ජාතිකත්වය වෙනුවෙන් හිස දුන්
වීරයා
පසුගිය
දිනට (26 දා) යෙදුණු
වීර කැප්පෙට්ටිපොල
දිසාවගේ 192 වැනි ගුණ සමරුව
නිමිත්තෙනි...
1817 - 1818 ඌව වෙල්ලස්ස මහ කැරැල්ල යම් යම් හේතුමත අසාර්ථක
වීම අපේ දේශයේ තීරණාත්මක කඩ ඉමකදී සිදු වූ එක් අභාග්‍ය
සම්පන්න සිදු වීමකි.
කැරැල්ල මෙහෙයවු කැප්පෙට්ටිපොල, මඩුගල්ල හා පිළිමතවලව්වේ
දිසාව ඇතුළු 18 දෙනකු කැරළිකාරයන්, පෙරළිකාරයන් සහ බ්‍රිතාන්‍ය
මහරජතුමාගේ සතුරන් හැටියට නම් කරමින් ඉංග්‍රිසි ආණ්ඩුකාර
රොබට් බ්රවුන්රිග් විසින් ආඥ පත්‍රයක් නිකුත් කළේය.
කැප්පෙට්ටිපොල මඩුගල්ලේ හා පිළිමතලාවේ දිසාවන්ගේ හිස්
වෙනුවෙන් ඔවුන් අල්ලාදෙන කෙනකුට පගෝදි 1000 බැගින් තෑගි දෙන
බවටත්, කිවුලේ ගෙදර මොහොට්ටාල අල්ලා දෙන අයෙකුට පතාග 500
ක්ද, ඇල්ලේපොල අදිකාරම්තුමා අල්ලා දෙන කෙනෙකුට රික්ස් ඩොලර්
1000 ක් තෑගි කරන බවටත් මෙම ආඥ පත්‍රයේ සඳහන් විය.
කැරැල්ල අසාර්ථක වී ඇති නිසා මෙම 18 දෙනා පරවහගම ගම්මානයේ වෙත
පසු බැස්සේය. කැප්පෙට්ටිපොල දිසාවට තිබු ඥති සම්බන්ධතාවයක්
මත මෙම ගම්මානය තෝරා ගෙන ඇත.
මෙම ගම්මානය එකල හඳුන්වා ඇත්තේ වඩිගමංගාව නමිනි. අතීතයේදී වඩිග
පරපුරට අයත් රජවරු මෙම ප්‍රදේශය සමග විවිධ සම්බන්ධතා පැවැත්වු
නිසා එකල මෙම ප්‍රදේශයට වඩිගමංගාව යෑයි කියනු ලැබූ බව පැරණි
තොරතුරුවලින් හෙළිදරව් වේ.
අනුරාධපුර හා මාතලේ දිස්ත්‍රික්ක දෙක වෙන්වන කහගල්ල කඳු අසල
මෙම වඩිගමංගාව පිහිටා තිබේ. පරවහගම නමින් හඳුන්වන මෙම ගම්මානය
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට
අයත්වේ. කලාවැව සිට කිලෝ මීටර් දහයක් පමණ ගියතැන මෙම පරවහගම
ගම්මානය හමුවෙන අතර මෙහි ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 500 ක්
පමණ දුරින් වන ලැහැබින් වටවූ ප්‍රදේශයක කැප්පෙට්ටිපොලගේ
පිළිරුවක් තනා ඔහුව අත්අඩංගුවට ගත් ස්ථානය බවට සනාථ කර ඇත.
එම ග්‍රාමයේ කැප්පෙට්ටිපොල දිසාවගේ ඥති සහෝදරියකගේ වලව්වක්
තිබූ නිසා මෙම පිරිස පරවහගමට පසුබැස ඇත. එමෙන්ම මෙම විරුවන්
ගමට පැමිණි දා සිට ගම්වාසීන් රැකවරණය ලබාදී ඇත. පාරවල් හරහා
ගස් කපා දමා, කාණු කපා වැටියොදා සියලු පැතිවලින් ආරක්ෂා කොට
පාරවල් වසා දමා ඇත. පාරවල් වැසූ ගම යන අර්ථයෙන් මෙය පරවහගම වූ
බව එම ගම්වැසියන්ගේ මතයයි.
මාසයක පමණ කාලයක් මෙම ගමේ සිටින අතර කෑම බීම සපයා ඇත්තේ ඥති
සහෝදරිය විසිනි. ගම්වාසීන් ආරක්ෂාව සපයා ඇත. දැනට වලව්වක්
තිබු බවට සාධක කිසිවක් ෙනැමැතිවුවත් පැරණි අය පවසා තිබුණේ
මෙහි වලව්වක් පමණක් නොව පිටස්තර අයට නැවතීමට හැකි මඩුවක්ද
සාදා තිබූ බවය. මරක්කල වෙළෙන්ඳෙක් මෙම මඩුවේ නැවතීම සඳහා එම
දිනවල මෙම ගමට පැමිණ ඇත. ගම්වාසීන් විසින් ඔහුට පවසා එම දිනයේ
තොවිලයක් ඇති බැවින් නවාතැන් දිය නොහැකි බවය. පාරවල් හරස්කර
තිබෙන ආකාරයෙනත්, නවාතැන් දීම ප්‍රතික්ෂේප කළ ආකාරයෙනුත්,
ඔහුට කිසියම් සැකයක් ඇති වී ඇත. රාත්‍රිය වනතුරු වන ලැහැබක
සැඟවී සිටි ඔහු රාත්රියේදී වලව්ව ආසන්නයට පැමිණ කුමක්ද
සිදුවන්නේ යන්න බලා සිට ඇත.
කැප්පෙට්ටිපොල ඇතුළු පිරිස වලව්වට එනු දුටු ඔහු මොවුන් ඇල්ලීම
සඳහා ඉංග්‍රිසීන් විසින් සකස්කර ඇති ආඥ පත්‍රය සිහිවිය.
මොවුන් අල්ලා දුනහොත් තෑගි ලබා ගැනීමට හැකිවේයෑයි සිතූ ඔහු එම
රාත්‍රියේම සැතපුම් 16 ක් පයින්ම මානාවේ කඳුවුරට ගොස් ඔත්තුව
දුන්නේය. ලෙප්ටිනන්ට් විලියම් ඔනිල් ඇතුළු 30 දෙනෙකුගෙන් යුත්
භට කණ්ඩායමක් එකෙණෙහිම පරවහගම බලා පිටත්විය. ඔක්තෝම්බර් 28
වැනි දින අලුයම පැමිණි එම භට කණ්ඩායම වලව්ව වටලන ලදී.
පිළිමතලව්වේ දිසාව ඔත්පලව යහනක වැතිර සිටියේය. මඩුගල්ලේ දිසාව,
දේදුණුපිටියේ මොහොට්ටාල, වේගුරු ආරච්චි, උඩුගම මොහොට්ටාල,
කෙම්පිටියේ මොහොට්ටාල, කුඩාගම මුහන්දිරම්, දුල්ලෑවේ
මොහෙට්ටාල, අම්ගොල මොහොට්ටාල, ඉරවතුරේ මොහොට්ටාල,
කුරුක්කුඹුරේ මොහොට්ටාල, හොරොම්බාවේ මොහොට්ටාල, බොරු වැවේ
කෝරාල, මොරවැවේ මොහොට්ටාල, කුච්චලවින්නේ මොහොට්ටාල, මැදගම
මොහොට්ටාල, හේවාපොල මොහොට්ටාල යන 16 දෙනා පලා ගියහ.
ඔවුන් සමග පැප්පෙට්ටිපොල පැනයැමට කොතෙකුත් ඉඩ ප්‍රස්ථාව
තිබුණත් ඔත්පලව සිටි තම සගයාව දමා යැමට තරම් ඔහුගේ සිත ඉඩ
දුන්නේ නැත. කැප්පෙට්ටිපොල දිසාව ඉදිරියට පැමිණ "මම තමයි
කැප්පෙට්ටිපොල" යනුවෙන් අභීතව ඉදිරිපත් වී ඉංග්‍රිසී හමුදාවේ
අත්අඩංගුවට පත්විය. රෝගාතුරව කවිච්චියක සැතපී සිටි පිළිමතලාවේ
ද අත්අඩංගුවට ගන්නා ලදී. ඊට තෙදිනකට පසු පැනගිය මඩුගල්ලේ දිසාව
ප්රමුඛ කැරලිකරුවන් පිරිස මාතලේදී අත්අඩංගුවට ගෙන ඇත.
තමා ලත් අනපේක්ෂිත ජයග්රහණයෙන් ලෙප්ටිනන්ට් විලියම් ඔනිල්
අමන්දානන්දයට පත්විය. ඔහු අප්‍රමාදව මේ කටයුත්ත පිළිබඳව
වාර්තාවක් සකස්කොට පරවහගම සේනාංකය භාරව සිටි කපිතාන්
ප්‍රේෂර් වෙත යවන ලදී. කපිතාන් ප්‍රේෂර් ලෙප්ටිනන්ට් ඔනිල්ගේ
නිර්භීත ක්‍රියාව අගය කර මෙම සිරකරුවන් මහනුවරට ගෙන ඒ මේ අවසරය
පතා සංදේශයක් සත් කෝරළය භාරව සිටි අණදෙන නිලධාරී හුක් වෙත
යෑව්වේය. ඔහු විසින් විශේෂ සංදේශයක් පිළියෙළ කර ආණ්ඩුකාර
බ්‍රවුන්රිගේ වෙත වහාම යවන ලදී. එම සංදේශයේ සිංහල පරිවර්තනය
මෙසේය.
1818 ඔක්තොම්බර් 30 වැනිදා
කුරුණෑගල
උතුමාණෙනි,
තියුණු බුද්ධියෙන් හා අභීත රණකාමීත්වයෙන් හෙබි ඒ අසමසම නිලධාරී
ප්රේෂර්ටත් එසේම ඔහුගේ සංවිධානය යටතේ කටයුතු කළ නිලධාරී
පිරිසටත්, යුක්තිය ඉටු කරලීමේ කිසිම දෙයක් ගැන සිතීමට පවා මම
අපොහොසත්ව සිටින්නෙමි. මේ සේනාංකයේ සියල්ලන් තුළම පැවැති ආත්ම
ශක්තිය නිසාම බිහිසුණු කාලගුණ තත්ත්වය, වෙහෙස හා අනෙකුත් හැර
හිරිහැර බාධාවක්ම පරාජය කොට වර්ණනා විෂයාත්රිකාන්ත වූ මා
හැඟි ජයග්රහණයන් ඔව්හු අත්කොට ගත්හ. මේ විජයග්‍රහණය ඔබතුමාගේ
ද අමන්දානන්දයට හේතුවනු නිසැකය. එසේම අප මහ රජතුමාණන්ටද එය
විජයග්‍රහණයකි.
ඔවුන් වෙනුවෙන් මවිසින් යවන ලද ආහාරපාන පවා අයහපත් කාලගුණය
හේතුකොට මගරැඳී ඇති බව පවසන්නේ ඉමහත් සිත් වේදනාවෙනි. සම්පූර්ණ
විජයග්‍රහණය පිළිබඳ විස්තර අඩංගු ප්රේෂර්ගේ සංදේශයක්,
ලෙප්ටිනන්ට් ඔනිල්ගේ සංදේශයත්, ඔබ තුමන්ගේ සැළකිල්ලට භාජනය
වනු පිණිස මේ සමග එවමි. ඔබතුමාගේ අණ ලැබෙනතුරු සිරකරුවන් මෙහි
රඳවාගන්නෙමි.
ඔබතුමාගේ යටහත් සේවක, ඇල්. හුක්.
හතර කෝරළයේ අණදෙන නිලධාරී තැන
බ්රවුන්රිග් ආණ්ඩුකාරයා මේ ලිපිය ලැබීමෙන් පසු ප්‍රීතියෙන්
ඔඳවැඩී ගියේය. ඔක්තොම්බර් 31 දින මුළු දිවයින පුරා සෑම
කඳවුරකම ජය සමරන ප්‍රීති උත්සව දිනයක් සේ සලකා විශේෂ
නිවේදනයක් නිකුත් කළේය. එසේම සිංහලේ විමුක්ති සටනේ ප්රබලතම
බලකනු දෙකක් වූ කැප්පෙට්ටිපොල හා පිළිමතලාව සිරභාරයට ගැනීම
ගැන විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කළේය.
මහනුවරට ගෙනඑන ලද මෙම වීරයන් දෙදෙනා මහනුවර කඳවුරක සිරකරන
ලද්දේය. නීතියානුකූල ලෙස පිහිටුවාගත් මහ රජාණන් වහන්සේගේ
ආණ්ඩුව පෙරළීමේ අදහසින් යුද්ධ ඇති කිරීම ගැන කැප්පෙට්ටිපොලට
විරුද්ධව නොවැම්බර් 13 වැනි දින යුද්ධාධිකරණය මගින් නඩු විසඳන
ලදී. මෙම යුද්ධාධිකරණයේ සභාපති හැටියට ලෙප්ටිනන්ට් කර්නල්
කෙලී සහ නියෝජ්‍ය විනිශ්චයකාර අධිනීතීඥ ලෙස ඩබ්ලිව් එච්.
ක්ලේදර් පත්කොට සිටියේය.
මොනරවිල කැප්පෙට්ටිපොල දිසාවතුමා හමුදා රැකවරණ සහිතව
ඉංග්‍රීසීහු යුද්ධාධිකරණ ශාලාව වෙත කැඳවාගෙන ආහ. ඔහුට විරුද්ධව
නගා තිබූ චෝදනා අධිකරණය ඉදිරියේ කියෑවීමෙන් පසු විභාගය ඇරඹිණි.
චෝදනා 4 ක් ඔහු වෙත ඉදිරිපත් කර තිබිණි.
01. රාජද්‍රොaහියකු ලෙස රාජාඥවක් ප්‍රකාශයට පත් කරනු ලැබූ ඌවේ
හිටපු දිසාව වූ කැප්පෙට්ටිපොල නොහොත් මොනරවිල මහනිලමේ නමැති
යුෂ්මතා මහ රජ තුමාගේ නීත්‍යානුකූල ආණ්ඩුවට විරුද්ධය යුද වැදී
සටන් කිරීම.
02. එසේම මහනුවර රජකමට උරුමකම් ඇතැයි ව්‍යාජ නාමයකින් ඉදිරිපත්
කරන ලද ව්‍යාජ පුද්ගලයකු යටතේ පසුගිය අවුරුද්දේ දියබෙත්මේදී
සිංහලේ පළමුවන අදිකාරම් හෙවත් මහ ඇමැති පදවිය භාරගෙන සිංහලේ
පුරා රාජද්‍රොaහියකු ලෙස කටයුතු කිරීම.
03. එසේම පසුගිය ජූලි මාසයේදී කැරළිකාරයන් සමග හතර කෝරළයට වැදී
එහි වූ රාජ්‍ය පාක්ෂික යටත් වැසියන් ලවා නීත්‍යානුකූල
බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධ කැරලි සංවිධානය කිරීම.
04. මෙලෙසින් රාජද්‍රොaහි ක්‍රියා පටන්ගත් යුෂ්මතා බ්‍රිතාන්‍ය
මහරජතුමාට විරුද්ධව කුමන්ත්‍රණය කිරීම.
මෙහිදී දීර්ඝ නඩු විභාගයක් නොපැවැත්වූ අතර කැප්පෙට්ටිපොල
සියලු චෝදනාවලට වරදකරු බව යුද්ධාධිකරණය තීරණය කළේය.
ආණ්ඩුකාරතුමන්ගේ මනාපය අනුව එතුමන් විසින් නියම කරන ලද
ස්ථානයකදී මරණීය දණ්ඩනය දිය යුතුය. යනුවෙන් නියම විය.
නොවැම්බර් 16 වැනිදා චෝදනා විභාග කළ මඩුගල්ල දිසාවටද මරණීය
දණ්ඩනය දිය යුතුය යනුවෙන් නියම විය. පිළිමතලාවේටද මරණීය
දණ්ඩනය නියම වුවත් පසුව එම දඩුවම ලිහිල් වී රටින් පිටුවහල්
කිරීමට පියවර ගෙන ඇත.
සියලු දෙනාගේ නඩු විභාගවලින් පසු නොවැම්බර් 24 දා බ්රවුන්රිග්
ආණ්ඩුකාරයා නිකුත් කළ නිවේදනය අනුව කැප්පෙට්ටිපොල දිසාවටත්
මඩුගල්ලේ දිසාවටත් 1818 නොවැම්බර් 26 වැනි දින උදේ 8.00 ට
බෝගම්බර වැව අසල වධකාගාරයේදී මරණයට මුහුණ පෑ යුතුය යනුවෙන්
දන්වන ලදී.
1818 නොවැම්බර් 26 වැනි දින පාන්දර කැප්පෙට්ටිපොල හා මඩුගල්ලේ
දිසාවටත් ඔවුන්ගේ ඉල්ලීම පරිදි දළ¹ මාළිගාවට ගොස් වැඳ පුදා
එහි සිටි ස්වාමීන් වහන්සේලාගෙන් සුළු අනුශාසනාවක්ද අසා
සිටියහ. බොහෝ වේලාවක් දණ ගසාගෙන සිටි ඔහු නැගී සිට අසල සිටි
සෝයරස් මහතා දෙසට හැරී "මහත්මයාණෙනි මවිසින් මේ කරන ලද අවසාන
පුන්‍යකර්මයේ පින් ඔබටද අනුමෝදන් කරවන්නෙමි" කියා සිටියේය.
ඉන්පසු තමාගේ ඉන වටේ දවටාගෙන තිබූ වස්ත්‍රය වුණා මෙය කිළිටි
වී ඇතත් මා ළඟ ඇති එකම වස්තුව මෙය බැවින් පින් අඩු නොවේවායි
කියා පූජා කොට අවසාන වූ පසු සෝයරස් මහතාට හිස ගසා දමන
ස්ථානයට පැමිණෙන ලෙස ඉල්ලා සිටිමුත් ඒ මහතා ඉල්ලීම
ප්‍රතික්ෂේප කළේය.
වධක ස්ථානයට කැඳවාගෙන ආ පසු කැප්පෙට්ටිපොල නිලමේතුමන්
පැන්බඳුනක් ඉල්ලාගෙන අතපය මුහුණ කට දෝවනය කොට කොණ්ඩය උඩට
පීරා බැඳගෙන කිසිම තැති ගැන්මක් හෝ බියක් නොමැතිව වධකයා දෙසට
හැරී "දැන් මම මරණයට සූදානම්"යෑයි කියා සිටියේය. "ඉතිපිසෝ භගවා
අරහං" කියත්ම වැදුණු කඩු පහරින් ගෙල සිඳී ගියේය.
කැප්පෙට්ටිපොල නිලමෙතුමා තම මරණයට අභීතව මුහුණ දුන් අයුරු, තම
ඇසින් දුටු වෛද්‍ය හෙන්රි මාරිෂල් මහතා "මොහු කැරැල්ලෙන්
ජයග්‍රහණය කළේ නම් රාජද්‍රොaහියකු ලෙස හිස ගසා දමනු වෙනුවට
දේශප්‍රේමියකු ලෙස ගෞරවයට පාත්‍ර වනු නියත යෑයි කියා සිටියේය.
වෛද්‍ය හෙන්රි මාර්ෂල් විසින් කැප්පෙට්ටිපොල මහ නිලමගේ හිස්
කබල එංගලන්තයේ එඩිම්බරෝ නගරයේ පිහිටි කපාල විද්‍යා සංගමයේ
කෞතුකාගාරය වෙත යවන ලදී. එහිදී මෙම හිස් කබල විද්‍යාඥයන්ගේ
විශේෂ පරීක්ෂණයට භාජනය කරන ලදුව මෙම හිස්කබල හිමි තැනැත්තා
ලෝකයේ අතිශයින් විරල ගණයේ වීරයෙකු බව වෛද්‍ය හීල් මහතා විසින්
අනාවරණය කරන ලදී.
1948 පෙබරවාරි 04 දින ශ්‍රී ලංකාව ට නිදහස ලැබීමෙන් පසු ආපසු
මෙම හිස් කබල ලංකාවට භාර දෙන ලදී. නමුත් 1954 නොවැම්බර් 26
වැනි දින මහනුවර මහමළුවේ විශේෂ ස්මාරකයක් යට තැන්පත් කරන
ලදී. එදා සිට අද දක්වාම එම හිස්කබල එම ස්මාරකය තුළ
නිරුපද්‍රිතව ඇතැයි විශ්වාසයක් ඇති බැවින් එය පිටතට ගෙන
මහනුවර ජාතික කෞතුකාගාරයේ තැන්පත්කර මහජනතාවට නැරඹීමට ඉඩ
සැලැස්විය යුතුව ඇත. වසර ගණනාවක් තිස්සේම විවිධ ආයතන හා
සංවිධාන වලින් මෙම ඉල්ලීම කර ඇතත් අදාල බලධාරීන්ගේ නිසි
අවධානයක් ඊට යොමු වී නොමැති බව පෙනේ.
|
|
ඓතිහාසික දන්තුරේ හටන
ක්‍රි. ව. 16 සියවස වනතෙක් ලාංකීය දේශපාලනයට බලපෑම් කළේ
ඉන්දියාව ප්රමුඛ පෙරදිග රටවල්ය. නමුත් ක්‍රි. ව. 1505 පමණ
වනවිට පෙරදිගට පැමිණි පරංගින් තම ආයුධ බලය භාවිත කරමින් ඒ
ප්‍රදේශයේ රටවල් යටත්කර ගන්නට විය. එලෙස පෙරදිගට පැමිණි
ප්‍රතිකාලුන් ලාංකීය දේශපාලනයට තම බලය දිගු කරන්නට වූ අතර එහි
ප්‍රතිඵලය වූයේ ක්‍රි. ව. 1505 නොවැම්බරයේදී පමණ ලංකාවේ ගාලු
වරායටත් එතැනින් කොළඹ වරායටත් ආ පෘතුගීසීන් මෙරට දේශපාලනය සමඟ
යහන්ගත වීමය. නොසිතු ලෙස ලංකාවට ආ පරංගින් සමඟ මෙරට පාලකයන්
සමීප වීමත් සමඟ ඔවුහු අපේ දේශපාලනයට ඇඟිලි ගැසීමට පටන් ගති.
ප්‍රථමයෙන් කෝට්ටේ රාජ්‍යයටත් ඉන් අනතුරුව යාපනයටත් අවධානය
යොමු කළ පරංගි සීතාවක රාජසිංහ රජුගේ මරණයෙන් අනතුරුව සීතාවකටත්
තම බලය මුදා හළහ.

වසර 153 කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශය තුළ
(පාලනය හා සම්බන්ධව කටයුතු කළ පෘතුගීසීන් මෙරට තුළ ප්‍රධාන
සටන් කීපයකට සම්බන්ධ වී ඇත. ඒ
1. ක්‍රි. ව. 1561-62 අතර වූ මුල්ලේරියා වෙල සටන
2. ක්‍රි. ව. 1594 දී සිදුවූ දන්තුරේ සටන
3. ක්‍රි. ව. 1602/03 අතර සිදු වූ බලන සටන
4. ක්‍රි. ව. 1630 දී සිදුවූ රන්දෙනිවෙල සටන
5. ක්‍රි. ව. 1638 දි සිදු වූ ගන්නෝරුව සටන
යනාදියයි.
මේ සටන් අතුරින් පෘතුගීසීන් මුහුණ දුන්නා වූ ප්රබලතම සටන ලෙස
ඔවුන්ගේම ලේඛනයන් දක්වන්නේ දන්තුරේ නම් නූතන මහනුවර
දිස්ත්‍රික්කය ආශ්‍රිතව ඇති වූ සටනයි. පෘතුගීසි හමුදා
සෙබළෙක් වූ ජෝන් රැබෙයිරෝ නම් ලේඛකයා සිය කෘතිය වූ ලංකාවේ
කැරැල්ල හෙවත් ලංකාවේ ඉතිහාසයේ ෙ€දවාචකය නම් ග්‍රන්ථයේ මේ සටන
පිළිබඳ දක්වන්නේ මෙවන් අදහසකි.
"දුනු හී සහ තුවක්කු රැගත් හේවායෝ සැඟවී සිට අනාවරණව සිටි
හමුදාවට නොකඩවා පහර දෙන්නට වූහ. අපගේ සේනාව බලනට පැමිණීමට තැත්
කළ නමුත් විශාල සේනාවක් මාර්ගය අවුරා සිටින බව දක්නට ලැබිණි.
මේ අන්දමින් කපිතාන් ජෙනරාල් සහ ඔහුගේ බෑණනුවන් දෙදෙනාද ඇතුළු
අපගේ සියලු සෙනඟ මහත් අප කීර්තිමත් මරණයකට ගොදුරු වූහ."
(ලංකාවේ කැරැල්ල - ජෝන් රැබෙයිරෝ )
පෘතුගීසි ලේඛකයන්ගේ අදහසින්ම ඔවුන් පෙරදිගදී ලද අප කීර්තිමත්
පරාජය වන්නේ මෙයයි. අදින් හරියටම වසර 417 ට පමණ පෙර මහනුවර
දන්තුරේ වෙල්යායේදී සිදු වූ මේ සටන සිංහල ජාතියේ අනාගත පැවැත්ම
තීරණය කළ තීරණාත්මක සටනක් වුනි.
පෘතුගීසීන් පෙරදිගට පැමිණෙන්නේ ක්‍රි.ව. 1498 දී පමණය. ඔවුන්
පෙරදිගට පැමිණීමට ප්‍රධාන හේතුව වූයේ මුස්ලිම්වරුන් අත තිබූ
වෙළෙ¹ම සියතට ගැනීමයි. මුස්ලිම්වරු පෙරදිග වෙළෙඳාමෙන් ලැබූ
ලාභය තමන් සතුකර ගැනීම මෙහි ප්‍රධාන අරමුණ විය. එලෙස පැමිණි
පෘතුගීසීන්ට පෙරදිග දක්නට ලැබුණු දේශපාලන අස්ථාවරභාවයන්
තුළින් තම අරමුණ ඉටුකර ගැනීම පහසු බව දුටු විට ඔවුන් කළේ තම
ආයුධ බලය හා රාජ්‍ය තාන්ත්‍රිකභාවය භාවිත කරමින් ඒ රටවල්
යටත්කර ගැනීම හෝ තමන්ට අවනත රාජ්‍ය බවට පත්කර ගැනීමයි. එලෙස
ක්‍රියත්මක වූ ඔවුහූ ක්‍රි. ව. 1597 දී ලංකාවේ කෝට්ටේ
රාජ්‍යයද ක්‍රි.ව. 1619 යාපනය රාජ්‍යයද තමන් සතුකර ගන්නා ලදී.
එමෙන්ම ඔවුන් මහනුවර රාජධානිය තමන්ට අවනත රාජ්‍යයක් බවට පත්කර
ගැනීමට උත්සාහ දරන ලදී. ඒ සඳහා ඔවුන් යොදා ගත්තේ තම ආරක්ෂාව
යටතේ සිටි උඩරට කුමාරවරුන්ය. දන්තුරේ සටන ක්‍රි.ව. 1594
වර්ෂයේදී සිදු වූවද මෙහි මූලය ක්‍රි. ව. 1591 දක්වා ඈතකට
දිවයන්නේ ඒ නිසාය.
ක්‍රි. ව. 1591 වන විට සීතාවක I රාජසිංහ රජුගේ ක්‍රියාකාරකම්
නිසා උඩරට නෑකම් කියූ කුමාරවරු ගණනාවක් පෘතුගීසී ආරක්ෂාව
යටතේ රැකවරණ ලැබීය. ඔවුන් අතර යමසිංහ බණ්ඩාර, කොනප්පු
බණ්ඩාර, කුසුමාසන ආදීන් කැපී පෙනුණි. පෘතුගීසීහු කන්ද උඩරට
රාජධානිය තමන්ට අවනත රාජ්‍යයක් බවට පත්කර ගැනීමට යොදා ගත්තේ
මේ කුමාරවරුන්ය. අනෙක් අතට පෘතුගීසීන් තම ආරක්ෂාව පතා ආ
කුමාරවරු සිය ආගමට හරවා ගැනීමටද ක්‍රියා කරන ලදී. යමසිංහ
බණ්ඩාර දොන් පිලිප් ලෙසද කොනප්පු බණ්ඩාර දොන් ජුවන් නමින්ද
කුසුමාසන දොaන කතරිනා නමින්ද බෞතිෂ්ම කිරීමට පෘතුගීසීන්
ක්‍රියා කරන ලදී. එලෙස තම රැකවරණය යටතේ සිටි උඩරට
කුමාරවරුන්ගෙන් දොන් පිලිප් උඩරට රජ කරවීමේ අරමුණින්
පෘතුගීසීන් ව. 1591 දී උඩරටට ආක්‍රමණයක් දියත් කරන ලදී. එම
ආක්‍රමණයට ඔවුන් කොනප්පු බණ්ඩාර හෙවත් ඔස්ත්රියාවේ දොන්
ජුවන්ද සම්බන්ධ කර ගන්නවා දැකිය හැක.
මන්නාරමින් පිටත් වූ පෘතුගීසීන් මාතලේට ආසන්න මහකෝට්ටේ නගරයට
පැමිණ උඩරට රජු ලෙස දොන් පිලිප් රජ කරවන ලදී. නමුත්
පෘතුගීසීන්ටය තම අවසාන ඉලක්කය කරා ගමන් කිරීමට නොහැකි වූයේ
දොන් ජුවන් ඔවුන්ගේ අරමුණ බිඳ දැමීම නිසාය. මහා වංසය මේ
සිදුවීම වාර්තා කරන්නේ මෙසේය.
"ඒ බව දැනගත් ප්‍රතිකාලුන් මුළු ලක්දිවම හස්ත ප්‍රාප්ත කර
ගැනීමට කදිම මාර්ගයක් එළඹි බැව් දැන යුහුසුළුව කටයුතු කරන්නට
පටන් ගත්තේය. පළමුවෙන්ම යුද්ධ සේනාවකදු කැටුව මැන්ඩෝසා නම්
ප්‍රතිකාල් සේනාපති තැන නැවකින් යාපනයට ගොස් ඒ ප්‍රදේශය
යටත්කර ගත්තේය. ඉක්බිති සෙංකඩගල පුරයට හෙවත් මහනුවරට ගමන්
කරන්නට අදහස් කොට උඩරට වාසීන් අස්වසනු සඳහා යටකී දොන් ජෝන්
කුමාරයා සහ දොන් පිලිප් යන නාමයෙන් බෞතිෂ්ම ලැබ සිටි සිංහල
කුමාරයෙකුත් දූතයන් මෙන් පෙරටුව යෑවීය. ඊට පසු උඩරට වැසියන්ගේ
කිසිම විරුද්ධතාවයක් නැතිව සේනාපති තැන සහ ඔහුගේ සේනාවෝ
මහනුවරට නිරායාසයෙන් ඇතුල් වූහ. ප්රතිකාල්වරු දොන් පිලිප්
කුමාරයාට මහනුවර රජකමද දොන් ජුවන් කුමාරයාට අග්‍ර සේනාධිපති
ධුරයද භාරදී ඔවුන් දෙදෙනා ප්‍රතිකාල් ජාතියෙන් විනා අන්‍ය
ජාතියක ස්ත්‍රීන් සරණ පවා නොගන්නා ලෙස ගිවිස්සා ගෙන රාජසිංහ
රජුගේ යුද්ධ පටිපාටිය අවුල්කර දමන ලෙස ගිවිස්සා ගෙන ගන්නෝරුවේ
කූඩාරම් ගසාගෙන සිටියෝය. රාජසිංහ රජු විසින් මරවන ලද සුන්දර
බණ්ඩාරගේ පුත්‍රයා වූ දොන් ජෝන් කුමාරයා, දොන් පිලිප්
කුමාරයාට රජකම දීම ගැන කිපී පිලිප් රජු විෂයෙන් මරා රට
වැසියන්ගේ සම්මතයෙන් රජ බවට පැමිණියේය."
(සිංහල මහා වංසය - ප්‍රතිකාලුන්ගේ උෙද්‍යාaගය
පිටුව - 510)
මේ සිදුවීමත් සමඟ පෘතුගීසීන් දොන් ජුවන් කුමාරයා පිළිබඳ විරසක
විය. තමන්ට එරෙහිව කළ මේ කටයුත්තට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට
යුහුසුළු වූ ප්‍රතිකාලුන් මන්නාරමේ සිටි දොන් ජෝන්ද මේලෝ සෙනවි
තැනගෙන් ආධාර ඉල්ලා සිටියද ඒවා ලැබීමට පෙර දොන් ජෝන්
ප්‍රතිකාල් හමුදාවට ස්වකීය රාජධානියෙන් පිටවී යන ලෙස නියෝග
කළේය. එසේ නොවුනහොත් ඔවුන් සියල්ලම තමන් ඝාතනය කරන බවට රජු
ප්‍රකාශ කර ඇත. මේ බියට පත් ඇතැම් පෘතුගීසි භටයන් තමන් සතු
ඇතැම් පෞද්ගලික භාණ්ඩ පවා අතහැර කොළඹ නගරයට පලා ගොස් ඇත.
විමලධර්මසූරිය නම් පාලකයාට ක්‍රි. ව. 1592 දී සිදු කළ මේ
ක්‍රියාවත් සමඟ උඩරට බෞද්ධ ජන සහාය ලැබුනද අභියෝග කීපයකට
මුහුණදීමට සිදුවිය. ඒවා අතර
1. සීතාවක I රාජසිංහ රජුගෙන් ඇති වූ තර්ජනය
2. පෘතුගීසීන්ගෙන් එල්ල වූ අභියෝග
3. රාජත්වයට නිශ්චිත උරුමයක් නොමැතිවීම යනාදිය වැදගත් වේ.
ඕස්ත්රියාවේ දොන් ජුවන් හෙවත් විමලධර්මසූරිය නමින් උඩරට රජු
වූ කොනප්පු බණ්ඩාර යන්ගේ පියා වූයේ පේරාදෙණි පෙලපතකට සම්බන්ධ
වූ පේරාදෙණියේ වීරසුන්දර බණ්ඩාර නමැත්තාය. ඔහු ක්‍රි. ව. 1582
දී සීතාවක රාජසිංහ රජු විසින් තම උඩරට නියෝජිතයා ලෙස පත් කරන
ලද අයයි. නමුත් තමන්ට වඩා ඔහු උඩරට ප්‍රදේශයේ ජනප්‍රිය යෑයි
සීතා ක්‍රි. ව. 1585 දී ගොලැබොක්ක නම් ස්ථානයේදී බොරුවලක දමා
ඝාතනය කරවන ලදී. එලෙස තමන් විසින්ම ඝාතනය කරන ලද පුද්ගලයාගේ
පුත්‍රයා උඩරට තම බලය ලබා ගැනීම පිළිබඳ වූ උරණ වූ I රාජසිංහ
රජු පලමුව තම සේනාපතියා වූ අරිට්ඨ කීවෙන්ඩු යටතේද දෙවනුව තම
නායකත්වය යටතේද උඩරට ආක්‍රමණ මෙහය වූවත් ඒ දෙකම බලන කපොල්ලේදී
පරාජය විය. ක්‍රි. ව. 1592 ට ආසන්නයේ I රාජසිංහගේ මරණය
සිදුවීමත් සමඟ උඩරටට සීතාවකින් එල්ල වූ තර්ජන නතරව යනවා දැකිය
හැක.
නමුත් I විමලධර්මසූරිය රජුට පෘතුගීසීන්ගෙන් එල්ල වූ තර්ජනයන්
නතර වන්නේ නැත. මේ බල පැහැර ගැනීමත් සමඟ I විමලධර්මසූරිය රජුව
පෘතුගීසීන් තම ලේඛන තුළ හඳුන්වන්නේ උඩරට ෙද්‍රdaහියා යන
නාමයෙනි. තමන් යටතේ රැකවරණය ලැබ යුද ශිල්ප හදාරා තම හමුදාවක්ද
රැගෙන උඩරට ආක්රමරණය කළ මොහොතේදී තම ආක්‍රමණ විනාශ කිරීමට
කටයුතු කළ ඕස්ත්රියාවේ දොන් ජුවන්ගෙන් පළිගැනීමට පෘතුගීසීන්
ශක්තිමත් හමුදා නායකයෙක් මෙරටට පත්කර එවන ලදී. ඔහු අන්
කවරෙකුත් නොව පෙඩ්රෝ ලෝ පෙස්ද සූසා (Pedro Lopesda
Susa) නමැත්තාය.
පෙඩ්රෝ ලෝපෙස්ද සූසා මෙරට කපිතාන් ධුරයට පත්ව ඇත්තේ ක්‍රි. ව.
1592 ට ආසන්නයේදීය. මලක්කාවේ සිට ඉන්දියාවේ ගෝව බලා පිටත් වූ
නාවික නැවිපතියා ලෙස ඔහු මෙරටට පැමිණ ඇත. ලංකාවේ සිටින
පෘතුගීසීන් මුහුණ දී ඇති දුක්ඛිත තත්ත්වය වටහා ගත් මොහු එයින්
ඔවුන් මුදා ගැනීමට යෝජනාවක් කර ඇත. ඒ දැනට තමන් යටතේ මන්නාරම
ප්‍රදේශයේ රැකවරණය ලබන දෝන කතරිනා හරහා තම අවශ්‍යතා ඉටුකර ගත
හැකි බවයි. උඩරට රජ කරවන ඇය තම වංශවතෙකුට විවාහ කරදීම තුළින්
මුළු ලක්දිවම ප්‍රතිකාල් බලයට නතුකර ගත හැකි බව සූසාගේ අරමුණ
විය. සූසාගේ අරමුණ වී තිබුණේ දෝන කතරිනා හෙවත් කුසුමාසන දේවිය
තම බෑණාවරුන් දෙදෙනාගෙන් කෙනෙකුට විවාහ කර දීමය. සූසාගේ මේ
යෝජනාවට ගෝවේ ප්රතිනේයාද තම අනුමැතිය දුන් බව පෙනේ.
තම අරමුණ ඉටුකර ගැනීමට පෙඩ්රෝ ලෝපෙස්ද සූසා නැව්පති තෙම භටයන්
600 ක්ද රැගෙන 1594 අප්‍රේල් මාසය අවසානයේදී ලංකාවට පැමිණ ඇත.
සූසා මන්නාරමේ සිටි දෝන කතරිනා කුමරිය රැගෙන මීගමුවේ සිට
සෙංකඩගල දෙසට ගමන් අරඹා ඇත. මෙම හමුදාව උඩරටට ගමන් ගනිද්දී
කුසුමාසනට හිතෛෂී වූ ජයවීර බණ්ඩාර නමැත්තා 20000 භට
කණ්ඩායමක් රැගෙන ප්‍රතිකාල් හමුදාවට එක් වූ බව සිංහල මහා
වංසය වාර්තා කරයි. බලාපොරොත්තු නොවූ මේ හමුදා සහායද සමඟ සූසා
කන්ද උඩරටට ගමන් ගත්තේ තම අරමුණ සාක්ෂාත් කර ගැනීමටය. මේ
හමුදාව උඩරටට පැමිණෙනවාත් සමඟ I විමලධර්මගේ හමුදාවත් බලනට
පැමිණ කඳවුරු ලාගෙන සිටියහ. මේ දෙපාර්ශ්වය අතර ක්‍රි. ව. 1594
ජුලි මස 05 දින අතිශය බියකරු සටනක් මේ ස්ථානයේදී සිදුවී ඇත.
නමුත් මේ යුද්ධයෙන් තම ජය පැහැදිලි නැති බව දුටු I
විමලධර්මසූරිය රජු වෙල්ලස්ස ප්‍රදේශයෙන් පලා ගියේ සෙංකඩගල
නගරය ගින්නෙන් දවාලමිනි. රජුගේ පලා යැමෙන් පසු දින
ප්රතිකාලූන් කන්ද උඩරට රාජධානිය තමන්ට අත්පත් කර ගන්නා ලදී.
සූසා තම අරමුණ සාක්ෂාත් කර ගන්නා ලදී. නමුත් සිදුවූයේ
පෘතුගීසීන් කෙලෙසක්වත් නොසිතූ සිදුවීමකි. ඔවුන් හා එකතු වූ
ලස්කිරිඤ්ඤ හමුදාව ඔවුහූ අතහැර උඩරට පාර්ශ්වය ගන්නා ලදී. මේ
සඳහා බලපා ප්‍රධානම හේතුව වූයේ සූසා අතින් ලස්කිරිඤ්ඤ හමුදාවේ
නායකයා වූ ජයවීර බණ්ඩාරව ඝාතනය වීමයි. මේ ඝාතනයට බලපා හේතු
සම්බන්ධයෙන් කිසිදු එකඟතාවයක් මේ වන තෙක් ඉතිහාසඥයන් අතර
ගොඩනැගී නැත.
පෘතුගීසි ලේඛක ජෝන් රුබෙයිරෝ අදහස් කරන ආකාරයට ජයවීර බණ්ඩාර
තැන ඔහුගේම සහකාර ප්‍රතිකාල් සෙනවියා ලවා මරවනු අභිප්‍රායෙන්
විමලධර්ම රජුගේ කුමන්ත්‍රණ පෙරදැරිව වුවමනාව පිට යථෝක්ත රහස්
ලියෑවිලි අමුතුවෙන් ලිපි කරවා ප්‍රතිකාලුන්ගේ අතට පත්වනු නියා
යවන ලද බවක්ය. තවත් අදහසක් වන්නේ ජයවීර බණ්ඩාර කුසුමාසන
දේවිය තම මස්සිනා කෙනෙකුට විවාහ කර දෙන ලෙස සූසාගෙන් ඉල්ලා
සිටි බවය. තවත් අදහසක් වන්නේ ජයවීරම කුසුමාසන විවාහ කර ගැනීමට
යෝජනාවක් ඉදිරිපත් කළ බවයි. කෙසේ වෙතත් සූසා අතින් ජයවීර
ඝාතනය වීම නම් සත්‍යයකි. මේ ක්‍රියාව හේතුකොට සිංහල කුලී සේනාව
පෘතුගීසීන් අතහැර උඩරට පාර්ශ්වය ගන්නා ලදි.
මතු වූ තත්ත්වයෙන් අපහසුතාවයට පත් වූ පෙඩ්රෝ ලෝපෙස්ද සූසා
ආපසු කොළඹ බලා ඒමට පිටත් වූයේ කුසුමාසන දේවියද රැගෙනය. ඒ
ක්‍රි. ව. 1594 ඔක්තෝබර් මස 06 දින ප්‍රතිකාල් සේනාව සමඟ
මහනුවර සිට බලන දුර්ගය අසලට පැමිණුනි. එම හමුදාවට බලන කපොල්ල
අසලදී උඩරට I විමලධර්මසූරිය රජුගේ හමුදාව පහරදෙන්නට වූහ.
දෙපාර්ශ්වය අතර සිදුවූ සටන දන්තුරේ නගරයේදී සිදුව ඇත. මේ සටන
සිංහල මහා වංසය වාර්තා කරන්නේ මෙසේය.
"වර්ෂ 1594 ක් වූ ඔක්තෝබර් මස 06 දින ප්‍රතිකාල් සේනාව බලන
අසල ලන්දකට පැමිණියාය. ඒ කණහිම සක්හඩද හේවිසි ගැසීමක්ද
හාත්පස්හි පැතිරින. ඒ අසල මාන බලමින් සිටි විමලධර්ම රජුගේ
විශාල යුද හමුදාව ප්‍රතිකාලුන්ට පහර දෙන්නට පටන් ගත්තීය.
සිංහලයන්ගේ ඊතල සහ වෙඩි උණ්ඩ ප්රචණ්ඩ වාත මේඝයකින් මෙන්
ප්‍රතිකාල් සෙන් මත්තෙහි පතිත වන්නට වන"
දන්තුරේ නගරයේදී ඇති වූ මේ ගැටුමේදී ප්‍රතිකාල් සේනාපති පෙඩ්රෝ
ලෝපෙස්ද සූසා තුවාල අටක් සහිතව සිටි බව මහා වංශය වාර්තා
කරයි. සිංහල මහා වංශය මේ සටනින් භටයන් 220 ක් ජීවත් වූ බව
කියවුනද පෘතුගීසි ලේඛනයන්ට අනුව ඔවුනගේ කිසිම පුද්ගලයකු ජීවත්
වී නැත. මේ සටන උඩරට ඉතිහාසය තුළ කිහිපාකාරයකින් වැදගත් වූ බව
පෙනේ. ඒ
* පෘතුගීසි ආධිපත්‍යයට කන්ද උඩරට නතුවීමට තිබූ ඉතාමත් ආසන්න
අවස්ථාවක් මගහරවා ගැනීමට සමත් වීම.
* පෘතුගීසි තම පෙරදිග යටත් විජිත ප්‍රතිපත්තිය තුළ ලැබූ
දරුණුතම පරාජයට හිමිකම් කීම.
* I විමලධර්මසූරිය රජුට නව රජ පෙළපතක් ආරම්භ කරමින් කන්ද උඩරට
රාජධානිය සඳහා වෙනම රජ පෙළපතක් ආරම්භ කිරීමට හැකියාව ලැබීම.
* නියම සිංහාසන උරුමයක් නොකිවූ විමලධර්මසූරිය රජුට උඩරට
ප්රවේණිකාරී වූ දෝන කතිරිනා හෙවත් කුසුමාසන කුමරිය තම අග
මෙහෙසිය කරගත හැකිවීම( සටන් වැදීමේදී තම අත්අඩංගුවට පත් මේ
කුමරිය රජුට භාරදී ඇත්තේ ඒකනායක මුදියන්සේ නමැත්තෙකි.
යන කාරණා නිසා දන්තුරේ සටන මෙරට ඉතිහාසය තුළ තීරණාත්මක සටනක්
ලෙස අර්ථ දැක්විය හැකි වන්නේය.
|
|