග්රන්ථවල ඇතුළත් දුර්බෝධ වචන සහ ධර්මයේ ගැඹුරු තැන් සඳහා අතිරේක
විස්තරාර්ථ සැපයීම අට්ඨකථාවල පරාමාර්ථය වේ. එහෙත් ත්රිපිටක පෙළට වඩා
වෙනස් අර්ථ අට්ඨකථාවල දක්නට ලැබේ. නොඑසේ නම් පෙළ පාඨයට වඩා වෙනස්
පාඨයක් දක්නට ලැබෙන අවස්ථා ඇත. ජාතක අටුවා බුද්ධවංස, පටිසම්හිදා මග්ග
වැනි අටුවා ග්රන්ථවල එබඳු වෙනස්කම් ඇත. බුද්ධවංස පාලියේ අගට එකතු කර අති
බුද්ධ පකිණ්ණක සහ ධාතු භාජනීය කතා යන කොටස් බුද්ධවංස අටුවාවේ දක්නට
නොමැත. බුද්ධාවංස පාලියට ලංකාවේදී බොහෝ කරුණු එකතු වූ බවට තොරතුරු ඇත.
සුත්ත
නිපාත පබ්බඡ්ජා සූත්රයේ බෝසතුන් පැවිදි වී රජගහනුවර වීදියක යද්දී,
බෝසතුන් දුටු බිම්බිසාර රජු රාජ දූතයන් යෑව්වේ, එම මුනිවරයා කොහි යන්නේදැයි
දැන ගැනීමටය. එම පුවත සුත්ත නිපාත අටුවාව වූ පරමත්ථ ජෝතිකාවේ විස්තර
කරන්නේ මෙසේය. "ඔහු අමනුෂ්යයෙක් නම් නගරයෙන් පිටත ගොස් අතුරුදන් වන්නේය.
දෙවියෙක් නම් අහසින් යන්නේය. නාගයෙක් නම් පොළව කිමිද ගෙන යන්නේය"
යනුවෙනි. සතර පෙර නිමිති පිළිබඳ පුවතේදී බුද්ධවංස අට්ඨකතාව මළ සිරුර
පිළිබඳ පුවත අත හැර පෙර නිමිති තුනක් පමණක් දුටු බව සඳහන් කරයි.
මහින්දාගමන,
දුමින්දාගමන, බෝධි ආගමික තොරතුරු පිළිබඳ සඳහන් වන අට්ඨකථා අතර
සමන්තපාසාදිකා තොරතුරු සවිස්තරව වාර්තා කර ඇත. ගැමුණු මහ රජු ආහාර ගැනීමට
පළමුව භික්ෂූන් උදෙසා දානය කැප කළ පුවත අස්ථසාලිනි අටුවාවේ සඳහන් වේ.
මිරිසවැටි විහාර උළෙලට සහභාගි වූ සාමණේර නමක් සහ සාමණේරියක් වර්ෂ හැටකට
පසුව ඉන්දියාවේදී හමුවී ප්රේමයෙන් වෙළී බ්රහ්මචරියාවෙන් පිරිහී
පරාජිකාපත්තියට පැමිණි පුවතක් පපංචසුදති අට්ටකථාවේ සඳහන් වේ. දුටුගැමුණු
රජුට පෙර ඇති වූ විවිධ ද්රවිඩ ආක්රමණ, දුර්භික්ෂ සමයන්වල, ලක්දිව
භික්ෂූන් පිටරට ගොස් ධර්මාධ්යානයෙහි නිරත වූ බවත්, කුටුම්බික පුෂ්ප
තිස්ස තෙරුන්, යෝනක ධම්මරක්ත තෙරුන් යටතේ දහම් ඉගෙනගත් බවත් සම්මෝහ
විනෝදනී අටුවාවේ සඳහන් වේ. දමිළයන් පරාජය කිරීම නිසා ඇති වූ සතුට නිසා
දුටුගැමුණු රජුට මාසයක් නින්ද නොගිය බව සුමංගල විලාසිනි අටුවාවේ සඳහන් වේ.
භික්ෂූන් අටනමක් පැමිණ අභිධර්මය සඡ්Cධායනා කිරීමෙන් පසු රජුට නින්ද ගිය
බව ද එහි සඳහන් වේ. දුටුගැමුණු රජ දවස රෝහණයේ වැඩ විසූ තලංගර තිස්ස,
පබ්බතවාසී ධම්මදින්න, මලයදේව තෙරුන් ගැන සම්මෝහ විනෝදනී අටුවාවේ සඳහන්.
දිනක් තිස්ස මහා විහාරයට යන ගමනේදී අරහත් ධම්මදින්න තෙරුන්ට, චිත්තල
පබ්බත විහාරයේ භික්ෂුවක්, තමන් රහත් යෑයි වැරදි දෘෂ්ඨියක සිටියදී එය දුරු
කළ ආකාරය ද පපංච සුදනි අටුවාවේ සඳහන් වේ. දුටුගැමුණු රජු සමයේ විසූ
මලියදේව තෙරුන්ගෙන් බණ ඇසූ, ස්ත්රියක් සෝවාන් වූ බවද, මනෝ රථ පුරනි
අටුවාවේ සඳහන් වේ. දක්ෂ ධර්ම කථිකයකු වූ මලියදේව තෙරුන් සිතුල්පව්වේදී
මහලු තෙරනමක් ස්නානය කරවා පිරිසිදු කළ බව ද එහි විස්තර වේ.
මහා
ථුලස්සදේව තෙරුන් විහාරමළුව අමදිද්දී රහත් බවට පත්වූ බවද, සුමංගල
විලාසිනියේ සඳහන් වේ. දුටුගැමුණු රජු සමයේ රෝහණය සහිත විහාරවල වැඩ විසූ
විවිධ රහත් තෙරුන් පිළිබඳ පුවත් මනෝරථපුරණි, පපංචසුදති, සමන්තපාසාදිකා,
සුමංගල විලාසිනි ආදී අට්ඨකථාවල දක්නට ඇත. එකල භික්ෂූන් මෙන්ම
භික්ෂුණීන් ද දහස් ගණනක් එම විහාරවල වැඩ සිටි පුවත් දීපවංස, මහා වංශ
මෙන්ම එම අට්ඨකතා ග්රන්ථවල ද පසුබිම් වේ. කෝටි පබ්බත, මණ්ඩලාරාම තලංගර
ආදී විහාර ගැන ද අටුවාවද සඳහන් වේ. සද්ධාතිස්ස දැඩි ත්යාගශීලී
ශ්රද්ධාගුණය පපංච සුදනී, සම්මෝහ විනෝදනී අටුවාවල සඳහන් වේ. දහර
භික්ෂුවක් ලෝවා මහා ප්ර්රසාදයේ සිටි තරුණ ස්ත්රියක් දෙස රාග සිතින්
බලා, ඇයට ද රාගය උත්සන්න වී දෙදෙනා මරණයට පත්වූ පුවතක් මනෝරථ පුරණි
අටුවාවේ සඳහන් වේ. සද්ධාතිස්ස සමයේ සිටි ජනප්රිය ධර්ම දේශකයකු වූ කාල
බුද්ධරක්ත තෙරුන් ෙච්තිය පබ්බත විහාරයේ සිට දම් දෙසූ පුවතක් ද පපංච
සුදනියේ සඳහන් වේ.
සුප්රසිද්ධ බැමිණිතියාසය නම් දරුණු දුර්භික්ෂ
සමයේ වනගතව වැඩසිටි රහතුන් සහ මිනිසුන් විඳි අප්රමාණ දුෂ්කරතා ගැන සම්මෝහ
විනෝදනී අටුවාවේ සඳහන් වේ. තිස්සමහාරාමයේ සහ සිතුල්පව්වේ දොළොස් දහස
බැගින් රහතුන් වහන්සේ වැඩ විසූ පුවතක් ද එම අටුවාවේ සඳහන් වේ. කාචරගාමයේ
විසූ නාග නම් තෙරණියට උපස්ථාන කිරීමට නොහැකිව එගම් වැසියෝ රහසින් පලාගිය
පුවතක් ද මනෝරථපුරණියේ එයි. දොළොස් අවුරුද්දක් පුරා පැවැති දුර්භික්ෂ
සමයේ මලය රටට පැමිණි භික්ෂූන් විවිධ ක්රමවලින් ධර්මය සඡ්ධායනා කරමින් තම
තමන්ගේ ධර්ම කොටස් ආරක්ෂා කළහ. මෙසේ ත්රිපිටකය සහ අට්ඨකථා රැකගත් අතර
මහා නිද්දේස පාලිය වන පොත් කළ එකම භික්ෂුව වූයේ මහාරක්ත තෙරුන් බව
සමස්න පාසාදිකාවේ සඳහන් වේ. බ්රාහ්මණතිස්ස කැරලිකරුවා මියගිය පසු,
බැමිණිතියාසය අවසන් විය. වළගම්බා රජු යළි රජ විය. තිස්ස නම් කැරලිකරුවා
මරා දමන ලද්දේ ද්රවිඩ ආක්රමණිකයන් බව මහා වංශයේ පවසයි. වලගම්බා රජ වීමෙන්
පසු තත්ත්වය යහපත් විය. රට හැර ගිය භික්ෂූහු පෙරළා වැඩියහ.
දඹදිව
ගිය භික්ෂූන්ද, ලක්දිව විසූ භික්ෂූන්ද, ත්රිපිටකය යළි කටපාඩම් ගනිද්දී,
දෙපක්ෂයම සමාන විය. ප්රතිපත්ති ශාසනයට වඩා පර්යාප්ති ශාසනය බලවත් වූයේ
මෙකලය. විනයෝ කමා සාසනස්ස ආයු "පාඨය යටපත් වී සූත්ර පිටකය ඉස්මතු විය.
වළගම්බා රාජ්ය සමයේ බෞද්ධ ඉතිහාසයේ සිදු වූ ප්රබල සිදුවීමක් ලෙස එය
සැලකෙන බව ද මනෝරථ පුරණි අටුවාවේ සඳහන් වේ.
භාතිකාභය (ක්රි.ව.
38-66) මහා සෑ මළුවේ දෑසමන මල් රෝපණය කළ බව මනෝරථ පුරාණයේ සඳහන් වේ. ගව
මස් කෑම දඬුවම් කළ යුතු වරදක් බවට ද එතුමා පත්කළ බව සම්මෝහ විනෝදනී
අටුවාවේ සඳහන් වේ. මහා විහාරයේ විනය ඉගැන්වූ තෙරුන් අතර ප්රධානියා චූලාභය
සුමන වූ බව සමන්තපාසාදිතාවේ සඳහන් වේ. මහාදාඨික මහානාග රජු (ක්රි.ව.
67-79) දවසක, අම්බස්ථල සුථූපය සාදා එහි ගිරිගණ්ඩ පූජා උළෙල පැවැත්වූ බව
මනෝරථපුරණි, පපංචසුදානි අටුවාවල සඳහන් වේ. ෙච්තිය පබ්බතයේ පියංගු ගුහා නම්
ගුහාවක් ඇති බවත් ලෝමපනාග තෙරුන් එහි වාසය කළ බව ද පපංචසුදානි අටුවාවෙහි
සඳහන් වේ. දුටුගැමුණු රජු දවස ෙච්තිය පබ්බතයේ මලියදේව තෙරුන් ජජක්ක
සූත්රය දේශනා කළ බව ද සැටනමක් රහත් වූ බව ද එහි කියවේ.
සද්ධාතිස්ස
රජු කාල බුද්ධරක්ත තෙරුන් කෙරෙහි පැහැදී සිටි බව ද එහි සඳහන් වේ.
කූටකණ්ණතිස්ස රජු දවස සෑගිරිය කොල්ලකෑමට පැමිණි සොරුන්ට, දීඝභාණක
අභයතෙරුන් ආදරයෙන් සංග්රහ කළ බව ද, පසුව සොරමුළ එම විහාරයේ ආරක්ෂකයන් වූ
බව ද, සමන්තපාසාදිකාවේ සඳහන් වේ. ද්වාරමණ්ඩල නම් ග්රාමයේ තරුණ විශාල
පිරිසක් පැවිදි වූ බව ද එහි සඳහන් වේ. මහා විහාරය කීර්තිමත් ආයතනයක් බවද,
පියංගු පිරිවෙණ නම් ගොඩනැඟිල්ලක් එහි වූ බව ද, සම්මෝහ විනෝදනියේ සඳහන්
වේ. නව මහල් ගොඩනැඟිල්ලක් වූ ගල් කණු එක්දහස් හයසීයකින් ලෝවාමහා
ප්රාසාදය මහා විහාරයේ උපෝසථාගාරය වූ බව ද ධම්මපද අටුවාව පවසයි. මහා
විහාරිකයන් එහි කළ ධර්ම සංගීතයක් ගැන සුමංගල විලාසිනියේ සඳහන් වේ.
මහා
ෙච්තිය හෙවත් රත්නමාලී ෙච්තිය ගැන ද සමන්තපාසාදිකා, මනෝර්ථපුර්ණි අටුවාවල
සඳහන් වේ. දීඝජන්තු නම් දමිළයා සුමනසිරි (සමනොළ) විහාරයේ ආකාශ ෙච්තියට
රතුපාට වස්ත්රයක් පූජා කළ බව ද මනෝරථ පුරාණයේ කියවේ. දීඝජන්තු එළාරගේ
ප්රධාන සටන්කරුවා වේ. මලියදේව තෙරුන් මුතියංගනයේදී ද ජජක්ක සූත්රය දේශනා
කළ බව පපංච සුදනි අටුවාවේ විස්තර වේ. අනුරාධපුරයට මහා විහාරය මෙන් රෝහණයට
අග්ර ස්ථානයක් වූ තිස්ස මහා විහාරයේ දොළොස් දහසක් භික්ෂූන් වැඩ
විසූ බව අටුවාවල සඳහන් වේ. මහින්දාගමනයත් සමඟ මුළු සිරිලක පුරාණ විහාර ආරාම
ඉදිවිය. මේවායේ දහස් ගණනක් භික්ෂූන් විසූහ. භික්ෂූන්ට සිව් පසයෙන් ඇප
උපස්ථාන කිරීම ගෘහස්ථ ජනතාවගේ යුතුකමක් වශයෙන් සැලකීය. භික්ෂූන් මෙන්ම
භික්ෂුණියන් දහස් ගණනක් ශාසනික වත්පිළිවෙත්වල නිරත වූහ. ත්රිපිටකය
ග්රන්ථාරූඪ කිරීමට පෙර, භානක පරම්පරා විසින් මෙකල ධර්මය ආරක්ෂා කරගන්නා
ලදී. මඡ්Cධිම භාණක රේවත හිමියන් මඡ්Cධිම නිකාය කටපාඩමින් ප්රකාශ කළ බව
විසුද්ධි මග්ගයේ සඳහන් වේ. කල්යාණියේ සිට නාගදීපය දක්වා එකම
ඝණ්ටානාදයක් පැවැති බව සංයුක්ත නිකාය අට්ඨකථාවේ සඳහන් වේ. චිත්තගුප්ත
තේරුන් සැට අවුරුද්දකට වැඩි කලක් කරණ්ඩක නම් ගුහාවේ බණ භාවනාවල නිරත
වූවන් එම ලෙන් බිත්තිවල තිබූ සිතුවම් නොදැක තිබූ බව ද විසුද්ධි මග්ගයේ
සඳහන් වේ. එතුමන් සතු ඉන්ද්රිය දමනය එමගින් පැහැදිලි වේ. බුදුගුණ ඇතුළත්
"ඉට්ථිපොත්ථක" නම් ග්රන්ථයත් අරණි (ගිනි) සුචි (ඉඳිකටු) සිප්ඵලක (කතුර)
සිපාටිකා (දැලි පිහිය) නඛච්ඡේදන (නියකපනය) ඇතුළු භාණ්ඩ කීපයක් පමණක්
පසුම්බියක දමාගෙන පරිහරණය කිරීම එකල භික්ෂු ජීවිතයේ චාරිත්රයක් වූ බව
පපංච සුදති අට්ඨකථාවේ සඳහන් වේ.
ගෘහස්ථ ජීවිතය ද ශ්රද්ධාවෙන්
පිරිපුන් එකකි. දුට්ඨගාමිණී, සද්ධාතිස්ස, සංඝබෝධි, භාතික වැනි නරවිරුවන්
ඇති කළ ජීවන ක්රමය ගිහි ජනතාවට පුරුදු පුහුණු විය. පිංහගල බුද්ධ රක්ත
තෙරුන් සමීපයේ පන්සිල් සමාදන් වූ ගොවියකු, පිඹුරකු විසින් වෙලාගත්
අවස්ථාවේ පිඹුරා ඝාතනය කිරීමට අකමැති වූ බව පපංච සුදනියේ සඳහන් වේ. ආමණ්ඩ
ගාමිණි රජතුමා මුළු රටේම මාංස භක්ෂණය තහනම් කළ බව මහාවංශයේ 35 පරිච්ඡේදයේ
සඳහන් වේ. කුල භේදය ඉන්දියාවේ තරම් ලංකාවේ නොතිබුණත් යම් තරමකට කුල වර්ගය
පදනම් කරගත් ක්රියාකාරකම් තිබූ බව හෙළිවේ. අනුරාධපුර කේවට්ටවීදිය (මසුන්
මරන්නා) ද, වෙස්සගිරි විහාරය තුළ වෙළෙඳ කුලයට අයත් පන්සියයක් දෙනා පැවිදි
වී සිටීම පිළිබඳ පපංචසුදනි අටුවාවේ එන තොරතුරු ද මෙහිලා වැදගත් වේ. දාසයකු
පැවිදිවීමෙන් පසු ස්වාමියාගේ අවසර නොගෙන පැවිදිවීම නිසා, එය විනය විරෝධී
බව හෙළිවීමෙන් පසු, ස්වාමියාගේ අවසරය ලබාගත් ආකාරය ද සමන්ත පාසාදිකාවේ
සඳහන් වේ.
ගොයම් කෙතක් රකිමින් සිටි දැරියක් විසින් ගායනා කළ,
ජනකවි අසා, භික්ෂූන් හැටනමක් රහත් වූ පුවතක් පරමත්ථජෝතිකා අටුවාවේ සඳහන්
වේ. කැස්සක් හෝ කිවිසුමක් යන විට "නමෝ බුද්ධානං" යෑයි පැවසීමේ සිරිතක්
අනුරාධපුර යුගයේ තිබූ බව සුමංගල විසාලසිනී නාම දීඝනිකාය අට්ඨ කථාවේ සඳහන්
වේ. පැවිදි සමාජය විසින් ගිහියාගේ කටයුතුවලට උදව් උපකාර කරන ලදී.
දුට්ඨගාමිණී රජතුමා භික්ෂූන් ලවා ධර්ම දේශනා කිරීමේ ක්රමය ආරම්භ කරන
ලදී. බුද්ධදාස රජු ද ධර්ම දේශනා ධර්ම දූත සේවාව ආරම්භ කර, ධර්ම දේශකයන්
සඳහා වැටුප් ලබාදුන් බව මහාවංශයේ (37 පරි.) සඳහන් වේ. ගමේ සුදුසු ස්ථානයක
මණ්ඩපයක් සදා මුළු රැය පුරාම ධර්ම දේශනා පැවැත්වූ බව සම්මෝහවිනෝදනී
අටුවාවේ සඳහන් වේ. දවල් කාලයේ දම් දෙසන්නා දිවා කථික නමින්ද, ඉන්පසු පද
විස්තර කරන්නා" පද භාණක යනුවෙන් ද අවසානයේ රාත්රි ධර්ම දේශනා කරන්නා ධම්ම
කඨික යනුවෙන් ද හැඳින්වූ බව මනෝරථ පුරණි අට්ඨකථාවේ සඳහන් වේ.
සිල්වත්
ගුණවත් බහුශ්රැත භික්ෂූන් ග්රාමීය ජනතාවගේ ගුරුවරු වූහ. දේශපාලන
කටයුතුවලට ද භික්ෂුව මැදිහත් විය. දුට්ඨගාමිණී රාජ සමයේ සිට එවැනි
තොරතුරු දක්නට ලැබේ. සද්ධාතිස්ස රජුගෙන් පසු රජකම හිමිවිය යුතුව තිබුණේ
ලඤ්ජිතිස්ස කුමරුටය. එහෙත් භික්ෂූන් මැදිහත් වී බාල පුතු ථුලතන කුමරු
රජකමට පත්කරන ලදී. සති හයකින් යළි ලඤaජිතිස්ස කුමරු රජකමට පත්වී
භික්ෂූන්ට හිරිහැර කළ බව ද මහා වංශයේ සඳහන් වේ.
ආගමික පුද පූජා ද
මහින්දාගමනයත් සමඟ ආරම්භ වී ඇත. චෛත්ය වන්දනාව බොහෝ පිං දහම් සිදුවන
පුණ්ය කර්මයක් ලො අට්ඨකථාවල සඳහන් වේ. විශාල දාගැබක් නම් තුන් වරක්
ප්රදක්ෂිණා කොට, සතර තැනකට වැඳිය යුතු බවත් සම්මෝහ විනෝදනී අටුවාවේ සඳහන්
වේ. චෛත්යයක් වන්දනයට ගිය අයකු අතරමගදී මියගියහොත් එකෙණෙහිම සුගතියෙහි
උපදින බවත් සුමංගල විලාසිනී අටුවාවේ සඳහන් වේ. බුදුරදුන්ගේ අකු ධාතුව නිධන්
කර දේවානම්පියතිස්ස රජු ථූපාරාමය කරවූ බව සමන්තපාසාදිකාව කියයි. දන්ත
ධාතුව වැඩම කරවන ලද්දේ ඉන් ශත වර්ෂ පහකට පමණ පසු, කීර්ති ශ්රී මේඝ වර්ණ
රජු සමයේදීය. අනුරාධපුර දන්ත ධාතුඝරයේ තැන්පත් කරන දළදාව වර්ෂයක් පාසා
අභයගිරියට ගෙන ගොස් පුද පූජා පවත්වති. දළදා ප්රදර්ශනයට දස දිනකට පෙර
අණබෙර කරුවකු ලවා එම පණිවිඩය ජනතාවට දැනුම් දෙති. නගරය ඒකාලෝක කරති. ජාතක
කතා ඇතුළත් සිතුවම්වලින් මග දෙපස අලංකාර කරති. සුවඳ පැන් ඉස, සුවඳ පුෂ්පයෝ
විසුරුවා දින අනූවක් දළදාව මහජනයා සඳහා ප්රදර්ශනය කරති.
බුදුරදුන්
දන් වැළ» පාත්රයද, දේවානම් පියතිස්ස රජ දවස ලක්දිවට වැඩම කරවන ලදී.
සිරිමහාබෝධි ආගමනය ද, බුද්ධ ප්රතිමා වන්දනය ගැන ද වසභ රජු දවස කරවූ පිළිම
ගෙවල් ගැන ද පිරිත් සඡ්Cධායනා පිංකම් ගැන ද තොරතුරු සාරත්ථපකාසිනී,
සමන්තපාසාදිකා යන අට්ඨකථාවල තොරතුරු සඳහන් වේ. ලක්දිව බුදුසමයට දේව
සංකල්ප ඉස්මතු වී ඇත්තේ හින්දු බලපෑම් නිසාවෙනි. බුදුදහම තුළ සතර වරම්
දෙවිවරු ගැන තොරතුරු සඳහන් වන නිසා මහා පරිමාණයෙන් නොව සරු ලෙස දෙවි
දේවතාවුන් වෙනුවෙන් බැතිබර දායකත්වයක් පිරිනමා ඇති බව මහාවංශය වැනි වංස
කතාවලින් අනාවරණය වේ. ජාතික සහ ආගමික තොරතුරුවල විකාශය පැහැදිලි කර
ගැනීමේදී අට්ඨකථා මූලාශ්ර ලෙස භාවිත කළ හැකි බව ඒවා පරිශීලනයෙන් පැහැදිලි
වේ.(2011-11-16)