පරණවිතානවරුන් බිහි නොවීමේ අභාග්යය

මෙම මස 4 වැනිදාට යෙදුණු
මහාචාර්ය සෙනරත් පරණවිතාන වියතාණන්ගේ
38 වැනි ගුණ සමරුව
නිමිත්තෙනි.
ගී්ර ක් භාෂාවෙන් ලියන ලද බයිබලය ඉගෙනගන්ට ගී්රක් භාෂාව ද ගී්රක් අක්ෂර ද
ඉගෙනගත යුතුයි. චීන රටේ ආගම් තුනකි. කොන්පියුසියස් ආගම, ටාඕ ආගම සහ බුද්ධාගමයි. මේ
ආගම් තුනට අයත් ග්රන්ථ චීන භාෂාවෙන් ලියා තිබේ. චීන භාෂාවෙන් ලියන ලද බෞද්ධ
ග්රන්ථ කියෑවීමට ආසාවෙන් ස්ටැනිස්ලා ජුලියන් නම් ප්රංසකාරයා විසි වර්ෂයක් චීන
භාෂාව ඉගෙනීමට ගත කළේය. විසි වර්ෂයකට පසුව
ඒ පණ්ඩිතයා විසින් චීන භාෂාවෙන් තිබුණ
හියුංසාං භික්ෂුන් වහන්සේගේ ජීවිත කතාව ප්රංශ භාෂාවට පරිවර්තනය කළේය. සැමුවෙල්
බීල් නමැති ඉංගී්රසි පාදිලි තැන චීන භාෂාව ඉගෙන,
ඒ භාෂාවෙන් තිබුණ සම්බුද්ධ චරිතය
ඉංගී්රසියට පරිවර්තනය කළේය. (ඔහු විසින් ෆාහියන් හා හියුංෂාන් නම් චීන සංචාරක
භික්ෂූන් වහන්සේලාගේ සංචාරක සටහන් ඉංගී්රසි භාෂාවට පරිවර්තනය කරන ලදී.)
යුරෝපීයයන් අතරින් පාලි භාෂාව පළමුකොට ඉගෙනගත් ටර්නර් මහතා විසින් මහාවංසය 1834 දී
ඉංගී්රසි භාෂාවට පරිවර්තනය කළේය. ඊට වර්ෂ 40 පසු රොබට් චිල්ඩරස් නම් ඉංගී්රසි
මහතා පාලි ඉගෙන පාලි අකාරාදියක් කළේය.
ඒ කාලයේදීම රීස් ඩේවිස් මහත්මයා පාලි
ඉගෙන ගෙන පාලි පොත් ඉංගී්රසි අක්ෂරයෙන් මුද්රණය කරවීම 1882 දී ආරම්භ කළේය.
(ධර්මපාලි ලිපි - සංස්කාරක ආචාර්ය ආනන්ද ඩබ්ලිව්. පී. ගුරුගේ 1991 - පි. 156)
අප ඉහත සඳහන් කරුණු ඉදිරිපත් කළේ අද වන විට අප රටේ සිංහල භාෂාව පමණක් නොව පාලි හා
සංස්කෘත භාෂා අධ්යයනය ද ඉතාමත් ෙ€දනීය තත්ත්වයකට ඇද වැටී තිබීම ගැන විමසා බැලීමටම
නොව සිංහල භාෂාව, පාලි, සංස්කෘත මෙන්ම ඉංගී්රසි භාෂාව ද තවත් අපරදිග භාෂා
ගණනාවක්ම උගත් පඬිවරුන් විසිඑක් වැනි සියවසේ දී බිහි වුවත් අද දවසේ මෙවැනි
විද්වතුන් බිහි නොවන්නේ කුමක් නිසාද යන්න විමසීමටය.
ඒ පඬිවරුන් අතරේ ගිහි පැවිදි
පඬිවරු රැසකි. පැවිදි පඬිවරු අතරේ හික්කඩුවේ ශ්රී සුමංගල, වැලිවිටියේ සෝරත
නාහිමි, කළුකොඳයාවේ පඤ්Æසේකර, කොටහේනේ පඤ්Æකිත්ති, බඹරැන්දේ සිරිසීවලී, වල්පොල
රාහුල යන මහා යතිවරයාණන් වහන්සේලා ද, අනගාරික ධර්මපාල, වලිසිංහ හරිශ්චන්ද්ර,
කුමාරතුංග මුණිදාස, බටුවන්තුඩාවේ පඬිතුමා, ශ්රීමත් ඩී. බී. ජයතිලක, මාර්ටින්
වික්රමසිංහ, සෙනරත් පරණවිතාන, එදිරිවීර සරච්චන්ද්ර, ඩී. ඊ. හෙට්ටිආරච්චි, ගුණපාල
මලලසේකර, විමලානන්ද තෙන්නකෝන් වැනි ගිහි විද්වතුන් ද පාලි සංස්කෘත හා ඉංගී්රසි
භාෂාවන් පිළිබඳව ද සිංහල භාෂාවට අමතරව වියත්හු වූහ.
විශේෂයෙන්ම මේ භාෂා අධ්යයනය සමගම
ඒ ඒ භාෂාවන්වලට අයත් සාහිත්යය පිළිබඳව ද ඔවුහු
ඉතා හොඳින් දැන සිටියහ. මේ නිසාම ඔවුන් විසින් ජාතියට දායාද කළ නිර්මාණ සැබැවින්ම
කවදත් ජනතාවගේ හදවත් තුළ සටහන් වී තිබිණි. එහෙත් අද වන විට මේ භාෂා අධ්යයනය
ඉංගී්රසි භාෂාව පමණක් පෙරමුණ ගන්වා ගෙන ක්රියා කිරීම යහපත් වුවත් යටත්
පිරිසෙයින් සිංහල භාෂාව ඉගෙනීම ඉංගී්රසි භාෂා අධ්යයනයට මෙන්ම විශේෂ සැලකිල්ලක්
දේශපාලන නායකත්වය තුළ මෙන්ම පරිපාලන ක්ෂේත්රයේ නිලධාරීන් තුළ ද ඇතිවිය යුත්තක්
සේ අපි දකිමු.
අපගේ මේ ලිපියේ නිමිත්ත ලෙසින් සඳහන් කරන මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා විසින්
ලියන ලද ශාස්ත්රීය ග්රන්ථ අතරේ
Sigiri Graffiti සීගිරි ග්රැෆිටි හෝ
Inscriptions of Ceylon (ඉන්ස්ක්රිප්ෂන්ස් ඔෆ් සිලෝන්) වැනි ග්රන්ථයක් ලිවීමට
ඒ ක්ෂේත්රයේ පමණක් නොව වෙනත් භාෂා හා පුරාවිද්යා අධ්යයන ක්ෂේත්රයේ
කිසිවකුත් සමත් වී නැත. ඊට හේතුව ලෙසින් අප දකින්නේ අපරදිග භාෂා මෙන්ම පෙරදිග
භාෂාවන් පිළිබඳව ද අපගේ අධ්යාපන ප්රතිපත්තියට ඇතුළත් කිරීමේ වැදගත්කමය. පාලි හා
සංස්කෘත භාෂා පාසල් තුළ ඉගැන්වීම සිදු කළ යුතු යෑයි අපි නොකියමු. එහෙත් පිරිවෙන්
අධ්යාපන ක්ෂේත්රය තුළවත්
ඒ සඳහා මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත.
අප රටේ පිරිවෙන් අධ්යාපනයෙන් පාලි සංස්කෘත මාතෘ භාෂා අධ්යයනයත් ඉංගී්රසි භාෂා
අධ්යයනයත් සමබරව සිදු කිරීමට එදා තිබූ යහපත් වාතාවරණය නිසා යතිවරු බිහි වූහ. මේ
තත්ත්වය අද අප රටේ අධ්යයන ක්ෂේත්ර තුළින් ගිලිහී ගොස් ඇති සේය.
ශිෂ්ය කේන්ද්රීය අධ්යාපන ක්රමයක් සඳහා සැලසුම් කරන මෙවන් යුගයකදී අප රටේ මාතෘ
භාෂාවන් පිළිබඳ සංඝරත්නය සඳහාවත් පහසුකම් සැලසීම (පිරිවෙන් අධ්යාපනය තුළ) මීට වඩා
වැඩි කළ යුතුව ඇත.
අප කිසිසේත්ම මෙහිදී ඉංගී්රසි භාෂා අධ්යාපනය පහතට හෙළීමක් හෝ එය අනවශ්ය යෑයි
නොකියමු. ඉංගී්රසි භාෂාව එදාට වඩා අද අවශ්යතම භාෂාවකි. විශේෂයෙන්ම සන්නිවේදන
ක්ෂේත්රයේ ලබා ඇති ලෝක ප්රවනතාව හමුවේ ඉංගී්රසි භාෂා අධ්යයනය ඉතාමත් වැදගත්
වේ. ඒ පිළිබඳ රජයේ වැඩි අවධානයක් යොමු කර තිබීම අපි අගය කරමු. එසේම සිsංහල භාෂා
අධ්යයනය පිළිබඳව ද මීට වඩා වැඩි සැලකිල්ලක් අධ්යාපන, ජනමාධ්ය හා තොරතුරු සහ
ජාතික උරුමය හා සංස්කෘතික යන අමාත්යාංශවලින් දැක්විය යුතු කාලය එළැඹ ඇත.
අනගාරික ධර්මපාලතුමාගේ ධර්මදූත සේවාව පමණක් නොව ඉන්දියාවේ බුද්ධගයාව ඇතුළු පුදබිම්
යළි බෞද්ධ ජනතාවට ලබාගැනීමට හැකි වූයේත් ඉංගී්රසි භාෂා ඥනය මෙන්ම සිංහල හා පාලි
භාෂා ඥනය ද ඒ අයුරින් ලද බෞද්ධ දර්ශනය ද පිළිබඳ ලත් අවබෝධය නිසා බව රහසක් නොවේ.
ඉතිහාසය හා පුරාවිද්යා විෂයයන් පිළිබඳව ද මහාචාර්ය සෙනරත් පරණවිතාන, මහාචාර්ය
විමලානන්ද තෙන්නකෝන් වැනි විද්වතුන්ගේ යුගයටත් වඩා ඉංගී්රසි දැනුම මෙන්ම පෙරදිග
භාෂා දැනුම ද අවශ්යව ඇත. එහෙත් මේ පිළිබඳව සිදු කෙරෙන පර්යේෂණ ගැන විමසා බලන විට
ඒ ක්ෂේත්රයේ සිටින ආචාර්ය සිරාන් දැරණියගල, මහාචාර්ය සේනක බණ්ඩාරනායක, මහාචාර්ය
සිරිමල් රණවැල්ල, නන්දසේන මුදියන්සේ, රෝලන්ඩ් සිල්වා, රාජා සිල්වා, සද්ධාමංගල
කරුණාරත්න, එස්. බී. හෙට්ටිආරච්චි, මංගල ඉලංගසිංහ, සුදර්ශ සෙනෙවිරත්න, ඉන්ද්රdනි
මුණසිංහ, සිරිමා කිරිබටුගේ, ලෙස්ලි ගුණවර්ධන, පී. එල්. ප්රේමතිලක, ඉන්ද්රකීර්ති
සිරිවීර, මැන්දිස් රෝහණදීර වැනි ආචාර්ය හා මහාචාර්යවරු ද්විභාෂික ලේඛකයන් වූයේ ඉහත
සඳහන් වූ භාෂාවන් පිළිබඳ මෙන්ම විෂය බද්ධ වූ ඥනය ද නිසාමය. ඉංගී්රසි භාෂාව සිය
අවශ්යතාව දේශීය දේශ සීමා ඉක්මවා දේශ දේශාන්තරවලට පැතිර යැමේ ප්රවණතාවට වාහනයක්
වන බව මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාගේ පර්යේෂණාත්මක ග්රන්ථ මෙන්ම ලිපි ලේඛන
හැදෑරීමෙන් පැහැදිලි වෙයි.
මෙකල පුරාතනය අධ්යයනය කිරීම කෙරෙහි රට තුළ යහපත් ප්රවණතාවක් නැතත්
ඒ සඳහා යොමු
වූ තරුණ පරපුරක් උගත් තරුණ පරපුරක් බිහිවී සිටීම අනාගතය පිළිබඳ සුබවාදී ලකුණකි.
විශේෂයෙන්ම විශ්වවිද්යාල අධ්යයන ක්ෂේත්රය තුළ මෙන්ම රාජ්ය ආයතනවල (ජාතික
උරුමයට අදාළ) සිටින තරුණ විද්යාර්ථීන්ට නිසි ඉංගී්රසි දැනුම මෙන්ම සිංහල භාෂා හා
සාහිත්ය දැනුම ද ඉතා මැනවින් ලබාදීමේ අවශ්යතාවය අද මතු වී ඇත.
ඒ ඒ ආයතනවල මෙම
දැනුම නැති තරුණයන් සිටින්නේ යෑයි මෙයින් අදහස් නොවේ.
මේ සඳහා අද ඉංගී්රසි භාෂාව විශ්වවිද්යාල අධ්යාපනයේදී ප්රමුඛතාවක් මත අධ්යයනය
කිරීම කෙරෙහි ඇති ප්රවණතාව ඉතා වැදගත්ය.
ඒ සඳහා පාසල් අධ්යාපන ක්ෂේත්රය තුළ ද
ළමයින්ට ඉංගී්රසි භාෂා හා සාහිත්ය දැනුම ලබාදීමේ වැඩපිළිවෙළක් මීට වඩා වැඩි
අවධානයකින් ක්රියාත්මක කළ යුතුව ඇත.
මීට අමතරව ජනමාධ්ය කලා, ඉංජිනේරු වෛද්ය විද්යා ආදී කුමන විෂය ධාරාවක් ඉගෙනීමේ
යෙදීමට සූදානම් වන්නන් වුවද, අප රටේ සංස්කෘතිය හා බද්ධ වූ අතීත උරුමය පිළිබඳ
දැනුමක් ද ඔවුන්ට ලබාදිය යුතුය.
ඒ දැනුම නැතිකම අද විවිධ ක්ෂේත්රවලින් අප රටේ
කටයුතු කරන සමහර තරුණ නායකයන් ගැන විමසන විට දක්නට ලැබෙන ලක්ෂණයකි. විශේෂයෙන්ම මේ
දැනුම ජනමාධ්ය පාඨමාලා හදාරණ තරුණ පිරිසට ලබාදිය යුතුව ඇත. එයින් අදහස් වන්නේ
අනෙකුත් ක්ෂේත්ර පිළිබඳ තරුණ පරපුරට
ඒ දැනුම අනවශ්ය බවක් නොවේ. වෛද්යවරයෙක්
අප රටේ අතීතය ගැන දැන ගැනීම වෛද්ය වෘත්තියට ඇති ඵලය කුමක්ද යනුවෙන් කෙනකුට
ප්රශ්නයක් නැගිය හැකිය. එය වෛද්ය වෘත්තියට අදාළ නොවුණත් රටේ පුරවැසියෙක් ලෙසින්
වෘත්තිකයෙක් වශයෙන් ද රටේ අපගේ අතීත උරුමය පිළිබඳ දැන සිටීම වෘත්තියට ආභරණයක්
වන්නේය. එවැනි වෛද්යවරුන් (විශේෂයෙන්ම තරුණ පිරිස) පුරාවිද්යා දෙපාර්තමේන්තුව
විසින් සංවිධානය කරන ලද දේශනවලට සවන්දීම පිණිස පැමිණීම ඉතා යහපත් ප්රවණතාවකි.
මේ නිසා සියලුම විශ්වවිද්යාලවලින් පිටවන උපාධිධාරීන්ට අප රටේ සංස්කෘතික පසුබිම
පිළිබඳ අවබෝධයක් ලබාදීමේ පාඨමාලාවක් ද ඇතුළත් කළ යුතුව ඇත. එය ඉතා ගැඹුරු
අධ්යයනයක් සඳහා නොවේ. උදාහරණයක් ලෙසින් සඳහන් කරතොත් අනුරාධපුරයේ ජය ශ්රී මහා
බෝධීන් වහන්සේ පිළිබඳ සෑම රටවැසියකුටම අවබෝධයක් තිබීම ඊළඟ පරම්පරාවට ද
ඒ දැනුම
සම්ප්රේෂණය වීමට ද බලපානු ඇත. එමෙන්ම බුද්ධගයාවේ ජය ශ්රී මහා බෝධීන් වහන්සේ
පිළිබඳ දැනුම ද
ඒ සමගම ලබාගත හැකිය.
මෙසේ අපගේ සංස්කෘතික උරුමය පිළිබඳ දැනුම සිංහල බෞද්ධයන්ට පමණක් නොව (හින්දු),
ඉස්ලාම් හා ක්රිස්තියානි ආගම් අදහන තරුණ පරපුර විසින් ද මේ කරුණු දැනගැනීම
අවශ්ය වන්නේය. එවිට ඔවුන් දේශයේ සැබෑ පුරවැසියන් වනු ඇත.
පාසල් පංති කාමරයෙන් ලැබෙන දැනුම සීමිත කාල පරාසයකට වෙන්වෙයි. එහෙත් නිරන්තර
අධ්යාපනය අප රටේ රූපවාහිනී හා එෆ්.එම්. නාලිකා මගින් සිදු කෙරේ. විශේෂයෙන්ම භාෂා
භාවිතය (ප්රවෘත්ති විකාශනවලදී) මීට වඩා සැලකිලිමත් විය යුතු වන්නේය. සියලුම
නාලිකාවල නොවුණත් සමහර නාලිකාවල සිංහල භාෂා භාවිතය ඉතාමත් දරුණු ලෙසින් නාය යැමකට
භාජන වී ඇති බැව් ඉතා අකමැත්තෙන් වුවත් ප්රකාශ කළ යුතුව ඇත.
මේ අනුව බලන විට පරණවිතානවරුන් මෙකල බිහිවීමට මේ කාලයේ සමාජ, අධ්යාපනික හා
සංස්කෘතික පරිසරයක් තවම උදාවී නැති බව සඳහන් කළ යුතුව ඇත. එපමණක් නොව, මුනිදාස
කුමාරතුංගලා, මාර්ටින් වික්රමසිංහවරු, සරච්චන්ද්රලා, මහගමසේකරලා මෙකල බිහි
නොවන්නේ අපගේ අධ්යාපන රටාව තුළ ඇති ඓතිහාසික කරුණු හා පුරාණ භාෂා සාහිත්ය භීතිකාව
නිසා බව සඳහන් කළ යුතුව ඇත.
ඒ භීතිකාව අධ්යාපන පාඨ ග්රන්ථවලින් ඉවත් කර නැවත
ලියන තුරු මේ අප රටේ තරුණ පරපුර බහුතරයක්ම බටහිර රැල්ලට හසුවී යැම වැළැක්විය
නොහැකිය.
|
ශ්රී ලංකාවේ සංචාරක රජු
නිශ්ශංකමල්ල
නිශ්ශංකමල්ල රජු සැබවින්ම සන්නිවේදනයේ රජුය. එමෙන්ම
නිශ්ශංකමල්ල රජු අරභයා සංචාරයේ රජු යන්නද නොමඳව ගැලපෙන
යෙදුමක් බව පෙනී යයි. මන්ද ඔහු සන්නිවේදනයේ යෙදුනේ සංචාරය
අතරතුර වීම නිසාවෙනි. ශ්රී ලංකාවේ බොහෝ ප්රදේශ ආවරණය වන
පරිදි සංචාරයේ යෙදුණු නිශ්ශංකමල්ල රජු දෙවරක් ඉන්දියාවේද
සංචාරය කර තිබේ. වරෙක සංචාරයේ දී ඉන්දියාවේ රාමේශ්වරමේ ද සෙල්
ලිපියක් පිහිටුවා සන්නිවේදනයේ යෙදීමට ඔහු අමතක නොකරයි.
නිශ්ශංක මල්ලයන්ගේ දීර්ඝතම දේශීය සංචාරය සුප්රසිද්ධ සිරිපා
සංචාරයයි. පොළොන්නරුවෙන් පිටවන රජු බදුල්ල, කතරගම හරහා
අම්බලන්තොටට පැමිණ එතැනින් පලාබද්දල හරහා සිරිපා කරුණාකර
අඹගමුව, ගම්පොල හරහා කුරුණෑගලටද එතැනින් පඬුවස්නුවරටත් පැමිණ
දීර්ඝ සංචාරයකින් පසු නැවත පොළොන්නරුවට පැමිණෙයි. සිය
ප්රසිද්ධ ගමන් මාර්ගයේ ගවුවෙන් ගවුව ගවුකණු පිහිටුවීමටද හෙතෙම
අමතක නොකරයි. ඉන් ඇතැම් ගවුකණු තවමත් ඉතිරිව ඇති බැවින් රජුගේ
ගමන් මාර්ගය නිශ්චය කරගත හැක. මේ සංචාරයන් විනෝද ක්රීඩා,
උත්සව, ආගමික කටයුතුවලින් පිරුණු මුළුමනින්ම රාජකීය චාරිකාවන්
බවද ඇතැම් ස්ථානයන්හි සෙල්ලිපි පෙන්වා දෙයි. මෙම චාරිකාවේ
විශේෂත්වය එහි රාජකීය උත්සවශ්රීයම නොවේ. වසර නමයක්
පොළොන්නරුවේ සිහසුන දැරූ නිශ්ශංක මල්ලයන් ඉන් වසර පහක්ම මෙම
චාරිකාව සඳහා කැපකිරීම මෙහි ඇති සුවිශේෂී කාරණාවයි. ඒ ඒ තැන්හි
සෙල්ලිපිවල සටහන් දින දාතම් අනුව මෙම කාලවකවානුව නිශ්චය කළ
හැකිය.

මහා සංචාරයේ රජු ත්රිකුණාමලය බලා අතුරු සංචාරයකද නිරතව තිබේ.
නිශ්ශංකමල්ල ඇතුළු කාලිංග වංශික රජවරුන්ට ත්රිකුණාමලය අතිශය
වැදගත් ස්ථානයකි. ඔවුන්ගේ ජන්ම භූමිය වූ කාලිංගයේ සිට
ලක්දිවට පැමිණියේද ඉන් අනතුරුව කාලිංගය හා සිය නොනවතින සබඳතා
පවත්වා ගත්තේද ත්රිකුණාමලය වරාය මූලික කොටගෙන වීම නිසා
ත්රිකුණාමලය හා කාලිංග කුමාරවරු අතර දැඩි සම්බන්ධතාවක් විය.
නිශ්ශංකමල්ලට පසුකාලීනව පොළොන්නරුවේ රජ වන ඔහුගේ ඥති වෝඩගංග
ත්රිකුණාමලය වරායෙන් බැස සෙල් ලිපියක්ද පිහිටුවා තිබේ.
මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ට අනුව නිශ්ශංකමල්ල සිය පියාණන්ගේ
අවසන් කටයුතුවලට සහභාගි වීම පිණිස කාංලිගයට ගොස් නැවත
පැමිණියේද ත්රිකුණාමලය වරායටය. නමුත් එම පුවත සඳහන් අන්තර්
ලියන සෙල් ලිපිය මහාචාර්යවරයා මිස වෙනත් කිසිවෙකුත් දැක නොමැති
නිසා යම් විවාදාත්මක බවක්ද එහි දැකිය හැක. කෙසේ නමුත්
තත්කාලීන දේශපාලන වාතාවරණය අනුව යුදමයවද, ආර්ථික වාතාවරණය අනුව
විදේශ වෙළෙඳාම අරභයාද පොළොන්නරු රජවරුන්ට ත්රිකුණාමලය අතිශය
වැදගත් ස්ථානයක් විය.
එනයින් නිශ්ශංකමල්ලගේ ත්රිකුණාමලය සංචාරයද යුදමය හා ආර්ථික
අංශ කෙරෙහි බලපැවැත්වෙන රාජකීය සවාරියක් බව නිසැකය. රජුගේ
සුප්රසිද්ධ සිරිපා සංචාරය පිළිබඳව වන ජනප්රවාදයක සඳහන් පරිදි
නිශ්ශංකමල්ල රජු සිරිපතුල සොයා ගනු ලබන්නේ සුරංගනාවියන් තැනින්
තැනට අහසින් හෙළායන මල් අනුව ගමන් කිරීමෙනි. රජුගේ ත්රිකුණාමල
ගමන් මාර්ගය වර්තමානයේ දී සොයා ගත හැක්කේද එවැනි ක්රමවේදයක්
අනුගමනය කිරීමෙනි. ඒ මලින් මලට ගමන් කිරීමෙන් නොවේ.
නිශ්ශංකමල්ලගේ ලිපි සටහන් වූ ගලින් ගලට ගමන් කිරීමෙනි.
නිශ්ශංකමල්ලගේ ලිපි සටහන් කිරීම පෙරකී පරිදිම කාලීනය. ඒ
මුළුමනින්ම විදේශිකයකු වන ඔහුට විරුද්ධව රටේ කැරැල්ලක්
පැනනැගීමේ හැකියාවක් තිබූ බැවිනි. ඔහු තැන් තැන්හි ගොස් ඒ ඒ
තැන ලිපි සටහන් කිරීම මගින් බලය ස්ථාපිත කිරීමට යත්න දැරුවේ
එම කාලීන අවශ්යතාව මතය. වර්තමානයේ දී එම නිශ්ශංක ලිපියෙන්
ලිපියට යැමද කාලෝචිතය. ඒ ශිලා ලේඛන තුළ නිධන් වස්තු ඇතැයි
සිතන මෝඩ රැලක් අකුරු සටහන් ගලක් දුටු පමණින් ඒවා බිඳ දමන
නිසාවෙනි.
නිශ්ශංකමල්ල ත්රිකුණාමලයට පැමිණීමේ මූලික පරමාර්ථය සේ
දක්වනුයේ ඔහුගේ චිර ප්රසිද්ධ දාන චාරිත්රයක් වන තුලාභාර
දානයක් පිණිසය. තුලාභාර දානයකදී තුලාවට නගින්නන්ගේ බරට සමාන
බරක වස්තුව දුගී මගී යාචකයන්ට, පැවිදි උතුමන්ට ලබාදීම සිදු
කෙරේ. නිශ්ශංකමල්ල රජුගේ විවිධ තුලාභාර දානවලදී විවිධ සමීප
ඥතීන් රජු සමග තුලාවට නැගී තිබේ. සිය පුත්රයා, ඥති සොයුරු,
බිසෝවරු දෙදෙනා, සොයුරාගේ බිසව ආදී ලෙස වරින් වර ඔවුන් මෙම
දානවලට සහභාගි වී තිබේ. ශ්රී පුර, මහපුටුව, ගෝනය, රාමේශ්වරම
ආදී විවිධ ස්ථානවලද ඔහු සිය තුලාභාර දාන පවත්වා තිබේ.
මින් ගෝනය හෙවත් ගෝකර්ණයට රජු පැමිණුන මාර්ගය සොයා ගැනීම මෙම
ලේඛනයේ මූලික පරමාර්ථය වෙයි. නිශ්ශංකමල්ලගේ ගමන් මාර්ගයේ
සලකුණු මුල්වරට දැක හැක්කේ කන්තලේ ආසන්නයේදීය. මෙසේ වීමට
හේතුව වශයෙන් උපකල්පන කිහිපයක් දැක්විය හැක. මින් වඩාත්
ප්රබල හේතුව පොළොන්නරුවේ සිට කන්තලේ දක්වා ප්රදේශය සෝමාවතී
අභය භූමියේ දැඩි වනගහනයට නතුවීම නිසා ඇතැම් සෙල්ලිපි සොයා
ගැනීමේ දුෂ්කරතාවයි. අනෙක් හේතුව නම් නිශ්ශංකමල්ල සිය රාජකීය
චාරිකාවේ මුඛ්ය අරමුණු ප්රදේශය කන්තලේ සිට සැලකූ බැවින් එහි
සිට පමණක් සෙල්ලිපි නිකුත් කිරීමයි. කෙසේ නමුත් අනාගත
පර්යේෂකයකු සඳහා එම ගැටලුව ඉතිරි කරමින් ගමනෙහි යෙදීම අප
පරමාර්ථයයි.
පොළොන්නරුවේ සිට කන්තලේ දක්වා ගමන් කළ හැකි පැරැණි මාර්ග
කිහිපයකි. ඒ සෑම මාර්ගයක්ම ඓතිහාසික ස්ථානවලින් ගහන එකල
නාගරික ප්රදේශ හරහා වැටෙනු මාර්ග විය. මින් එක් මාර්ගයක්
කන්තලේ, කවුඩුල්ල, හිඟුරක්ගොඩ හරහා පොළොන්නරුවට වැටී තිබිණ.
තවත් මාර්ගයක් කන්තලෙන් ආරම්භව වෙනත් ගම්මාන හරහා
මැදිරිගිරියට ගමන් කර එතැනින් පොළොන්නරු අගනුවරට ළඟාවිය.
නිශ්ශංකමල්ල සිය චාරිකාවේදී පිහිටුවූ සෙල් ලිපි අතුරින් දැනට
හඳුනාගත හැකි ප්රථම ලේඛනය ඔහුගේ ගව් කණු වර්ගයට අයත් ලේඛනයකි.
එය පිහිටුවා ඇත්තේ වර්තමාන කන්තලේ සීනි කම්හලට යන මාර්ගයේ හතේ
ඇළ ප්රදේශයේය. මෙම ශිලා ලේඛනය තවමත් ප්රකාශයට පත්කර නැත.
"නිශ්ශංක ගව්වයි" යනුවෙන් සඳහන් එම ලේඛනයේ නියමාකාර පිටපතක්
කන්තලේ අග්බෝපුර පී. එල්. සිරිසේන මහතා විසින් ලබාගෙන තිබේ.
කණුව තිබූ තැනින් ගලවා ප්රදේශයේ පිරිසක් විසින් ගෙන ගොස්
ඇති අතර අනාරක්ෂිතව ගෙමිදුලක දමා තිබේ. තවමත් වගකිවයුතු
කිසිවෙක් මෙය වාර්තා නොකිරීම කනගාටුවට කරුණකි.
මෙම ලේඛනය පිහිටා ඇති ස්ථානය අනුව රජුගේ චාරිකාව සිදුව ඇත්තේ
කලු ගඟේ ඉහළම කලාපයේ ජලාධාරය හරහාය. අතීතයේ දී මැදිරිගිරියේ
සිට වැටී තිබූ පැරැණි මාර්ගයක් කලු ගඟේ ජල පෝෂකය තෙක් පැමිණ
එහි ගංගා ධාරය ඔස්සේ ගමන් කර වඩ්ඩකච්චි ප්රදේශයේ දී ගඟ හරහා
වැටී තිබිණ. එනිසා වඩ්ඩකච්චි වැව සමග වූ ජනාවාසය නටබුන්වලින්
ගහන එකක්ව තිබිණි. වඩ්ඩකච්චි වැවේ සිට කලු ගඟට ජලය ගෙන යන අතු
ගංගා මං ඔස්සේ පෙරකී හතේ ඇළ දක්වා ගමන් කළ හැක.
හතේ ඇළ ප්රදේශයේ සිට රජු කන්තලේ නගරය දක්වා ගමන් කර ඇත. එකල
කන්තලේ නගරයේ කොටසක් පිහිටා තිබුණේ කොළඹ සිට පැමිණෙන විට වැව්
බැම්මේ ආරම්භක ප්රදේශයට පහළිනි. වර්තමාන අසූපහ පන්සල් පිහිටි
කන්දේ මහා මාර්ගය පිහිටි දෙසට ප්රතිවිරුද්ධ පැත්තෙන් එකල
මාර්ගය විය. නගරයේ මෙම කොටස එකල කන්තලේ මහා නගරයේ එක් සීමා
ප්රදේශයක් විය. දෙමළ භාෂා උරුවට කන්තලේ යනුවෙන් හැඳින්වුවද
පොළොන්නරු අවධියේ දී පවා මෙම ජනාවාසය ගංතලාව නම් විය. රජු
එහිදී ඔහුගේ සුප්රසිද්ධ තවත් ලේඛන වර්ගයක් වන අභය දාන සෙල්
ලිපියක් පිහිටුවයි. එම ලේඛනයේද අදාළ වැව ගංතලා වැව යනුවෙන්
හඳුන්වයි. එම ශිලා ලේඛනයෙන් රජු ගංතලා මහවැවේ මතයන්ට අභය දානය
ලබාදී ධීවර කටයුතු තහනම් කරයි. වර්තමානයේ දී මිරිදිය ධීවර
කර්මාන්තය සඳහා චිර ප්රසිද්ධ කන්තලේ මහ වැව පාමුල පිහිටි
අභයදාන සෙල් ලිපිය තවමත් කියවා ප්රකාශයට පත්කර නැත. එම
ලිපියේද නියමාකාරයෙන් ලබාගත් පිටපතක් අග්බෝපුර පී. එල්.
සිරිසේන මහතා භාරයේ ඇත.
එතැන් සිට රජු ගමන් කරනුයේ නගර මධ්යයටය. නගරයේ පරිපාලන හා
ආගමික කේන්ද්රය එකල පැවතියේ වර්තමාන වෙලුන්නා විහාරය,
අග්රබෝධි පාසල හා පොලිසිය පිහිටි ප්රදේශය තුළය. මෙහිදී රජු
වෙනුවෙන් විනෝද ක්රීඩා උත්සවයක් සංවිධානය කෙරී ඇත. රටේ මහ
රජු ප්රාදේශීය නගරයකට සැපත් වෙද්දී ප්රදේශයේ පරිපාලකයන්
විසින් මෙය රජු වෙනුවෙන් පිරිනමන්නට ඇත. රජු මෙය නරඹනුයේ එකල
පැවති සරස්වතී සත්ර දාන ශාලාව නම් දන්සල අසල සිටය. කන්තලේ
නගරයේ මෙම කොටසේ පරිපාලන බලය හින්දු පූජකයන් අත පැවතියේ චෝල
පාලන අවධියේ සිටය. එබැවින් මෙම කොටස චතුර්වේද මංගලපුරය ලෙස
හැඳින්විණි.
කෙලි සෙල්ලම්, නාට්ය, රැඟුම් ගීත අඩංගු එම උත්සවය හා දානය
පිණිස රජු අසුන්ගත් ආසනයේ ඉහත විස්තර ඇතුළත් ලේඛනයක්
පිහිටුවන ලදී. නිශ්ශංකමල්ල රජුගේ චාරිකා අතරතුර මෙවන් විවිධ
ප්රසංගද, ඒ පිළිබඳ සඳහන් ආසන ලිපිද කිහිපයක් දැකිය හැක.
රජු ඉන්පසු ගමන් කරනුයේ තඹලගමුව දෙසටය. පැරැණි චතුර්වේද
මංගලපුරයේ සිට තඹලගමුවට වැටී ඇති මාර්ගය වර්තමාන භාතියගම, රජ
ඇළ යුනිට් 03, රජ ඇළ යුනිට් 05 හරහා වැටි තිබිණි. බාතියගම
ලීලාරත්න ක්රීඩාංගණය අසලින් පහළ දුම්රිය මාර්ගය දෙසට විශාල
වැවක් විය. එම වැවේ ජනාවාසයට ඇතුලත් ආරාමය අද රජ ඇළ යුනිට්
03 විහාරස්ථානයයි. එතැනින් යුනිට් 05 හරහා මාර්ගය ගංතලාව වැව
දෙසට වැටී තිබිණි. ගංතලාව වැව අසලද පැරැණි ආරාම සංකීර්ණයක
නටබුන් දැකිය හැක. එතැනින් වර්තමාන තිස්සපුරට ගමන් කරන රජු
තිස්සපුර වැව හා ආරාමය ආසන්නයේ සෙල් ලිපියක් පිහිටුවයි. එම
සෙල් ලිපිය කිසියම් පිරිසක් විසින් විශාල වළක් හාරා කැබලිවලට
කඩා ඒ තුළට දමා ඇති නිසා පැහැදිලිව කියවිය නොහැක. නමුත් "ශ්රී
කාලිංග" යන වදන අපහසුවෙන් කියවිය හැක. නිශ්ශංකමල්ල රජුගේ
සෙල්ලිපි කිහිපයක සිය විරුදු නාමය ලෙස ශ්රී කාලිංග
චක්රවර්තී, අභිධානය යොදා ගන්නා බැවින් සෙල් ලිපියේ කර්තෘ අඥත
නොවෙතත්, අඥනයන් පිsරිසක් කළ ක්රියාව හේතුවෙන් ලිපියේ
පරමාර්ථය වටහාගත නොහැක. නිසි බලධාරීන් සෙල් ලිපි කැබලි වළෙන්
ගොඩගතහොත් ලිපිය පැහැදිලිවම කියවිය හැක.
රජු එතැනින් ගමන් කරනුයේ වර්තමාන ගලමැටියාවටයි. ගලමැටියාවේදී
නිශ්ශංකමල්ල රජු ඓතිහාසික සෙල් ලිපියක් පිහිටුවයි. ඒ ඓතිහාසික
වාර්තාවක්ද තබයි. එම වාර්තාව ගලමැටියාව වැව එක් දිනක් තුළ
සාදා නිම කිරීමයි. ප්රදේශයේ වාරි පද්ධතිය අනුවද වැවේ පිහිටීම
හා ස්වභාවය අනුවද මෙවැනි වැවක් එක් දිනකින් නිම කළේ නම් එය
සුවිශාල වාර්තාවක් වෙයි. එනමුත් මෙම ඉදිකිරීම ප්රතිසංස්කරණය
යන අරුතින්ද යෙදීමට ඉඩක් ඇත. මෙවන් සුවිසල් වැවක කැඩීගිය
බැම්මක් එක් දිනකින් ප්රතිසංස්කරණය කළද එහි සුවිශේෂත්වය
නම් ලඝූ නොවන බව කිව යුතුය. හැටදාගේ පුවරු ලිපිය අනුව
නිශ්ශංකමල්ල රජු හැටදාගේ තනනුයේ පැය හැටකිනි. එබැවින් රජු
මෙවැනි ක්ෂණික වැඩ සඳහා අභිරුචියක් දක්වන්නට ඇත.
ගල්මැටියාව සෙල් ලිපිය ඓතිහාසික එකක් වනුයේ එහි එක් දිනකින්
වැවක් සෑදීම පිළිබඳව සඳහන් වන නිසා පමණක් නොවේ. රජුගේ චිර
ප්රසිද්ධ ඉන්දීය ජයග්රහණයද එහි සඳහන් වීම නිසාවෙනි. රජු
ඉන්දියාවේ පාණ්ඩ්ය රාජධානිය ජයගත් බව ඔහුගේ සෙල් ලිපි
රාශියකම දැක්වේ. ඉහත එක්දින වැව රජු සාදවා ඇත්තේ මෙම
පාණ්ඩ්ය විජයග්රහණය සිහිපත් වීම පිණිසය. වැවට තබා ඇති නාමය
පඩිවිජයකුලමය. නිශ්ශංකමල්ල රජු කාලිංග වංශිකයෙකි. පොළොන්නරුවේ
කාලිංග වංශික රජවරුන්ට සිහසුන දැරීමට සහයෝගය දක්වනු ලැබුවේ
ඉන්දියාවේ කාලිංගයයි. කාලිංග සෙබළුන්, කාලිංග යෝධයන් ලක්දිවට
පැමිණ එම හමුදාමය සහාය දක්වන ලදී. කාලිංග වංශිකයන්ට එදිරිව
සිහසුන ලබා ගැනීමට උත්සාහය කළ පාණ්ඩ්ය වංශිකයන්ට උපකාර කරනු
ලැබුවේ ඉන්දියාවේ පාණ්ඩ්ය රාජධානියයි. එබැවින් ලක්දිව
කාලිංග පාලකයා පාණ්ඩ්ය වංශිකයන් පමණක් නොව ඉන්දියාවේ
පාණ්ඩ්ය රාජධානිය පවා යටපත් කිරීම නිශ්ශංකමල්ලයන්ට
අනුස්මරණීය සිද්ධියක් වූවා නිසැකය. එබැවින් ගලමැටියාවේ
පඬිවිජය කුලම්වැවද ලක්දිව හමුදා ඉතිහාසයේ වැදගත් ස්මරණීය
ස්ථානයකි. නමුත් එවන් වැදගත් ගලමැටියාව සෙල් ලිපියටද මෑතකදී
යකඩ අලවංගු පහරවල් කිහිපයක් වැදී තිබේ. එවැනි වැදගත් ශිලා
ලේඛනයට ලබාදී ඇති තත්ත්වය පිළිබඳව අප ශෝක විය යුතුද කෝපවිය
යුතු දැයි නොදනිමි.
රජු ගලමැටියාවෙන් ත්රී"මලය වරාය දෙසට නික්ම ගොස් තුලාභාරය
සිදු කරන්නට ඇත. ගෝකන්නය ලෙස සැලකූ විට ගෝනෙකුගේ කනක හැඩය ගත්
සම්පූර්ණ කොට්ටියාරම් බොක්කම ඇතුළත් වෙයි. මෙම ගෝකන්නය තුළ
නාවික නැවතුම් පළවල් කිහිපයක්ම විය. වර්තමාන ත්රී"මලය කොටුව
පිහිටි තුඩුව දෙසටම එවැනි වරායන් දෙකක් විය. එම තුඩුව
ඉදිරිපිට භූමි භාගයේ පැරැණි වළං කැබලි තවමත් දැකිය හැකිය. එම
වළං කැබලි අයත් ජනාවාස ගොඩැල්ල පැරැණි ත්රී"මලය වරායේ වෙළෙඳ
කටයුතු පිළිබඳව අගනා සාධක රැකගෙන ඉන්නට ඇත. නමුත් කුලකෝට්ටන්
උද්යානය හා මෙක්හෙයිසර් ක්රීඩාංගණය තැනීමේදී සමතලා වූ
ගොඩැල්ලේ ඉපැරැණි වළං කැබලි පමණක් තවමත් එම ක්රීඩාංගණය තුළ
දැකිය හැක.
තවත් එවැනි පැරැණි නාවික තොටමුණක් වර්තමාන මහාමායාපුරට
ඔබ්බෙන් ජැටිය ආසන්නවද, කප්පල්තුරේට නොදුරුවද, තාමර විල්ලුවට
ඔබ්බෙන්ද, ගෙංගෙයි මුවදොරට ආසන්නවද, මුතූර් ආසන්නවද, සාම්පූර්
ප්රදේශයේ ද පිහිටා ඇත. සාම්පූර් ප්රදේශයේ පිහිටි එවැනි
ස්ථානයක වළං කැබලි, ගල් ආයුධ හා යබොර වෙරළ ඉම පිහිටි එකම
ජනාවාස ගොඩැල්ලේ දැකිය හැකි විය. මෙම නාවික තොටමුණු සියල්ලම
පැරැණි ගෝකන්නයට නැතහොත් ගෝනාගේ කන මෙන් පිහිටි වරායට අයත්
විය.
එබැවින් නිශ්ශංකමල්ල සිය තුලාභාරය කොහි සිට කළේ දැයි නිශ්චිත
නැත. නමුත් පැරැණි ගෝකන්නය වටා එවැනි දානයක් දෙතැයි අනුමාන කළ
හැකි ස්ථාන දෙකකි. එකක් නම් තඹලගමු කලපුවට විවර වුණු නාවික
වරාය ආසන්නව පිහිටි වන්නත්තිඩාල් කෝවිල් අඩි කෝවිලයි. අනෙක
ගෝකන්න මලය මුදුනේ පිහිටි කොනේශ්වරම් දෙවොලයි. මේ කියන යුගයේ
ඉහත කෝවිල් දෙකම චෝල අධිරාජ්යයන්ගේ අනුග්රහය ලැබ සරුසාරව
වැජඹුණා නිසැකය. චෝලයන්ගෙන් පසුව බලයට පැමිණි 1 විජයබාහු, 11
ගජබාහු වැනි රජවරුන්ද කෝවිල් උදෙසා ඉමහත් පරිත්යාගයන් සිදුකළ
නිසා එහි එතරම් සැකයක් ඇති කරගත යුතු නැත. නිශ්ශංකමල්ල ඔහුගේ
රාමේශ්වරම් වැනි තුලාභාරයන් සඳහා නව කෝවිල් ඉදිකිරීම පවා
සිදුකර තිබේ. එබැවින් ගලමැටියාවෙන් නික්මුණු නිශ්ශංකමල්ල රජු
ඒ ආසන්නව පිහිටි වන්නත්තිඩාල් වෙත පළමුව ගමන් කරන්නට ඇත. එකල
කන්තලේ සිට ත්රී"මලය දෙසට වැටී ඇති මාර්ගය එම කෝවිල අසලින්
වැටී තිබෙන්නට ඇත. නමුත් සැබෑ සංචාරකයෙකු වූ නිශ්ශංකමල්ල සිය
සංචාරය එතැනින් නිමකළා විය නොහැක. ඔහු මුහුදේ නෑම පවා ප්රිය
කළ රජෙකි. වරෙක සිවුරඟ සෙන් පිරිවරා සමුද්ර ක්රීඩා පිණිස
මන්නාරම ආසන්නයට රජු ගමන් කළ බවට සෙල්ලිපි සාධක ඇත. එබැවින්
ඔහුගේ ඊළඟ නැවතුම වන්නට ඇත්තේ ආන්දන්කුලම ගිරි පාමුල හරහා
ගෝකන්න මලයයි. ඒ අනුව රජුගේ ත්රීකුණාමලය චාරිකාව පොළොන්නරුවේ
සිට මැදිරිගිරියටත්, වර්තමාන කන්තලේ 87 ප්රදේශය, කන්තලේ නගරය,
රජඇළ, ගංතලාව, තිස්සපුර, ගලමැටියාව, කෝවිල්අඩි, ආන්දන්කුලම
හරහා සිදුවන්නට ඇත. දීර්ඝ සංචාර රිසි නිශ්ශංකමල්ලගේ මෙම
චාරිකාව සාපේක්ෂව කෙටි එකකි. හෙතෙම ත්රීකුණාමලය, පොළොන්නරුව,
බදුල්ල, කතරගම, අම්බලන්තොට, රත්නපුරය, ශ්රී පාදය, ගම්පල,
කුරුණෑගල, පඬුවස්නුවර, අනුරාධපුරය, මන්නාරම, ඉන්දියාවේ
රාමේෂ්වරම වැනි ප්රදේශවල සංචාරය කළ රජෙකි. විවිධ භූ පාරිසරික
කලාප හරහා සිදු වූ සංචාරයට සිය රාජ කාල පරිච්ඡේදයෙන් අඩකට වඩා
ගත කරන්නට රජුට සිදු විය. නමුත් ඔහු සංචාරය අතරතුර සිය රාජ්ය
විචාරය නිසි පරිදි කළ බවට සාධක අපමණය. අවසන ඔහු පිහිට වූ සෙල්
ලිපියක "ලක්දිව තම අත ඇති නෙල්ලි ගෙඩියක් මෙන් වටහාගත් බවට"
ඇති සඳහන ඉහත හේතුව නිසාවෙන් අතිශෝක්තියක් නොවිය හැක. ඔහු
ශ්රී ලංකාවේ සංචාරයේ රජුය. ඒ මහා සංචාරයේ දී තම වැදගත් ස්මරණ
මෙන් අනාගතයට සුරැකි සිහිවටන පුවරුත් අනාගත තම වැසියන් මේ
අයුරින් සිඳ බිඳ විනාශ කරනු ඇතැයි රජු එකල නොසිතන්නට ඇ
|
|
|
|
|
|
විජයට පෙර ලක්දිව පැවති
දියුණු ශිෂ්ටාචාරයක වතගොත ලක්දිව
ඉතිහාස කතාන්දරය පිළිබඳව ශ්රී ලංකාවේ ජනතාව දන්නා කරුණු වන්නේ
ක්රි.පූ. 6 වන සියවසේ දී උතුරු ඉන්දියාවේ සිට මෙරටට
සම්ප්රාප්ත වූ විජය නම් කුමාරයා විසින් හා ඔහුගේ ඇමැතිවරු
විසින් මෙරට ජනපද ඇතිකොට අපේ ශිෂ්ටාචාරය හා ඉතිහාසය ආරම්භ කළ
වගයි. මෙය මෙරට විසූ මුල් කාලීන ඉතිහාසඥයන්, පුරාවිද්යාඥයන්
මෙන්ම මෙරට ශිෂ්ටාචාරය අධ්යයනය කළ බටහිර පඬිවරුන්ගේ ද මතය වී
තිබිණි. මේ සඳහා ඔවුන්ට ඉතිහාස කරුණු ගෙනහැර පෑමට මහඟු
පිටිවහලක් වූයේ ක්රි.ව. හතරවන හා පස්වන ශතවර්ෂවලදී රචිත
දීපවංසය හා මහාවංසය යන මූලාශ්ර ග්රන්ථ තොරතුරු හා ක්රිස්තු
පූර්ව 3 වන සියවසේ සිට මෙරටින් වාර්තා වන ශිලා ලිපි තොරතුරුවල
අන්තර්ගත කරුණුය.
අපේ යටගියාවේ එසේත් නැතහොත් සංස්කෘතියේ හෝ ශිෂ්ටාචාරයේ මුල
ක්රි.පූ. 6 වන සියවසට එහා ගමන් කරන බව ඉතා ප්රබල ලෙස පෙන්වා
දෙනු ලැබුවේ 1969 වසරින් පසුවය. ශ්රී ලාංකික පුරාවිද්යාඥයන්
විසින් සිදු කරනු ලැබූ පුරාවිද්යාත්මක කැණීම් මගින් හා
විදේශීය පුරාවිද්යාඥයන් මෙරට දී සිදුකළ පුරාවිද්යාත්මක
කැණීම් මගින් ක්රිස්තු පූර්ව 6 වන සියවසේ දී විජය මෙරටට
සම්ප්රාප්ත වීමට අවුරුදු 500 කලින් එනම් ක්රිස්තු පූර්ව
1000 (අදින් වසර 3000 කට පෙර) ලංකාවේ පැරැණි ශිෂ්ටාචාරයක
සලකුණු සොයා ගැනීමට හැකිවී තිබේ. බුදුන් ලොව පහළ වීමට අවුරුදු
හාරසියයකට පෙර මෙරට බිහිවී තිබූ මෙම සංස්කෘතිය හා ශිෂ්ටාචාරය
පුරාවිද්යාඥයන් හඳුන්වා ඇත්තේ යකඩ යුගයේ සංස්කෘතිය ලෙසය.
(Eaරකහ ෂරදබ Aටැ) එය එසේ නම්කොට ඇත්තේ ගල් ආයුධ පාවිච්චි කොට
ජීවත් වූ ජනතාවගේ සංස්කෘතියට පසු යකඩ ලෝහය පාවිච්චි කළ
ජනතාවක් මෙරට ගල් යුගයෙන් පසුව බිහිවන බැවිනි. මධ්යශිලා
යුගයේ සිට ශ්රී ලංකාවේ විසූ ප්රාග් ඓතිහාසික මානවයා කෙළින්ම
යකඩ යුගයට පැමිණ තිබෙන බව පුරාවිද්යාඥයන් විශ්වාස කරන අතර මෙම
යකඩ යුගයේ සංස්කෘතිය වඩා ප්රචලිත ලෙස හඳුන්වන්නේ පූර්ව
ඓතිහාසික සංස්කෘතිය (ඡරදඑද Hසිඑදරසජ) වශයෙනි. (පූර්ව ඓතිහාසික
අවධිය යනු ලේඛනය ආරම්භ වීමට පූර්ව අවධිය වශයෙන් සැලකේ)
පුරාවිද්යාඥයන් පෙන්වා දෙන ආකාරයට ගල් යුගයේ සංස්කෘතිය
ප්රධාන අදියර දෙකකින් පුරා ශිලා හා මධ්යශිලා වශයෙන් මෙරට දී
ක්රියාත්මක වී තිබේ. නව ශිලා යුගයක් මෙරට ස්ථාපනය වීමට පෙර
යකඩ පාවිච්චි කරන යුගයට ලංකාව ප්රවිෂ්ට වන්නේ ඉන්දියාව හා සමග
පැවති මූලික සමාජ සංස්කෘතික ක්රියාවලිය පදනමින් බව දැරණියගල
පෙන්වා දෙයි.

1988 අනුරාධපුර ඇතුළුපුර කැණීමේ අවස්ථාවක් |

ආනායිකොඩ්ඩායි,කොල්ලන්කනත්ත,පොම්පරිප්පුව ,ඉබ්බන්කටුව
,කන්තරෝදය ආදී ස්ථානවල මැටිබඳුන්වල තිබී හමුවූ සංකේත |

ඡේතවන ව්යාපෘතිය ඇතුළුපුර කැණීමේදී හමුවූ මැටි බඳුන්
කැබලි |

යකඩ යුගයේ නිර්මාණය කරනලද කාලරක්ත වර්ණ මැටි බඳුනක්. |
යම්කිසි රටක සංස්කෘතියක හෝ ශිෂ්ටාචාරයක
හැඩගැසීම උදෙසා තාක්ෂණය ප්රබල වී ඇති බව පර්යේෂණවලින් තහවුරු
වී තිබේ. ගල් යුගයේ ජීවත් වූ මනුෂ්යයන් පාෂාණ මෙවලම් පරිහරණයේ
දී විවිධ වූ දුෂ්කරතාවලට මුහුණ දුන්හ. විශේෂයෙන්ම ජීවත් වීම
සඳහා අවශ්ය කරන කටයුතුවලදී පරිසරය සමග සටන්කොට එය ජයගැනීමට
තරම් තාක්ෂණයක් ගල් යුගයේ මානවයාට නොතිබිණි. ඒ නිසාම එම
සමාජයේ අවසාන භාගයේ දී ලෝහ තාක්ෂණය හඳුනාගෙන පොළව මතුපිට
දැකිය හැකි යපස් සහිත ගල් කුඩුකර උණු කර භාවිත කිරීමේ හැකියාව
සොයා ගැනීම තාක්ෂණික වශයෙන් මානව සමාජය ලැබූ විශාල ජයක් විය.
විශේෂයෙන්ම ලෝහ පරිහරණයත් සමග සමාජ සංවර්ධනයේ වේගවත්
ක්රියාවලියක් සිදුවීම කැපී පෙනෙන අතර මුල්කාලීනව තඹ, ලෝකඩ
ආදී ලෝහද පසුකාලීනව යකඩ සහ වානේ ලෝහද පරිහරණය දැකගත හැකිවීම
කැපී පෙනේ. ශ්රී ලංකාව ගතහොත් ශ්රී ලංකාවේ ගල් යුගයේ
සංස්කෘතියෙන් අනතුරුව යකඩ යුගයේ සංස්කෘතිය ක්රි.පූ. 1000 දී
එනම්, අදින් වසර 3000 කට පෙරදී කලඑළි බැසීම සමග සංස්කෘතිය
වේගවත් දියුණුවක් කරා පරිවර්තනය වන ආකාරය පුරාවිද්යාත්මක
කැණීම් මගින් ලැබී ඇති ද්රව්යවලින් තහවුරු වේ.
ශ්රී ලංකාවේ පූර්ව ඓතිහාසික සංස්කෘතිය නැතහොත් යකඩ යුගයේ
සංස්කෘතිය තුළ දැකගත හැකි සුවිශේෂත්වයක් වන්නේ ගල් යුගයේ
සංස්කෘතියට වඩා ශිෂ්ටාචාරවත් අතින් පොහොසත් වීමයි. ඒ අනුව යකඩ
යුගයේ සංස්කෘතියේ දැකගත හැකි සුවිශේෂ ලක්ෂණ වශයෙන්,
යකඩ, තඹ, රන් ඇතුළු ලෝහ භාවිත කිරීම.
ගැමි ජනපද බිහිකිරීම.
වී ගොවිතැන ඇතුළු කෘෂිකාර්මික කටයුතු ඇරැඹීම.
වනයේ විසූ ගවයා, අශ්වයා ඇතුළු සතුන් හීලෑකර තම කටයුතුවලට යොදා
ගැනීම.
අහස් ජලය ගබඩා කිරීම සඳහා මූලික වැව් ඉදිකොට කෘෂිකාර්මික
කටයුතුවලදී භාවිතය සඳහා ජලය කළමනාකරණය කිරීම.
මුල්වරට සකපෝරුව භාවිත කරමින් කළු රතු මැටි බඳුන්, රතු මැටි
බඳුන්, කළු මැටි බඳුන් ඇතුළු සුවිශේෂ මැටි බඳුන් නිෂ්පාදනය.
පිළිස්සීමෙන් පසු මැටි බඳුන්වල කුරුටු සලකුණු යෙදීම.
ඉතා විශාල ගල් සොහොන් ඉදිකර මියගිය අය සඳහා ක්රමානුකූල ලෙස
අවමඟුල් චාරිත්ර පැවැත්වීම.
පබළු නිෂ්පාදනය.
විවිධ ප්රදේශවල පවතින ස්වභාවික ඛනිජ වර්ග භාවිතයට ගැනීම.
යන කරුණු මෙම සංස්කෘතිය විසින් ශ්රී ලංකා සමාජයට හඳුන්වා
දෙනු ලැබූ නව සංස්කෘතික අංග වශයෙන් හැඳින්විය හැක.
යකඩ ලෝහය පරිහරණය කිරීම සම්බන්ධ තාක්ෂණය මෙරට ක්රි.පූ. 1000
ට පෙර ජීවත් වූ ප්රාග් ඓතිහාසික ගල් යුගයේ මිනිසා දැන
නොසිටියේය. නමුත් ක්රි.පූ. 1200 දී එනම් අදින් වසර 3200 කට
පෙර දකුණු ඉන්දියාවේ විසූ මිනිසුන් මෙම තාක්ෂණය දැනගෙන සිටි
බව මහාචාර්ය රාජන් සහ පොෂෙල් වැනි විද්වතුන් පෙන්වා දී තිබේ.
එබැවින් යකඩ යුගයේ තාක්ෂණය මෙරට ජීවත් වූ ගල් යුගයේ මිනිසා
ලබා ගැනීමේදී එය ස්වාධීනව ඔවුන්ගේ සොයා ගැනීමකට වඩා ඉන්දියාවේ
සිට මෙරටට ආනයනය කරන ලද තාක්ෂණයක් වීමට ඉඩකඩ ඇති බව
පුරාවිද්යාඥයන්ගේ මතය වේ. ඉන්දියාවේ සිට මෙරටට යකඩ තාක්ෂණය
හඳුන්වා දෙනු ලැබූවද ඉන්පසු පූර්ව ඓතිහාසික සංස්කෘතිය වඩා
ස්වාධීන අනන්යතාවක් සහිතව පෝෂණය වී දේශීය සංස්කෘතියේ
ශිෂ්ටාචාරය සඳහා මඟ සලකුණු සකසා තිබීමද ද කැපී පෙනේ. යකඩ යුගයේ
තාක්ෂණයේ ආගමනයත් සමගම ගල් යුගයේ දඩයමට තිබූ තැන ක්රමයෙන්
වියෑකී යන ලදී. ඒ වෙනුවට වගා කටයුතු සඳහා ප්රමුඛත්වයක් ලබාදී
කටයුතු කළ බවට සාධක අනුරාධපුර ඇතුළුපුර (අනුරාධපුර රාජධානියේ
රජවරුන්ගේ පාලන මධ්යස්ථානය) සිදු කරනු ලැබූ කැණීම් මගින්
තහවුරු වේ. ආචාර්ය සිරාන් දැරණියගල විසින් ඇතුළුපුර සිදු කරනු
ලැබූ කැණීම්වලදී එහි මතුපිට පොළව මට්ටමේ අඩි 30-35 අතර
ගැඹුරින් වාර්තා වන රතු දුඹුරු පාංශු කලාපය (Reddසිය ඊරදඅබ
Eaරඑය) තුළින් ප්රාග් ඓතිහාසික මිනිසා භාවිත කළ ගල් අවි
මෙවලම් හමුවූ බව වාර්තා කොට තිබේ. එසේම එම පස් තට්ටුව මතින්
යකඩ යුගයේ මිනිසුන් විසින් සිය ශිෂ්ටාචාරය ආරම්භ කළ බව
පැහැදිලි වන අතර එමගින් ගල් යුගයේ සංස්කෘතිය යකඩ තාක්ෂණය
හඳුන්වාදීම සමග වියෑකී ගිය බව දැරණියගල පෙන්වා දෙයි. ඔහු
ප්රකාශ කරන ආකාරයට එය විස්තර කරනු ලබන්නේ ගල් යුගයේ සිට
පිම්මක් යකඩ යුගයට පැනීමක් ලෙසය.
පූර්ව ඓතිහාසික සංස්කෘතිය සම්බන්ධව මෙතෙක් සිදුකොට ඇති
පර්යේෂණවලට අනුව ශ්රී ලංකාව තුළ එම සංස්කෘතිය පැවතුණු ජනාවාස
ස්ථාන 44 ක් මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න විසින් වාර්තා කොට
තිබේ. ඒවා පිහිටි ස්ථාන වශයෙන් යාපන අර්aධද්වීපය, උතුරුමැද,
උතුරු මලය රට, වයඹ, බස්නාහිර, නැගෙනහිර, දකුණ යන පළාත්වල
පිහිටා තිබෙන බව හඳුනාගෙන තිබේ. ශ්රී ලංකාවට වී ගොවිතැන හා
මිශ්ර භෝග හඳුන්වාදීම ඇතුළු කෘෂිකාර්මික කටයුතු ආරම්භ කරන්නේ
මෙම සංස්කෘතික පිරිසයි. විශේෂයෙන්ම යකඩ තාක්ෂණය
හඳුන්වාදීමෙන් අනතුරුව ඉතා පහසුවෙන් ඝන වනාන්තර මෙල්ලකොට කෘෂි
කටයුතු සඳහා භූමිය සකස් කිරීමට මිනිසාට හැකිවිය. ඒ අනුව එම
යුගය තුළ දී වගා කරන ලද වී විශේෂයක පාෂාණිභූත කොටස් ඇතුළුපුර
ජනාවාසයෙන් හඳුනාගෙන තිබෙන අතර එම වී වර්ගය විද්යාත්මක
නාමකරණයේ දී ඔරිස්සා සැටයිවා (ධරසිsa Zaඑසඩ්) වශයෙන් හඳුනාගෙන
ඇත. මෙම කෘෂිකාර්මික කටයුතුවලට සමගාමීව හීලෑ කරන සතුන් අතර
අශ්වයා හා ගවයා සිටීමද වැදගත් වේ. ක්රි.පූ. 900 දී එනම් අදින්
වසර 2900 කට පෙර මෙරට ජීවත් වූ මිනිසා අශ්වයා පරිහරණය කර තිබීම
අතිශයින් ම වැදගත් වේ. අශ්වයා මෙරටට ආගන්තුක සතෙකු බැවින් එම
සතා ඉන්දියාවේ යකඩ යුගයේ සංස්කෘතිය හරහා මෙරටට ගෙන එන්නට
ඇතැයි විශ්වාස කරනු ලබන්නේ අදින් වසර 3000 කට පෙර අශ්වයා
ඉන්දියාවේ ජීවත් වූ බවට සාධක හමුවන බැවිනි.
පූර්ව ඓතිහාසික සංස්කෘතියේ තවත් සුවිශේෂ ලක්ෂණයක් වන්නේ
මුල්වරට ගම් ආරම්භ කිරීමයි. ගල් යුගයේ මිනිසුන් න්යෂ්ටික
පවුල් ඒකක ලෙස ජීවත් වී වාසස්ථාන වශයෙන් ස්වභාවික ගල්ලෙන්
භාවිත කළද යකඩ යුගයේ මිනිසුන් තමන් විසින්ම නිවාස ආරම්භ කරමින්
න්යෂ්ටික පවුල් ඒකක ගමක් තුළ ජීවත් වීමේ ක්රමවේදයක්
හඳුන්වාදී තිබේ. ලංකාවේ යකඩ යුගයේ පැවැති ගැමි ජනපද සඳහා ඉතා
වැදගත් උදාහරණ කීපයක් අනුරාධපුර ඇතුළු පුරයෙන් වාර්තා වී ඇත.
ආචාර්ය සිරාන් දැරණියගල හා බ්රිතාන්ය ජාතික රොබින් කනින්හැම්
විසින් සිදු කරනු ලැබූ කැණීම්වලදී මුල්වරට යකඩ යුගයේ ජනපද
පිළිබඳ අනාවරණය කරගනු ලැබීය. ක්රි.පූ. 1000-800 ත් අතර එනම්
අදින් වසර 3000 - 2800 ත් අතර කාලයට අයත් පස් තට්ටුවලින්
කටුමැටි වරිච්චිවලින් තැනූ නිවාස හඳුනාගෙන තිබේ. රවුම් ආකාර
හැඩ ගන්නා මෙම නිවාස ඉදිකිරීම සඳහා භාවිත කරනු ලැබූ කණු වළවල්
සහ ගෙබිම ගොමමැටි ගෑ බවට සාධක පැවතීම ද ඉතා වැදගත්ය. මෙම
නිවාසවල වහලය මැද සිටවන ලද කණුවක් ඔස්සේ කේතුකාකාර හැඩයෙන්
තිබෙන්නට ඇති බවට අනුමාන කළ හැක්කේ මෙවැනි ලක්ෂණ සහිත
ප්රාථමික ගැමි ජනපද අදටත් උතුරු සහ දකුණු ඉන්දියාවේ පවතින
සාම්ප්රදායික ගම්වල දැකගත හැකි බැවිනි.
මේ ආකාරයට ආරම්භ වී පෝෂණය වූ මේ සංස්කෘතියේ තවත් සුවිශේෂ
ලක්ෂණයක් වන්නේ මැටි වළං නිර්මාණය කිරීමයි. ඉතාමත්ම සුවිශේෂ
වූ තාක්ෂණයකට අනුව නිර්මාණය කරන ලද කළු රතු මැටි බඳුන්, කළු
මැටි බඳුන් සකපෝරුව ආශ්රය කරගනිමින් නිර්මාණය කිරීම මේ යුගයේ
හඳුන්වා දෙනු ලැබීය. ක්රි.පූ. 950 සිට ආරම්භ වූ මෙම මැටි
මෙවලම් කර්මාන්තය මගින් නිෂ්පාදනය කරන ලද මැටි භාජන අතර
මුට්ටි, හට්ටි, බරණි, තැටි, පාත්රා වැනි විවිධ වර්ගවල මැටි
බඳුන් දැකගත හැකි වේ. මෙම මැටි බඳුන් නිර්මාණය කර ඇති තාක්ෂණය
පිළිබඳව පර්යේෂණයක් සිදුකොට ඇති ඉන්දීය පර්යේෂකයන් ඇතුළත කළු
සහ පිටත රතු මැටි බ\qන් නිෂ්පාදනයේ දී භාවිතා කොට ඇති තාක්ෂණය
වශයෙන් පෝස්ට් µයරින් ක්රමය භාවිතා කර ඇති බව පෙන්වා දී ඇත.
ඊට අමතරව තනිකරම රතු සහ තනිකරම කළු මැටි බඳුන් නිෂ්පාදනය
කිරීමද මෙහි සුවිශේෂ වේ. මෙම මැටි මෙවලම් නිෂ්පාදන කර්මාන්තය
සමග යකඩ යුගයේ සංස්කෘතික පිරිස් මෙරටට අක්ෂර කලාව හඳුන්වා
දුන් බවටද මතයක් ගොඩනැඟී ඇත. මෙම යුගයට අයත් බොහොමයක් මැටි
බ\qන්වල විවිධ වූ කුරුටු සංකේත දක්නට ලැබීම මගින් ඔවුන්
විසින් එමගින් යම්කිසි අදහසක් ප්රකාශ කරන්නට ඇතැයි අනුමාන කළ
හැක. ආචාර්ය සිරාන් දැරණියගල පෙන්වා දෙන ආකාරයට අනුරාධපුර
මහාපාලි දාන ශාලාව අසල කැණීමේදී හමුවූ මුල් බ්රාහ්මී
අක්ෂරවලින් ලියා ඇති බිය අනුරද යන වචනය ක්රි.පූ. 600-500
කාලයට අයත් බව එම මැටි බ\qන් කැබැල්ල හමු වු ස්ථරය කාල නිර්ණය
කිරීමෙන් පැහැදිලි වන බව පෙන්වා දී ඇත. එසේ නම් ශ්රී ලංකාවේ
ලේඛනයෙහි ආරම්භය ක්රි.පූ. 3 වන සියවසේ සිදුවූ බවට පිළිගැනෙන
මතය පුරාවිද්යාත්මක කරුණුවලට අනුව සනාථ නොවේ. කෙසේ වෙතත්
ඉහතින් පෙන්වා දුන් මැටි බඳුන්වල දැකගත හැකි කුරුටු සංකේතවලට
සමාන අක්ෂර ශ්රී ලංකාවේ මුල් බ්රාහ්මී ශිලාලිපිවල තිබීමෙන්
පැහැදිලි වන්නේ ලංකාවට ලේඛනය හඳුන්වා දෙන්නට ඇත්තේ යකඩ යුගයේ
ජනතාව බවයි.
එසේම මෙසේ හමුවූ අක්ෂර මගින් විස්තර කරන ලද බිය අනුරද නමැති
වචනය අනුව ක්රි.පූ. 6 වන සියවසේ විජය රජු සමග මෙරටට පැමිණි
අනුරාධ ඇමැතිගේ නාමය එයින් ගම්ය වන බව දැරණියගල මහතා පෙන්වා
දෙයි. ඒ අනුව විජය පැමිණීමේ පුවත ද යම් පමණකට එම කරුණුවලට අනුව
සනාථ වෙතත් එම තොරතුරටත් වඩා වැදගත් වන්නේ විජය මෙරටට පැමිණෙන
විට ලේඛන කලාව දත් දියුණු සංස්කෘතික ලක්ෂණවලින් හෙබි
ජනතාවක් අනුරාධපුරය ඇතුළු ශ්රී ලංකාවේ වෙනත් ප්රදේශවල
ව්යාප්තව සිටි බවයි. එසේ නම් ශ්රී ලාංකිකයන් ලෙස ආඩම්බර විය
හැක්කේ අදින් වසර 2600 කට පෙර ලොව අනෙකුත් ජාතීන් පසුගාමී
සමාජයක සිටියදී අප ලොව විශිෂ්ට ජාතියක වශයෙන් ගත කළ බව මෙම
කරුණු මගින් සනාථ වන බැවිනි.
විකිරණශීලී කාබන් අනුසාරයෙන් සිදුකරන ලද කාල නිගමනවලට අනුව
අදින් වසර 2900-2700 ත් අතර කාලයේ දී අනුරාධපුරයේ තිබූ යකඩ
යුගයට අයත් මෙම ජනාවාසය හෙක්ටයාර් 10 ක ප්රමාණයෙන් යුක්ත
වන්නට ඇතැයි දරණියගල පෙන්වා දී ඇත. එසේම අදින් වසර 2700 - 2600
ත් එනම් ක්රි. පූ. 600 - 700 කාලයේ දී එම ජනාවාසය හෙක්ටයාර්
50 දක්වා ව්යාප්ත වූ බව ඔහු පැහැදිලි කර පෙන්වා ඇත. මේ
ආකාරයට ඉතා දියුණු ජනාවාසයක් අනුරාධපුර ඇසුරින් ක්රියාත්මක
වන සමයේ දී එය නාගරික මට්ටම දක්වා පැමිණ තිබූ බවද
පැහැදිලිවේ. පුරාවිද්යා කරුණු අනුව නාගරික ශිෂ්ටාචාරයක්
වශයෙන් රටක පවතින නගරයක් දියුණුවට පහත සඳහන් වන්නා වූ අංශවල
වැඩි බලපෑමක් තිබේ. ඒවා අතර පන්ති සමාජයක්, ලේඛන කලාවක්.
කලා නිර්මාණවල බිහිවීමක්, විශේෂ ප්රාගුණ්යතාවයක් සහිත
ශිල්පී පරපුරුවල බිහි වීමක්, දුරකතර වෙළෙ¹ම වැනි කරුණු කෙරෙහි
නැඹුරු බවක් තිබිය යුතුය. අනුරාධපුරයේ ජනාවාසයේ ක්රි. පූ.
600 ට පසු පස් තට්ටුවල මෙවැනි ලක්ෂණ සහිත පුරාවිද්යා සාධක
දැකගත හැකි බැවින් නිශ්චිත වශයෙන් ම බුදුන් ලොව පහළ
විජයට පෙර
වන සමය වන විට අනුරාධපුරය නගරයක් ලෙස හැඩ ගැසී තිබුණු බව
ඉතාමත් ම පැහැදිලි වේ. මහාවංශ කතුවරයා විසින් විස්තර කරනු ලබන
ආකාරයට පණ්ඩුකාභය අනුරාධපුර නගරය සැකසීම පිළිබඳ විස්තරය
වඩාත්ම සාධාරණීය නොවන බව පැහැදිලි වන්නේ ශ්රී ලංකාවේ ඉතිහාසය
රචනා කිරීමේදී මෙවැනි තත්ත්වයක් නිර්මාණය කරන්නට ඇත්තේ වඩා
කේන්ද්රික කරුණ වශයෙන් බෞද්ධාගම සහ රජය අතර දැඩි
සහසම්බන්ධතාවය පෙන්වීමේ අරමුණින් විය යුතුය. ලංකාවේ ශිෂ්ටාචාරය
නාගරික මට්ටම දක්වා දියුණු වූයේ අනුරාධපුරයේ පමණක් නොවේ.
දකුණේ මාගම ප්රදේශයේ ද නාගරික මට්ටම ක්රි. පූ. 350 - 500 ත්
අතර ආරම්භ ව තිබූ බව ආචාර්ය රාඡ් සෝමදේව විසින් එම ප්රදේශයේ
සිදුකරනු ලැබූ පර්යේෂණවල දී හා පුරාවිද්යා දෙපාර්තමේන්තුව සහ
ජර්මන් කාවා ආයතනය එම ප්රදේශයේ සිදුකරනු ලැබූ කැණීම්වල දී
තහවුරු කොට තිබේ. ඔවුහු පෙන්වා දෙන ආකාරයට ක්රි. පූ. 900 දී
එනම් අදින් වසර 2900 කට පෙර මාගම ග්රාමීය ජනාවාස ආරම්භ වී ඒවා
ක්රමානුකූලව පෝෂණයට පත්ව ක්රි. පූ. 500 න් පසු නාගරික මට්ටම
දක්වා පැමිණ ඇති බව පැහැදිලි කොට තිබේ.
පූර්ව ඓතිහාසික සමයේ දී ශ්රී ලංකා ජන සමාජයේ සිදු වූ තවත්
වැගත් කටයුත්තක් වන්නේ ශ්රී ලංකාවේ ස්වභාවික පරිසරයේ දැකගත
හැකි ස්වභාවික සම්පත් පරිහරණ ආරම්භ කිරීමයි. ගල් යුගයේ
මිනිසුන් ද දඩයම සහ අභිචාර ක්රමයන් සඳහා කහඳ, තිරුවානා, නිල්
මැටි, පිඟන් මැටි, තලාතු මිනිරන් මෙන්ම ගුරුගල් වැනි ඛනිජ වර්ග
භාවිත කළද ඔවුන්ට මහා පරිමාණ ලෙස ඒවා අත්පත් කර ගැනීමේ
තාක්ෂණයක් හෝ දැනුමත් නොතිබුණේය. නමුත් යකඩ යුගය තුළ දී ලෝහ
තාක්ෂණයේ දියුණුව සමඟ මිනිසුන් විසින් ශ්රී ලංකාවේ විවිධ
ප්රදේශවල තිබූ ඛනිජ වර්ග සොයාගෙන පරිහරණය කොට තිබේ.
විශේෂයෙන් ම අදින් 2700 ක් පමණ කාලය වනවිට රටේ පැවති සම්පත්
පමණක් නොව විදේශීය සම්පත් පරිහරණය සම්බන්ධව ද මෙරට මිනිසුන්
දැන සිටි බව ලැබී ඇති පුරාවිද්යා දත්ත මගින් පැහැදිලි වේ.
ක්රි. පූ. 700 ට අයත් දඹුල්ල ඉබ්බන්කටුව ප්රදේශයේ දැකගත හැකි
පූර්ව ඓතිහාසික යුගයට අයත් ගල් සොහොන් තුළ සිදුකරනු ලැබූ
කැණීම්වල දී දේශීය වශයෙන් හා විදේශීය වශයෙන් වැදගත් ඛනිජ වර්ග
ගණනාවක් සොයාගෙන තිබේ. ඒවා අතර දේශීයව සම්භවය ලබන ඇමතෙස්ත,
තලාතු මිනිරන් හා ක්වාට්ස් වාර්ග ද, ඉන්දියාවේ සම්භවය ලබන
කානීලියන් නැමති අර්ධ මාණික්යමය ඛනිජ පාෂාණය හමු වී තිබේ. මේ
අනුව ඔවුන්ගේ සම්පත් පරිහරණය කිරීම සම්බන්ධව දැනුම එයින්
විසඳවන අතර ක්රි. පු. 800 වන විට මේ යුගයේ මිනිසුන් නැගෙනහිර
පළාතේ සේරුනුවර පිහිටි ස්වභාවික ලෝපස් නිධියේ පැවති ලෝපස්
පිළිබඳ ව දැනසිටි බව සුදර්ශන් සෙනෙවිරත්න විසින් පෙන්වා දී ඇත.
ඔහු විසින් සිදුකරනු ලැබූ අධ්යයනයන්ට අනුව සේරුනුවර ලෝපස්
නිධියේ ලෝහ ක්රි. පූ. 800 න් පසු අනුරාධපුරය හා ලංකාවේ වෙනත්
යකඩ යුගයේ ජනාවාසවල භාවිත කොට තිබේ. අනුරාධපුරයේ යකඩ යුගයේ
සංස්කෘතියට අයත් පස් තට්ටුවලින් හමුවන ලෝහ බොර සම්බන්ධව ඔහු
විසින් සිදු කරනු ලැබූ සූක්ෂම විද්යා විශ්ලේෂණයන්ට අනුව
පැහැදිලි වී ඇත්තේ එම ලෝහ බොරහි සංයුතිය සමාන වන්නේ සේරුනුවර
ලෝපස් නිධියේ ලෝහ පස්වලට බවයි. විශේෂයෙන්ම ස්වභාවික සම්පත්
පරිහරණයේ දී ඔවුන් විසින් ශරීර අලංකරණය සහ අභිචාර කටයුතු සඳහා
ඒවා භාවිතා කොට ඇති බව ඛනිජ පාෂාණවලින් සහ ලෝහවලින් නිර්මාණය
කරන ලද නිර්මාණවලින් පැහැදිලිවේ.
යකඩ යුගයේ මුල් වකවානුවේ දී මෙම ජනතාව සිය වාසභූමි පිහිටුවා
ගනු ලබන්නේ පහත් වියළි තැනිතලා ප්රදේශවලයි. විශේෂයෙන්ම
කෘෂිකර්මාන්තයට හිතකර රතුදුඹුරු පස් මෙම වියළි තැනිතලා
ප්රදේශවල දැකගත හැකි වීමත්. වර්ෂය පුරා වර්ෂාව නොලැබීම නිසා
එඩේර කටයුතු පවත්වා ගැනීමත්, වාර්ෂිකව ම සිදුකළ හැකි බෝග වගාව
සඳහා අහස් ජලය ගබඩා කොට තැබීමට අවශ්ය භූමි වියළි තැනිතලා
ප්රදේශවල තිබීම හා මෙම වියළි ප්රදේශවල 60% ප්රතිශතයෙන් ලෝහ
නිෂ්පාදනය කිරීමට අවශ්ය හෙමටයිට් හා ලිමොනයිට් යන ඛනිජ
ද්රව්ය ද ඉන්ධන වශයෙන් දැව පාවිච්චි කිරීමට හැකියාව මගින්
මෙම මිනිසුන්ගේ එදිනෙදා දෛනික කටයුතු පහසු කරවීම වියළි
තැනිතලාවල ස්ථානගත වීමට බලපා ඇත. ක්රි. ව. පූ. 1000 - 800 ත්
අතර කාලයේ කුඩා කුඩා ගම් වශයෙන් ජනාවාස පිහිටුවා ගත් මේ
ප්රජාව ක්රි. පූ. 700 පමණ වනවිට වියළි තැනිතලා ප්රදේශවලින්
පිට වී කඳුකර කලාප දක්වා ව්යාප්ත වීම පෙන්වා දිය හැක. මේ
සඳහා උදාහරණ වශයෙන් ඉබ්බන්කටුව, ආනකටාව, රොටවැව, කන්දලම,
සීගිරිය, ගලේවෙල යන ස්ථානවල ජනාවාස පිහිටුවා ගැනීමෙන්
පැහැදිලිවේ. මොවුන් විසින් ඉතා සශ්රික භූමි පසුකොට ගිරි දුර්ග
සහ වන දුර්ගවලින් ගහණ ප්රදේශ වෙත සම්ප්රාප්ත වනුයේ කෘෂි
කාර්මික කටයුතු හෝ එඩේර කටයුතු සඳහා නොව ඛනිජ වර්ග සහ කුළුබඩු
ඇතුළු දැ ලබා ගැනීම පිණිස බව ඉතා පැහැදිලි වී ඇත. මෙසේ කඳුකරයේ
පහත් බෑවුම් ප්රදේශවලට ළඟා වූ මිනිසුන් විසින් එම ප්රදේශවල
පැවැති තලාතු මිනිරන්, විවිධ මැණික් වර්ග, ලෝහ ද්රව්ය ඇතුළු
ඛණිජ මෙන් ම කුළු බඩු වර්ග ද ඔවුන්ගේ සහෝදර ජනාවාස දක්වා බෙදා
හැර ඇති බව සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වා දෙයි. ඔහු පෙන්වා දෙන
ආකාරයට ක්රි. පූ. 600 ට පසු කාල නිර්ණය වූ අනුරාධපුර ඇතුළුපුර
ජනාවාසයේ පස් තට්ටුවල ඇමතෙස්ත, තිරුවානා, තලාතු මිනිරන්,
රබහ වැනි ඛනිජ ද්රව්යවල විවිධත්වය වැඩි වූ බවට සාධක දැකගත
හැක.
මෙවැනි ක්රියාවලියක් ජනාවාස අතර සිදුවීමේ දී යම්කිසි
යාන්ත්රණයක් ඒ සඳහා සැකසී තිබිය යුතු ය. ක්රි. පූ. 700
සියවස වනවිට ශ්රී ලංකා ජන සමාජයේ පන්ති සමාජයක් නිර්මාණය වී
තිබීම මෙවැනි හුවමාරු යාන්ත්රණයක් ක්රියාත්මක කිරීමට මහඟු
පිටුවහලක් ලබා දී තිබේ. ලංකාවේ පැවැති එවැනි පන්ති සමාජයක්
පිළිබඳ ඉඟි පුරාවිද්යා කැණීම් මගින් හමු වූ ද්රව්ය වලින් ද
පැහැදිලි වී තිබේ. දඹුල්ල ඉබ්බන්කටුව ප්රදේශයේ හෙක්ටයාර් 10
ක පමණ භූමියක විහිදෙන ගල් සොහොන් අතර එහි මැද දැකගත හැකි
සුවිශාල වළලෑමක් තුළ මෙවැනි ලක්ෂණ දැකගත හැක. මෙම සොහොනේ
අභ්යන්තරය තුළ තිබී හමු වූ මිනිසකු විසින් පැළඳි රන් සිරස්
පටිය මගින් සහ එම සොහොනේ තිබී හමුවූ අති විශාල ප්රමාණයක්
අර්ධ මාණික්යමය කානීලියන් පබළු මගින් එම සොහොන ප්රභූවරයෙකුට
අයත් බව තහවුරු කොට තිබේ. එය තවත් තහවුරු වන කරුණක් වූයේ
සොහොනේ මතුපිට පියන් ගලේ දැකගත හැකි සුවිශේෂ මෙගලිතික සංකේතය.
වේ. ඒ අනුව අදින් වසර 2700 ක් පමණ වනවිට පන්ති සමාජයක් ආරම්භ
වී භාණ්ඩ හුවමාරුව මෙන්ම මෙරටට පැවති විවිධ සම්පත් අත්පත් කර
ගැනීම හා ඒවා පරිහරණය කිරීම සිදුකළ බව තහවරු වේ. එසේම පන්ති
සමාජයක් තුළ සුවිශේෂ නිර්මාණ වශයෙන් ලෝහ, මැටි මෙවලම්, පබළු
ඇතුළු කර්මාන්තයක් සිදුකිරීම සඳහා ඒ ඒ විෂය සම්බන්ධව විශේෂ
ප්රාගුණ්යතාවයක් සහිත පිරිස් බිහි ව සිටි බවට පැහැදිලිවේ.
මෙම යුගයේ තවත් සුවිශේෂ ලක්ෂණයක් වන්නේ සුසාන චාරිත්ර මෙරටට
හඳුන්වා දීමයි. දැනට වාර්තා කොට ඇති ආකාරයට 40 කට වඩා වැඩි ඉතා
විශාල සොහොන් සංකීර්ණ මෙරට පුරාම ව්යාප්තව තිබේ. එයින් අති
බහුතරයක් සොහොන් වන්නේ ශීලා පුවරු උපයෝගී කොටගෙන නිර්මාණය කර
ඇති ශිලා මංජුසා සුසාන වේ. ගල් පුවරු 4 ක් එකිනෙක සම්බන්ධ වන
ආකාරයට පෙට්ටියක් හැඩයට තබා එම ගල් පෙට්ටිය ඇතුළත විශාල
මැටි බරණි සහ කුඩා පූජා මුට්ටි තැන්පත් කර තිබීම දැකගත හැක.
මහාකුම්බය තුළ දැකගත හැකිවන්නේ මස්දියවන තෙක් වෙනත් ස්ථානයක
වළදමා තිබූ මිනිසෙකුගේ ඇටකටු කොටස් නැවත ගෙන එම විශාල
මුට්ටිය තුළ තැන්පත් කිරීමයි. එසේම එම මිනිසා පරිහරණයකරන ලද
ආභරණ , ආයුධ ඇතුළු අනෙකුත් දැ එම සොහොනේ පූජා මුට්ටි තුළ
තැන්පත් කොට විශාල ගල් පතුරකින් වසා දමා තිබේ. මේවා ගල් සොහොන්
වශයෙන් අර්ථ දක්වන අතර මෙවැනි ලක්ෂණ සහිත සොහොන් ද මේවාට වඩා
වෙනස් ලක්ෂණ සහිත සොහොන් ද ශ්රී ලංකාව පුරා මෙන්ම දකුණු
ඉන්දියාව පුරාත් දක්නට ලැබීමෙන් පැහැදිලි වන්නේ සමාන
සංස්කෘතික ලක්ෂණ සහිත පිරිස් මේ දෙරටෙහි ජීවත් වූ බවයි. ඒ
අනුව දියුණු ශිෂ්ටාචාරයක් සහිත මානව කොටසක් ශ්රී ලංකාව තුළ
ජීවත් වූ බව මෙයින් පැහැදිලි වෙයි.
ශ්රී ලංකාවේ ජල කළමනාකරණ කටයුතු සම්බන්ධ මූලික සාධක අපට
හමුවන්නේ ද යකඩ යුගයේ සංස්කෘතිය තුළිනි.අනුරාධපුරයේ අභය වැව,
තිසා වැව, යාන්ඔය නිම්නයේ පැරණි වැව, ඉබ්බන්කටුව ඉදමොරළුව වැව
මේ යුගයේ මිනිසුන් විසින් නිර්මාණය කරනු ලැබූ ඒවාය. අභය වැව හා
තිසා වැව පසු කාලීන ව විශාල වූ වැව් ලෙස සැලකෙන අතර වැව ගම
පදනම් වූ මෙම ශිෂ්ටාචාරය ක්රි. පූ. 3 වන සියවසෙන් පසු වැව,
දාගැබ, ගම පදනම් වූ ශිෂ්ඨාචාරයකට පරිවර්තනය වූ බව පැහැදිලි වේ.
ඉහතින් පෙන්වා දුන් කරුණු අනුව අප රටේ ශිෂ්ටාචාරයේ හා
සංස්කෘතියේ වඩා තීරණාත්මක හැඩ ගැසීම ආරම්භ වන්නේ අදින් වසර
3000 කට පෙර බව පැහැදිලි වන අතර වංසකතාව විස්තර කරන ආකාරයට
අදින් වසර 2600 කට පෙර නොවන බව මේ රටේ පුරාවිද්යාඥයන් විසින්
විද්යාත්මක කාල නිගමන මඟින් මේ වනවිටතහවුරු කොට තිබේ. ඒ අනුව
එම කාල පරාසය පුරාවිද්යාඥයන් පූර්ව ඓතිහාසික යුගය හෝ යකඩ යුගය
වශයෙන් විග්රහයකට ලක්කොට ඇත. | |
|