ජාතියට මඟ පෙන්වූ සංඝපීතෘවරයාණෝ

උපුටා ගැනීම - කඩිහිංගල සොරත, ප්‍රේමරත්න අබේසේකර, සංස්‌කරණයෙන් යුත් 1962 විෙද්‍යාදය විශ්වවිද්‍යාලය ශ්‍රී සුමංගල ගුණානුස්‌මරණ සංගමය විසින් ප්‍රකාශිත "ශ්‍රී සුමංගල" ශාස්‌ත්‍රීය කලාපයෙනි.



සිංහලයන්ගේ භාෂා සාහිත්‍යය හා ආගම ද අතුරුදන් විය හැකි තරම් පිරිහුණු අවධියක හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නායක මාහිමියෝ විදුදය පිරිවෙන පිහිටුවූහ. විදුදය පිරිවෙන පිහිටුවීම ගැන කියන යගිරල පඤ්Æනන්ද හිමියෝ ඉතා උචිත ව්‍යංග්‍ය අර්ථ නගන සැසඳීමක්‌ කරති.

ඈත පිටිසර පෙදෙසක ජලය කොළඹට ගෙනවුත් මහා ජනතාවකට දෙවා ඔවුන්ගේ පිපාසා සංසිඳුවන බාහිර පවිත්‍රභාවය ඇති කිරීමට මූලික ස්‌ථානය ලෙස මාලිගාකන්ද තෝරා ගත්තේ සර් විලියම් හැන්රි ග්‍රැගරි ආණ්‌ඩුකාරතුමාය. ස්‌වදේශීය විදේශීය ධර්ම ශාස්‌ත්‍රාභිලාෂීන්ගේ ධර්ම ශාස්‌ත්‍ර පිපාසා සංසිඳුවා බාහිර අභ්‍යන්තර පවිත්‍රතාව ඇති කිරීමට මූලස්‌ථානය ලෙස මාලිගාකන්ද තෝරා ගන්නා ලද්දේ ශ්‍රී සුමංගල නායක හිsමියන් විසිනි. ග්‍රැගරි ආණ්‌ඩුකාරතුමා එකල අඳුරු පුරයක්‌ව පැවැති කොළඹ නගරය ගෑස්‌ ආලෝකයෙන් එළිය කරන්නට පටන් ගත්තේය. ශ්‍රී සුමංගල නායක හිමියෝ ලංකාව ධර්ම ශාස්‌ත්‍රාලෝකයෙන් බබලවනු පිණිස විදුදය පිsරිවෙන පටන් ගත්හ.

ඉංග්‍රීසි ආණ්‌ඩුකාරයා ගෑස්‌ එළියෙන් කොළඹ නගරය එළිය කිරීම අනාගතයෙහි ඉංග්‍රීසි බස හා සංස්‌කෘතිය නගරය එළිය කරන මහා විදුලි පහනක්‌ වන බව හැඳින්වෙන පෙර නිමිත්තක්‌ විය. විදුදය පිරිවෙන මේ ඉංගිරිසි එළිය වළකමින් ධර්ම ශාස්‌aත්‍රාලෝකය ලංකාව පුරා පතුරුවන සංකේතයක්‌ විය. බටහිර ජාතීන්ගේ බලය පැතිර යැම නිසා පිරිහුණු බුදුසමයත් ප්‍රාචීන භාෂා ශාස්‌ත්‍රත් නඟාලීම පිණිස වැලිවිට සරණංකර හිමියෝ පීඩා ඉවසන නිර්භයත්වයකින් හටනක්‌ ඇරඹූහ. සාමකාමී තැන්පත් නුවණින් පමණක්‌ නොව මඟට පිවිස මමත්වය මැඩගත් පැරණි යතිවරයකු මෙන් ලංකාව පුරා ධර්ම ශාස්‌ත්‍රාලෝකය පතුරුවන ලද්දේ හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නායක හිමියන් විසිනි. ජාති භේදය, කුල භේදය පමණක්‌ නොව ආගම් භේදය ද නොතකා උන්වහන්සේ තමන්ගේ කාරිය කෙළේ කිත් යසස්‌ පතන්නකු ලෙස නොවේ. නිහතමාන සිත් ඇති පඬිවරයකු, යතිවරයකු හා කෙලෙස්‌ තවන්නකුගේ චරිත ශක්‌තිය ඇත්තකු ද ලෙසය. උන්වහන්සේගේ චරිතයෙහි මේ ගති උන්වහන්සේ ගිහි පැවිදි උගතුන්ටත්, නිලධාරීන්ටත්, තමන්ගේ හිතවත් යතිවරයන්ටත් ලියූ ලියුම්වලින් හෙළිවෙයි. අපිස්‌ ගතිය වනාහි ලද දෙයින් තුටුව තමන්ගේ පාඩුවේ ජීවත්වීම නොවේ. රජුන්, ඇමැතියන්, ආණ්‌ඩුකාරයන් විසින් පුදනු ලැබීමත් මිල මුදල් තුති පැසසුම් ආදියත් පිඟන්කටු සේ සලකා බැහැර කළ හැකි උපේක්‍ෂාව හා ඒ නිසා ලබන ස්‌වාධීනත්වය ද එහි උසස්‌ම අංග වෙයි.

හික්‌කඩුවේ නායක හිමියන්ගේ ලියුම් උන්වහන්සේගේ චරිතයෙහි සමහර උතුම් අංගයන් පිළිබිඹු කරන කැටපතක්‌ වැන්න. උන්වහන්සේ තම හිතවතුන්ට පමණක්‌ නොව පණ්‌ඩිතයන්ට ද ලියුම් ලියුවේ සෙවි වහර බැහැරලා ගැමි වහරෙහි පිහිටාය, තමන්ගේ ගුරුතුමාට ලියූ ලිපියකින් කොටසක්‌ මේය.

"පොත් සුද්ධ කිරීම ගැන අපේ වලානේ හාමුදුරුවන් වහන්සේගේ නියමය පරිදි සියම් අමරපුර සමාගම් දෙකට පොත් වෙන්කර ගත්තා. පළමුවෙන් වෙන්කර ගත්තේ විනය පිටකයයි. එයින් අපට පොත් තුනයි. අමරපුර සමාගමට දෙකයි. අපි දැනට එක පොතක්‌ සුඬ කරනවා. පුවද්දණ්‌ඩාවේ සාමින් අසනීපෙන් නිසා ගුරුන්නාන්සේ මහත්මයාත් මමත් ඒ වැඩේ කරනවා. අපට උදව් අඩු බැවින් මහත් පිරිහීමක්‌ වෙන්ට යනවා"

තවත් ලිපි දෙකකින් උදුරා ගන්නා ලද වාසගම් කිහිපයක්‌ මේ(-

"රත්නපුරේ ඒජන්ත උන්නාන්සේගෙන් මේ මස 19 වැනි දින දාතමින් ලියූ ලියුමක්‌ දැන් මට ලැබුණා. එහි සඳහන්ව තිබෙන්නේ රත්නපුරේ ඒජන්ත උන්නාන්සේ විසින් එම පළාතේ සියම් සමාගමේ සංඝ සභාවේ තේරීමක්‌ ලෙස ශ්‍රී පාදස්‌ථානයේ නායක තනතුරට මා රෙකමදාසි කළාය. ඒ රෙකමදාසි උතුමාණන් වහන්සේ විසින් බලකඩදාසි බාරගන්නා පිණිස රත්නපුරේට යන්ට ඕනෑය කියලයි"

"ශ්‍රී පාදස්‌ථානයේ ඨානාන්තරය ගැන මා වෙනුවට තීන්දු කර තිබුණා. අක්‌ත කඩදාසිය මා විසින් බාරගන්ට නොගොස්‌ ඉන්නා අතර....."

දකුණ පළාතේ ගැමියන්ගේ කටබස්‌ වහරට ළංවන මේ සරල භාෂා රීතිය එකල කෙළින්ම දියුණු නොවූයේ උගතුන්ගේ මානය දැක්‌කගෙන රීති, වෑයමෙන්, නිපදවනු ලැබීම් නිසාය. අනික්‌ හැම අතින් අපිස්‌ ලෙස ජීවත් වූ යතිවරයෝ පවා අපිස්‌ වත පඬිකමින් බැහැර කළහ. හික්‌කඩුවේ නායක හිමියන්ගේ සරල බස්‌ වහර උන්වහන්සේගේ සිදත් සඟරා සන්නයටත් කව්සේකර සන්නටත් පිවිසියේය. උගතකුගේ නොයෙක්‌ ගති පිවිසීමෙන් උපදින්නකි භාෂා රීතිය. හොඳ ගති මෙන් මානය, ඊර්ෂ්‍යාව, අත්තුක්‌කංසනය, පරවම්භනය ආදී නරක ගති ද තමාගේ භාෂා රීතියට පිවිසෙනු වළක්‌කන්නේ ඒ නරක ගති සිතින් මිරිකා හරින උගතා පමණි. හික්‌කඩුවේ නායක හිමියන්ගේ භාෂා රීතිය, අර නරක ගති මිරිකා හළ පඬිවරයකුගේ අධ්‍යාත්මයෙහි සරල සුන්දරත්වය පිළිබිඹු කරන කැටපතකි. උන්වහන්සේ විසින් ලියන ලද ලියුම් රාශියක්‌ යගිරල පඤ්Æනන්ද නායක හිමියන්ගේ ශ්‍රී සුමංගල චරිතයෙහි දක්‌නා ලැබේ. මේ ලියුම්වලින් උන්වහන්සේගේ චරිතයෙහි නොයෙක්‌ අංග හෙළිවෙයි. එහෙත් හැම ලියුමකින් හෙළිවන එක්‌ අංගයක්‌ ඇත. එය කුඩා දරුවකුගේ අකපට නිර්ව්‍යාජත්වයට හෝ කෙලෙසුන් තැවුවකුගේ දැඩි අරටුවක්‌ සේ හික්‌කඩුවේ නායක හිමියන්ගේ මරණය තෙක්‌ උන්වහන්සේගේ චරිතය රැක්‌ක බව යගිරල පඤ්Æනන්ද නායක හිමියන්ගේ ශ්‍රී සුමංගල චරිතයෙන් වනිත වෙයි. යගිරල නායක හිමියෝ ඇතැම් තැනකදී තමන්ගේ ගුරුතුමාගේ අපිස්‌ බවත් නිවාතවුත්තියක්‌ දෝෂ දර්ශනයට භාජන කළහ. එයින් හෙළිවන්නේ යගිරල නායක හිමියන් තමන් මහත් භක්‌ත්‍යාදරයෙන් සිහි කළ ගුරුතුමාණන්ගේ චරිතයෙහි උතුම් ලක්‍ෂණ දෙකක්‌ හොඳින් නොවටහාගත් බවයි.

අල්පේච්ඡ ජීවිතය

ශ්‍රී සුමංගල චරිතය ලියනු ලැබූ කාලයෙහි ලංකාවේ බලපැවැත්වූයේ අපිස්‌කම නිවට කමත් නිවාතවුත්තිය බැගෑ බවත් ලෙස සලකන්ට අනුබල දුන් අලුත් සංස්‌කෘතියකි. එය බෞද්ධ සංස්‌කෘතියෙහි හරයෙන් මෙන් බටහිර සංස්‌කෘතියෙහි හරයෙන් ද තොර වූවකි. බාහිර ඔපයට මුල්තැන දෙනු ලැබූ ඒ සංස්‌කෘතියට හසුවූවෝ, ආණ්‌ඩුකාරයන්, ලොකු නිලධාරීන්, ධනවතුන් හා බටහිර භාෂා ශාස්‌ත්‍ර උගතුන් ද හා ගැටීම ශ්‍රේෂ්ඨත්වයෙහි අංගයක්‌ කොට සැලකූහ. යගිරල පඤ්Æනන්ද නායක හිමියන් කොළඹ නගරයෙහි බලපැවැත්වූ මේ සංස්‌කෘතියෙහි නිසරු පැත්ත නුදුටුවකු බව හික්‌කඩුවේ නායක හිsමියන්ගේ අපිස්‌ ජීවිතය අරබයා කරන ලද මේ විවේචනයෙන් හෙළිවෙයි.

"එහෙත් කල් විත්තිකරුවකු වශයෙන් උසාවියකට පානොතබා අධික ගෞරවයෙන් විසූ මාහිමියන් වහන්සේට මෙය බලවත් චිත්ත පීඩාවක්‌ විය. පැමිණිල්ල උසාවියට බාරදුන් බව දැන එදාම පදවිය අත්හැර දමන්නට සූදානම් වූහ. සිංහ ලග්නයෙන් උපන් කෙනෙකුට නියමිත ගතිගුණවලින් එකක්‌ වන "කලබල වීමේ" "ඉක්‌මන් වීමේ" දුර්වලකම මේ මොහොතෙහි උන්වහන්සේ කෙරෙහි බලපවත්වන්ට විය."

මේ විවේචනය සමහර උගතුන්ගේ ගතානුගතික අදහස්‌වල ප්‍රතිරාවයකි. සිංහයා තම කායික ශක්‌තිය පිළිබඳ හැඟීමෙන් එඩිතරව සැණෙකින් ක්‍රියා කරන්නෙකි. එය කලබල වීමක්‌ නොවේ. පෙරදිග රටවලට පැමිණි සමහර බටහිර පාලකයන්ගේ හා ඔවුන් අනුගමනය කළ ලාංකිකයන්ගේ ද පිළිවෙත වූයේ සිංහයා මෙන් ලෝකායත ශක්‌තිය ගුරුකොට ගැනීමයි. නායක හිමියෝ බුදුසමය හා පැවිද්දන් හටනට එලවනු ලැබූ ශ්‍රී පාදස්‌ථානයේ නායකකම ඉවත දමන්ට සිතූහ.

ශ්‍රී පාදස්‌ථානයේ නායකකමින් හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නායක හිමියන් පුදනු ලැබීම ඇතැම් ඉංග්‍රීසි නිලධාරීන්ගේ, ඔවුන්ට සේවය කළ ලාංකික නිලධාරීන්ගේ, භික්‍ෂූන්ගේ හා දායකයන්ගේත් යෝජනාවක ප්‍රතිඵලයයි. මුළු බෞද්ධ ජනකායගේ පමණක්‌ නොව ඇතැම් කිතු සමයවාදී උගතුන්ගේ ද සිත් දිනාගත් යතිවරයකු වන හික්‌කඩුවේ නායක හිමියන්ට ශ්‍රීපාදස්‌ථානයේ නායකකම පුදනු ලැබීම ඉංගිරිසි පාලකයන්ගේ උපායඥනයෙහි අංගයක්‌ ද විය. ඒ උපායඥනය උඩරට නිලමක්‌කාරයන් පමණක්‌ නොව පාතරට සිංහල නිලධාරීන් ද නුදුටුවක්‌ විය නොහැකිය.

හික්‌කඩුවේ නායක හිමියන් ශ්‍රී පාදස්‌ථානයෙහි නායක පදවිය සඳහා පොළඹවන ලද්දේ උන්වහන්සේගේ හිතවතුන්, දායකයන් හා යතිවරයන් ද විසිනි. බෞද්ධයන්ට අවංකව සේවයක්‌ කරන්ට එයින් ඉඩ ලැබෙතියි සිතූ උන්වහන්සේ ඒ නායකකම ඉල්ලූහ. ඒ සියල්ලට යටින් ඇති කුමන්ත්‍රණ, කූට අදහස්‌, ලාභාපේක්‍ෂාව ආදිය වටහා ගත් වහාම උන්වහන්සේ ඒ නායකකම බැහැර කරන්ට සිතූහ. උන්වහන්සේ රාමඤ්ඤ නිකායේ අඹගහවත්තේ නායක හිමියන්ට ලියූ ලියුමක මෙසේ සඳහන් වෙයි. "මගේ පක්‍ෂයේ සියල්ලන්ගේම අදහස සුප්‍රිම් උසාවියට නඩුව යවාලා ඔප්පු වීමේ ප්‍රකාර වාසි ලබාගන්ටයි. නමුත් මගේ අදහස ඊට විරුද්ධයි. එනම් මේ පැමිණි පමණ විඳ දරාගෙන ගෙවිය යුතු දෙය ගෙවා නිදහස්‌ව ආගමේ කටයුත්තක්‌ කරන්ට අවකාශ ගන්නයි. තවම අපි විවාදයෙන් පසුවෙනවා. මම සිතන්නේ නරක්‌කම්මලින් මේ ලෙස වී යයි මම ආඝාත වශයෙන් නොසිතමි."

හික්‌කඩුවේ නායක හිමියන් තමන්ගේ ගුරුතුමාට යෑවූ ලියුමක මෙසේ සඳහන් වෙයි. "මේ නායකකම මෙහි ආවාට පසුවත් මම භාර නොගන්ට කල්පනා කළ නමුත් බටුවන්තුඩාවේ ගුරුමහත්මයාගේ බලකර කීම නිසාත් මේ පළාතේ සියලු බුද්ධාගම්කාරයන්ගෙ හා බොහෝ මහනුන්නාන්සේලාගේ බැගෑපත් ඉල්ලීම නිසාත් කඩදාසිය බාර දතිමි."

හික්‌කඩුවේ නායක හිමියන් ශ්‍රීපාදස්‌ථානයේ නායකකම පිළිකුලෙන් බැහැර කරන්ට සිතුවේ ඇතැම් පැවිද්දන් හා ගිහියන් එක්‌ව කුමන්ත්‍රණ කළ නිසාම නොවේ. "රත්නපුරේ ඒජන්ත උන්නාන්සේගෙන් මේ මස 19 වැනි දින දාතමින් ලියුමක්‌ මට දැන් ලැබුණා. එහි සඳහන්ව තිබෙන්නේ රත්නපුරේ ඒජන්ත උන්නාන්සේ විසින් එය පළාතේ සියම් සමාගමේ සංඝ සභාවේ තේරීමක්‌ ලෙස ශ්‍රීපාදස්‌ථානයේ නායක තනතුරට මා රෙකමදායි කළාය. එය උතුමාණන් වහන්සේ විසින් පිළිගනිමින් මා ඒ තනතුරට පත් කළාය. ඒ ගැන එවා තිබෙන ආණ්‌ඩුවේ බල කඩදාසිය භාරගන්නා පිණිස රත්නපුරේට යන්ට ඕනෑය කියලයි."

හික්‌කඩුවේ නායක හිමියෝ කච්ෙච්රියට නොයන්ට සිතූහ. "අක්‌ත කඩදාසිය භාරගන්ට නොගොස්‌ ඉන්නා අතර නැවතත් මේ පළාතේ සංඝයා සඟ රදලවරුන් එය භාරගැනීමේ යුතුකම් කීමෙන් යාච්ඥ කළ අතර මෙහි පොත් ශුද්ධිය පිණිස පැමිණ සිටි සංඝයාත් එය පිළිගැනීමේ නිර්දෝෂත්වය සහ යුතුකම නිසා භාරගන්ට ම කී නිසා 17 වැනි දින රත්නපුරේ කච්ෙච්රියට.... ගියෙමි."

මුදලි මුහන්දිරම්කම් පතන්නන්ට නම් කච්ෙච්රිය දේවාලයකි. බෞද්ධ ජනකායගෙන් වැඳුම් පිදුම් ලබන ශ්‍රේෂ්ඨ යතිවරයකුට කච්ෙච්රිය එවැන්නක්‌ නොවේ. හික්‌කඩුවේ නායක හිමියන් එහි වඩින්නේ කුමටද? ඒ කඩදාසි කැබැල්ල කෙළින් උන්වහන්සේ වෙත නොඑවන ලද්දේ කුමක්‌ නිසාද? හික්‌කඩුවේ නායක හිමියන් මෙසේ සිතන්ට ඇත. නිවාතවුත්තිය ගුරුකොට ගත් උන්වහන්සේ ඒ සිතුම් මැඩ ගත්හ. මෙය දුබලකමක්‌ නොව පඬිවරයකුගේ අපිස්‌ ජීවිතයෙහි අංගයකි. උචිත අවස්‌ථාවෙහි එඩිතරව ක්‍රියා කළ සැටි උන්වහන්සේගේ චරිතයෙන් හෙළිවෙයි.

විදුදය පිරිවෙණේ බණ පිරිත් පින්කමක්‌ උදෙසා දේවාලය තල්පත අනිත් පන්සලකට ගෙන යා යුතු විය. කතෝලිකයන් හා බෞද්ධයන් අතර ඇති වූ මහා කෝලාහලයක්‌ නිසා මෙවැනි පෙළහරකට වුවද පොලිසියෙන් අවසර ගත යුතුය. පොලිසිය අවසර නුදුන්නේය. මෙය බෞද්ධයන්ගේ අප්‍රසාදයට හේතුවක්‌ විය. පසුව පොලිසියේ ඉන්ස්‌පැක්‌ටර්වරු දෙදෙනෙක්‌ කලින් නුදුන් අවසරපත පිරිවෙනට ගෙනාවෝය.

"කමක්‌ නැහැ" යි නායක හිමියෝ කීහ. "එය නුඹලා තබාගනිල්ලා, මම පෙළහර පවත්වනවා. නුඹලා විසින් කට හැකි සියල්ල කරපල්ලා."

පසු දින අසු පිටින් ආ පොලිස්‌ නිලධාරියෙක්‌ අවසරපත නායක හිමියන්ට පිරිනැමුවේය.

"කමක්‌ නැහැ. එය අරගෙන යන්න" යි නායක හිමියෝ කීහ. "මේ රටේ - මේ අපේ රටේ - මේ බෞද්ධ රටේ අපට ආගමික කටයුත්තක්‌ සඳහා පොලිසියට ගොස්‌ අවසර ඉල්ලන්ට සිදුවී තිබේ..... මම මගේ බෞද්ධයන් ලවා පෙළහර කරවනවා.."

විදේශීය කීර්තිය

බුදු සමය, සිංහල භාෂාව, පාලිය හා සකුවද ඉංගිරිසි උගත් සිංහලයන්ම පහත් කොට සලකනු ලැබූ අවධියකදී ලංකාව පාලනය කළ ඉංගිරිසිකාරයන් ඇතුළු නිලධාරීන්ගේ අහංකාරකමත් සාඩම්බර බටහිර අවලේපයත් මැŽමට ඒ ප්‍රාචීන භාෂාවන්හි හසළ දැනුම ප්‍රමාණ නොවීය. ඒ සඳහා උදාර ෙච්තනා, ස්‌වාධීනත්වය හා චරිත ශක්‌තියත් පොදුජන ගෞරවාදරය ලැබීමත් පාණ්‌ඩිත්‍යයට එක්‌විය යුත්තකු උවාරණ විය. උගත්කමත් ඒ උවාරණත් කිරි දිය සේ එක්‌වීමෙන් උපන් චරිතයක්‌ ශ්‍රී සුමංගල නායක හිමියන්ට විය. ආණ්‌ඩුකාරයාට හා නිලධාරීන්ට ඇතැම් විට බිය එළවන්නක්‌ විය ඒ චරිතය.

පෙරදිග බෞද්ධ රටවලත් බටහිර ප්‍රාචීන පඬිවරයන් අතරත් පමණක්‌ නොව ප්‍රාචීන භාෂා නොදත් සමහර බටහිර උගතුන් අතර ද මීට අවුරුදු සීයකට පමණ උඩදී ප්‍රකට වූ උගතෙකි හික්‌කඩුවේ නායක හිමියෝ. පාණදුරේ වාදය කෙරෙන අවධියෙහි යුරෝපයේ සමහර විද්‍යාඥයෝත් දර්ශනවාදීහුත් ග්‍රන්ථකාරයෝත් දැඩි නාශක විවේචනයට කිතුසමය භාජන කළෝය. නිර්මාණවාදයත් ආත්මවාදයත් බැහැර කරන බුදුසමය ගැන මොවුන් අතුරෙන් සමහරුන් තුළ කුහුලක්‌ හටගත්තේය. හික්‌කඩුවේ නායක හිමියන්ගේ නම මේ ටික දෙනා අතර ප්‍රකට විය. ඔවුන්ගෙන් එකෙක්‌ නොබෙල් තෑග්ගෙන් පුදනු ලැබූ ඇනටෝල් ප්‍රාන්ස්‌ නමැති ප්‍රංස ලේඛකයාය. 1920 දී පමණ ලියූ ඔහුගේ එක්‌ නිබන්ධ සංග්‍රහයක බුදුසමය පිළිබඳ නිබන්ධයක්‌ වෙයි. හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් ගැන ඒ නිබන්ධනයෙහිලා ඔහු සඳහන් කරන්නේ මෙලෙසිනි.

"බුදුසමය ආගමක්‌ ලෙස හැඳින්විය හැක්‌කේ අමාරුවෙනි. එහි මැවිල්ලක්‌ නැත. දෙවියෝ නැතá ඇත්ත වශයෙන් (දෙවියන් ඇදහීම් වැනි) වන්දනා මානයන් එහි නැත. එය අනික්‌ සියලුම සදාචාර ධර්මයන්ට වඩා සුන්දර සදාචාර දහම් සමයකි. එය නිර්භය නවීන චින්තකයන්ගේ ස්‌වාධීනත්වයට නොපැටහැනි දර්ශනයකි....

ලංකාවේ දකුණු බුදුසමයේ (ථෙර වාදයෙහි) මහානායක සුමංගල හිමි නවීන විද්‍යාව ඉතසිතින් පිළිගත්තේය. පෙරෙවි කහ සිවුරු නිසා උදාර පෙනුමක්‌ ලබන තඹ පැහැති මුහුණක්‌ ඇති මහලු උන්වහන්සේ බුලත් කමින් හර්බර්ට්‌ ස්‌පෑන්සර්ගේ ග්‍රන්ථ කියවයි.

"මුළු ලොව කෙරෙහි මෙත් සිත පතුරුවන බුදුසමය විද්‍යාවට ද හිතවත්ය. සුමංගල හිමි, ඩාර්වින් හා ලිට්‌රේ සාධූන්ගේ ගණයෙහිලා සලකයි. ඒ දෙදෙනා අරම් වැසි මුනිවරයන් සේ අධ්‍යාත්ම රතිය, දයාව හා මෙලොව වස්‌තුව නිසා උපන් පිළිකුල ද ඇත්තෝය. සුමංගල පාලනය කරන දකුණු බුදුසමය (ථෙර ගරු කරයි...) බුදුසමයෙහි අධ්‍යාත්ම හරය පමණක්‌ සලකතොත් එය ප්‍රඥවෙන්, මෙත් සිතින් හා අනුකම්පාවෙන් ද පිරුණකි."

හික්‌කඩුවේ නායක හිමියන්ගෙන් හා විදුදය පිරිවෙනින් උගැන්ම ලැබූ ශිෂ්‍යයන් ලංකාවේ නොයෙක්‌ පෙදෙස්‌වල පිහිටුවූ පිරිවෙන් ද ඒ පිරිවෙන්වලින් උගැන්ම ලැබූ ශිෂ්‍යයන් පිහිටවූ අතු පිරිවෙන් ද දෙසීයකට වැඩි යෑයි සිතමි. ඒ පිරිවෙන්වලින් සිදු වූ සාහිත්‍ය සේවයත් එහි ඇදුරුවරුන් පාලි, සිංහල සකු පොත් සකස්‌ කොට සන්න ගැටපද සහිතව පළකිරීමෙන්

කළ ශාස්‌ත්‍ර සංග්‍රහයක්‌ ගැන කිසිවක්‌ කිව හැක්‌කේ ඒ පිළිබඳ විශේෂ පර්යේෂණයකින් පසු සම්පාදනය කෙරෙන පොතකිනි. හික්‌කඩුවේ නායක හිමියන්ගේ කාලයෙහි සිංහල භාෂා සාහිත්‍යයට පමණක්‌ නොව බෞද්ධ සංස්‌කෘතියට ද අලුත් පණක්‌ දෙනු පිණිස සේවය කළ යතිවරයන් හා ගිහි පඬිවරයන් කිහිපදෙනකුන් ගැන සැකෙවින් කිසිවක්‌ කියන්ට මම වෑයම් කරමි.

බෞද්ධයන් හා ක්‍රිස්‌තියානින් අතර හටගත් ආගම්වාදය සිංහල භාෂා සාහිත්‍යයට පමණ දෙන ජීවක වෙදකමක්‌ විය. මේ ආගම්වාදය නිසා සිංහලයන් අතර හටගත් පිබිදුම සාහිත්‍යයේත් බෞද්ධ සංස්‌කෘතියේත් නැඟීමට මහා හේතු කර්තෘකයක්‌ වූ බව වටහාගන්නේ කල්පනා ශක්‌තිය ඇත්තෙකි. හික්‌කඩුවේ නායක හිමියන්ගේ තම ප්‍රාචීන භාෂා නොදත් ඇතැම් බටහිර උගතුන් අතර පැතිර යැමට පවා පාණදුරෙ වාදය හේතු වූ බව මම මීට මඳකට පෙර කීවෙමි. මොහාට්‌ටිවත්තේ ගුණානන්ද හිමියන් ක්‍රිස්‌තියානි කථිකයන් පරාජය කළ පසු ආගම්වාදය පොතින් හා පතින් කෙරෙන්නක්‌ විය. බුදුසමය විසින් හික්‌මවූ යතිවරයන් සමඟ ක්‍රිස්‌තියානි දේවගැතිවරුන් වාදයට එළඹීමට හේතු වූයේ දුර දක්‌නා නුවණ නොව බටහිර සංස්‌කෘතියෙන් උකහාගත් බොරු මානයයි. ආත්මවාදය බැහැර කරන උගත් බෞද්ධ උච්ඡේදවාදියාට ළංවන නිදහස්‌ මතවාදියෙකි. පොතින් පතින් කෙරෙන ආගම්වාදය සඳරැස පත ගම්වල ද පැතිරවූයේය. බටහිර විද්‍යාඥයන් හා නිදහස්‌ මතවාදීන් කිතුසමයට පටහැනිව ලියූ පොත් කියවීමට ලංකාවේ ඉංගිරිසි උගතුන් උනන්දු වූයේ මේ ආගම්වාදය නිසාය. අසහනයෙන් තොර වූ බෞද්ධයන් අතරට අසහනය පිවිසවූයේ ක්‍රිස්‌තියානි පණ්‌ඩිතයන් විසිනි.

බත්තරමුල්ලේ ශ්‍රී සුභූති හිමියන්ගේ දුර්වාදී හෘදය විදාරණය ක්‍රිස්‌තියානි වාදකාරයන්ගේ තර්ක සුන්බුන් කරන්නක්‌ පමණක්‌ නොව ඔවුන්ගෙන් සමහරුන් බුදුසමයටත් බුදුන්වහන්සේටත් කළ නින්දා අපහාස වඩාත් කර්කශ නින්දාවෙන් බිඳහෙළන්නක්‌ විය. එහි ප්‍රවේශය වූ බුද්ධ චරිත කාව්‍ය පැරණි කවියකුගේ කාව්‍යයකට ළංවන රචනයකි.

මගේ සිතුම් සිංහලෙන් කියන්ට සොළොස්‌ හැවිරිදි වියෙහි පමණ සිටි මා තුළ ආසාවක්‌ හටගත්තේ දුර්වාදී හෘදය විදාරණය කියවීමෙනි. මා මෙන් ඒ පොත කියවූ තවත් බොහෝ දෙනකුන් තමන්ගේ සිතුම් සිංහලෙන් කියනු පිණිස උනන්දුවන්ට ඇත. පැරණි වාසගම පොත් හා සන්න ගැටපද සහිත සිංහල කවි පොත්ද බස උගැන්මට මිස සිතන්ටත් ලියන්ටත් අප උනන්දු නොකළේය. පාණදුරේවාදය, දුර්වාදී හෘදය විදාරණය, මහා බයිබල සූත්‍රය හා දේව පූජාවාදය පිළිබඳ පොත්ද සිතන්ටත් ඒ සිතුම් කියන්ටත් බොහෝ දෙනකුන් උනන්දු කළේය. දේව පූජාවට පහර දෙන පොතක්‌ ලියුවේ රාමඤ්ඤ නිකායේ ධර්මකීර්ති නමැති උගත් යතිවරයෙකි. එය බැදිගම රතනපාල නායක හිමියන්ගේ තර්ක බිඳ හෙළනු පිණිස ලියුවකැයි සිතමි. සියුම් තර්කයෙහි සූරයකු වූ ඩී. පී. විෙ-සිංහ මහතාගේ රචනයකින් මහා බයිබල සූත්‍රය සඳරැසෙහි හෙන ගුලි ලිපි උගත් ගැමියන් විසින් කියවනු ඇසීමට නූගත් ගැමියෝ ද ගියෝය.

ආගම්වාදය මෙන් කුලවාදය ද එකල අනර්ථයට මෙන් අර්ථයට ද හේතු වූවකි. ඒ වාද සිංහලයන් බිඳුවන්ට මෙන් බෞද්ධයන් අතර ඒකමිතියක්‌ ඇති කරන්ට ද හේතු විය. ආගම්වාදය හා කුලවාදය ද අප රට පාලනය කළ සමහර උසස්‌ ඉංග්‍රීසි නිලධාරීන්ගේ උපායඥනයෙන් අනුබල ලැබූ හටන් දෙකක්‌ යෑයි සිතමි. පෙරදිග රටවල ජනයා කොටවන උපාය දැනුදු බටහිර රාජ්‍ය තන්ත්‍රයෙහි සැඟවී සිටින අංගයකි. ඉංග්‍රීසි පාලකයන්ගේ මේ කූට තන්ත්‍රයට ලක්‌දිව යතිවරයෝත් ගිහියෝත් හසුවූහ.

වැලිගම ශ්‍රී සුමංගල නායක හිමියෝ ද ප්‍රාචීන භාෂා ශාස්‌ත්‍රොaන්නතිය සඳහා විශාල සේවයක්‌ කළ යතිවරයෙකි. සකු බසෙහි හසළ දැනුම ඇති උන්වහන්සේගේ හිතෝපදේශ සන්නය ආණ්‌ඩුව විසින් මුද්‍රණය කරනු ලැබූ පොතකි. "ඉතිහාසය" නමැති ග්‍රන්ථය වාදයකට හේතු විය. ප්‍රාචීන භාෂා උගත් සමහර බටහිර උගත්තු වැලිගම නායක හිමියන් ලියුම්වලින් ඇසුරු කළහ. හික්‌කඩුවේ නායක හිමියන් නිසා පිබිදුණු බුද්ධාගම්කාරයන් හා යතිවරයන් හික්‌මවනු පිණිස පහන් කතුතුමා අගනා සේවයක්‌ කළේය. අභිධර්මයෙහි හා ධර්ම විනයෙහි සූරයකු වූ පහන් කතුතුමා ස්‌වාධීනව සිතන්නෙක්‌ ද විය. ලංකාවේ කිසිම ගුරුකුලයකට අවනත නොවූ ඔහු හැම නිකායකම යතිවරයන් විවේචනය කළේය. මලලගම ධම්මරංසි තෙරුන් පහන් කතුතුමාට විරුද්ධව පැවරූ නඩුවක්‌ සාමදානයෙන් බේරන්ට හික්‌කඩුවේ නායක හිමියන් කළ වෑයමෙන් හෙළිවන්නේ උන්වහන්සේගේ අකපට ජනහිතකාමී බවයි.

අතීත ලංකාවේ යතිවරයන් කෙලෙස්‌ තැවීමටත් දිට්‌ඨි විශේෂ සිතින් බැහැරලීමටත් අනුගමනය කළ භාවනා ක්‍රමය හයවන හත්වන සියවස්‌වලදී අරම්වලින් අතුරුදන් වන්ට ඇත. අටුවා ටීකා ලිවීමේ ගුරුකුල දහම 15 වැනි සියවස පමණ වන තෙක්‌ දියුණු විය. බටහිර ජාතීන්ගේ පැමිණීම නිසා ඒ පණ්‌ඩිත ගුරුකුල දහම ද යට ගියේය. එහෙයින් සිංහල බසින් අභිධර්මය කියනු අසන්ට ආසා ඇත්තෝ නැති වූහ. විදුදය විදුලකර පිsරිවෙන් හා දකුණු පළාතේ ඇරැඹුණු පිරිවෙන් ද නිසා බුදු සමයෙහි ගැඹුරු දහම් උගැන්මේ ආසාව ලක්‌දිව පැවිදි උගතුන් අතර මෙන් ගිහියන් අතර ද පැතිරිණි. පහන් කතුතුමා නිර්භයව තමාගේ ම සිංහලෙන් අබිදම් හකුළුවා කියන්ට කළ වෑයමෙහි ඵලයකි. "පඤ්චස්‌කන්ධ විභාගය" බටහිර විද්‍යාවෙන් උකහා ගත් මතාන්තර ද ඇසුරු කළ වාගීශ්වර පඬිතුමාගේ අභිධර්මය ද අභිධර්මය උගැන්මට සිංහල උගතුන් අතර පැතිරී ආසාවෙහි ප්‍රතිඵලයකි. මේ උනන්දුව පාණදුරේ වාදයෙන් මතුවුණු අනාත්මවාදය පිළිබඳ කුහුලත් නිර්මාණවාදයට පටහැනි බටහිර විද්‍යාඥයන්ගේ හා චින්තකයන්ගේ අදහස්‌ මෙහි පැතිරීමත් නිසා උපන්නකි. කිතුසමය විවේචනය කරනු පිsණිස ආනන්ද විද්‍යාලයෙහි මහ ඇදුරකු ලියූ Credentials of Christianity යන පොත ද පාණදුරේ වාදයෙහි ප්‍රතිරාවයකි. බෞද්ධයන්ගේ හා කිතුසමයවාදීන්ගේ ගැටුම ඉංගිරිසි උගතුන් අතර පළකරන්ට වෑයම් කළවුන්ගෙන් ෙ-ම්ස්‌ ද අල්විස්‌, ඇµa. ආර්. සේනානායක, අනගාරික ධර්මපාල, සර් ඩී. බී. ජයතිලක, ඩබ්ලිව්. ආතර් ද සිල්වා, සී. ඒ. හේවාවිතාරණ, සී. බටුවන්තුඩාවේ, මාර්ටිනස්‌, සී. පෙරේරා, වලිසිංහ හරිශ්චන්ද්‍ර, ඩී. එස්‌. වික්‍රමරත්න ආදීහු නායක තැන් ගත්හ. මෙකල ඇති වූ උනන්දුවෙහි ඵලයකි හික්‌කඩුවේ නායක හිමියන්ගේ අපවත්වීමෙන් පසු කළුතර පවත්වන ලද අභිධර්ම දේශනා.

තම බස්‌ වහරට අනුව කලට උචිත සේ වෙනස්‌ වීගෙන ආ සරල සිංහලය හික්‌කඩුවේ නායක හිමියන්ගේ ලියුම්වලින් හා වාද ලිපිවලින් ද හෙළිවෙයි. මේ සරල භාෂා රීතියෙහි වැඩීමට බාධාවක්‌ වූයේ කුමාරණතුංග මහතාගෙන් පමණක්‌ නොවේ. ශ්‍රී ධර්මාරාම නායක හිමියන්ගේ හා ගුණවර්ධන මුදලිඳුගේ බස්‌වහර ද ඊට බාධාවක්‌ විය. ඩී. බී. ජයතිලක මහතා හික්‌කඩුවේ නායක හිමියන්ගේ සරල භාෂාවට හුරු රීතියකින් ලියුවේය. දැන් ගැමි වහරින් ද අනුබල ලබන සරල භාෂා රීති එකක්‌ නොව කිහිපයක්‌ දියුණු වෙයි.

පිරිවෙන් හා පන්සල් සිංහලය, පාලිය හා සකුව ද උගන්වන්ට පටන්ගත් පසු පොදු උගතුන් පද්‍ය රචනයට උනන්දු වූයේ කුමක්‌ නිසාදැයි මම නොදනිමි. ලොකු අකුරෙන් ඇඳි කවියක්‌ සහිත සුදුරෙදි කඩක්‌ හැම තොරණක, ගෙඩිගෙයක විය. ඇතැම් විට ගැමි මඟුල් ගෙයක දොරටුව මුදුනෙහි බිත්තියෙහි ද දැලි අකුරෙන් ලියූ කවක්‌ විය. තුති පත හා කවි කොළය ද පද්‍ය රචනයෙහි ආසාව පැතිරීමෙහි ඵල වෙයි.

මේ කාලයෙහි පද්‍ය රචනා කළවුන් අතරින් බෙන්තොට ඇල්බර්ට්‌ සිල්වා මහතා හා පියදාස සිරිසේන මහතා ද බෙහෙවින් ප්‍රකට වූහ. ජාතික ආගමික හැඟීම පුබුදන සිතුම් සිරිසේන මහතාගේ පද්‍ය රචනයන්ට පිවිසියේය. ආනන්ද රාජකරුණා, ජී. එච්. පෙරේරා, ලයනල් සිල්වා හා මහින්ද හිමියෝ ද මේ පරපුරේම කවියෝ වූහ. විෙ-සිංහ රවීන්ද්‍රනාත් තාගෝරගේ ප්‍රකෘති වර්ණනා කියවීමෙන් පිබිදුණු කල්පනා ශක්‌තියෙහි පිහිට පද්‍ය රචනයට පටන්ගත් කොළඹ කවි කුලයේ නායකයා විය.

ආගම්වාදය, කුලවාදය හා දේව පූජා වාදය ද ගද්‍යයට වස්‌තු සැපයූ කාලයෙහි සිංහල ගද්‍යය දියුණු විය. ඒ වාද නැවතුණු පසු ගද්‍ය රචනයට උගතුන් උනන්දු කළේ නවකතාවයි. නවකතාව සිංහල ගද්‍යයට අරමුණක්‌ වන්ට පෙර පැරණි අද්භූත කතා සිංහලෙන් කියන්ට වෑයම් කළ කිහිපදෙනෙක්‌ වූහ. බෙන්තොට ඇල්බර්ට්‌ සිල්වා ලවා සිංහලයට නැගූ අරාබි නිසොල්ලාසය පළ කරවූ ඇන්. ඇස්‌. ප්‍රනාන්දු, වනිග විෙ-සේකර මුදලිඳු, හික්‌කඩුවේ නායක හිමියන් හා මොහොට්‌ටිවත්තේ ගුණානන්ද හිමියන් ද නිසා බෞද්ධයන් අතර හටගත් පිබිදුමට රුකුල් දුන්නෙකි. අගනා සිතියම් සහිතව ජාතක කතා පිළිවෙළින් පළ කරනු පිණිස සඟරාවක්‌ ද අරඹනු ලැබීය. ගම්වල ද පැතුරුණු ඒ සඟරාව කුඩාවියෙහිදී කියවූ මා එය ඇරඹනු ලැබීය. ගම්වල ද පැතිරුණු ඒ සඟරාව කුඩා වියේදී කියවූ මං එය ඇරඹූ දුරදක්‌නා නුවණැතියන්ගේ නම් දැන් මතක්‌ කරන්ට තැතනීම කළුවර කාමරයක ඇතැයි සිතාගත් කළු බළලකු අල්ලන්ට අතපත ගාන කණකුගේ වෑයම වැන්නයි හැඟේ. හික්‌කඩුවේ නායක හිමියන්ගේ සූර ගෝලයකු වූ වේරගම බණ්‌ඩාර මහතාගේ, ඉරි සිත්තම් සහිත, සම්බුද්ධ චරිතය දකුණු පළාතේ ගැමි ගෙවලට බෙහෙවින් පිවිසි පොතකි. එය මෙකල වුවද මුද්‍රණයෙන් පැතිර විය යුතු බුදු සිරිතකැයි මම සිතමි.

 

හෙළ අටුවා පෙරළා බුදුදහම රැකි බුද්ධඝෝෂ හිමියෝ



ක්‍රි.ව. 5 සියවස පමණ වන විට ථෙරවාදි බුදුදහම ප්‍රබල අර්බුදයකට මුහුණදී තිබුණි. ඒ මහායාන ආගමික සංකල්පයන්ගෙන් ථෙරවාදය ගිලගැනීමයි. ක්‍රි.ව. 01 සියවසේ කණිෂ්ක දවස කාශ්මීරයේදී පවත්වන්නට යෙදුණු සිව්වන ධර්ම සංගායනාවත් සමග සංස්‌කෘත භාෂාව අන් කවරදාටත් වඩා බුදුදහම ආක්‍රමණය කරන්නට විය. මේ නිසා බුදුදහම ආශ්‍රිතව තිබූ පාලි භාෂාවට ප්‍රබල තර්ජනයක්‌ මතු විය. මතු වූ මේ තත්ත්වයෙන් බුදුදහම හා ඒ ආශ්‍රිත සාහිත්‍යය රැකගැනීමට ඉදිරියට ආ යතිවරයකු ලෙස බුද්ධඝෝෂ හිමියන් හඳුන්වාදිය හැක. ඉන්දියාවේ සිට ලංකාවට ක්‍රි.ව. 5 සියවසේ මුල් භාගයේදී පමණ මහානාම රජ දවස උන්වහන්සේ පැමිණි බව දැනට පිළිගන්නා මතයයි. උන්වහන්සේට දැනගන්නට ලැබුණු ආකාරයට ථෙරවාදී බුදු දහම මෙරට මේ අවධියේදී ආරක්‍ෂා වී තිබිණි. ඒ ආශ්‍රිතව පොතපත පාලියට පරිවර්තනය කර ගන්නේ නම් බුදුදහම තවත් දිගු කලක්‌ වැජඹෙන බව උන්වහන්සේට සිතෙන්නට ඇත. එම නිසා එම සිංහල පොතපත පාලියට පෙරලීමේ අරමුණෙන් උන්වහන්සේ මෙරටට පැමිණියහ.

හෙළ අටුවා පාලියට පෙරලූ බුද්ධඝෝෂ හිමියන් පිළිබඳ තොරතුරු දැනගැනීමට අපට සාහිත්‍ය මුලාශ්‍ර ගණනාවක්‌ භාවිත කළ හැකිය.

ෆ ධර්මකීර්ති හිමියන් රචනා කළ මහා වංසය හෙවත් චූල වංසයේ ෂ කාණ්‌ඩය.

ෆ බුද්ධඝෝසුප්පත්තිය නම් කෘතිය

ෆ බුද්ධඝෝෂ හිමියන් විසින් රචනා කරන ලද අටුවා ග්‍රන්ථ මෙහි සමන්තපාසාදිකාවට ඉතා වැදගත් තැනක්‌ ලැබිය යුතුය.

ෆ බුද්ධඝෝෂ හිමියන්ගේම විසුද්ධි මාර්ගය නම් කෘතිය.

ෆ සද්ධම්සංගන, ශාසන වංසදීපනි, ගන්ධවාස යන කෘතින්

ෆ අග්නිදිග ආසියාතික රටවල පවතින ජනප්‍රවාද යනාදිය මෙහිදී ඉතා වැදගත් වේ.

උපත( ලංකා ඉතිහාසයේ රචනා වී ඇති අට්‌ඨ කතාවන්ගෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක්‌ රචනා කරන ලද උන්වහන්සේගේ උපත පිළිබඳ මතවාද කීපයක්‌ දැකිය හැකිය.

1. බුද්ධඝෝෂ හිමියන් උතුරු ඉන්දියාවට සම්බන්ධකම් ඇති ගයා ප්‍රදේශයේ උපත ලද බව යන මතය. ලංකාවේ මහා වංසයටත් බුද්ධඝෝසුප්පත්තියටත් අනුව උන්වහන්සේ බුද්ධගයාවේ බෝමැඩ ආශ්‍රයේ උපත ලද බ්‍රාහ්මණ දරුවෙක්‌ බව මහාවංසය වාර්තා කරයි.

"බෝධි මණ්‌ඩ සමීපස්‌මිං

ජාතො බ්‍රාහ්මණ මාණවෝ"

(එකල දඹදිව බෝමැඩ වෙත උපන් බ්‍රාහ්මණ මානවකයෙක්‌)

මහා වංසය - 3 පරිච්ඡේදය

2. අග්නිදිග ආසියාතික රටක්‌ වන බුරුමය නම් වූ රටේ පෙදෙසක උන්වහන්සේa උපත ලැබූ බව යන මතය. බුරුමයට සබඳතා ඇති පඨම රාජවංස නමැති ඉතිහාස ග්‍රන්ථයේ මුන්වහන්සේ බුරුමයේ ඉපිද මහබෝධි මැඩ සමීපයේ කලක්‌ වැඩවාසය කර පසුව ලංකාවට පැමිණ අටුවා ග්‍රන්ථ සම්පාදනය කොට සුධම්ම පුරයට වැඩමකරන ලද බව සඳහන්ය.

පාලි සාහිත්‍යය 171 පිටුව

3. දකුණු භාරතය හා සම්බන්ධ කිසියම් ප්‍රදේශයක බුද්ධඝෝෂ හිමියන් උපන් බවට ඇති මතය. මේ මතයට එළඹීමට ඇත්තේ බුද්ධඝෝෂ හිමියන්ගේම අදහස්‌ මිස වෙනත් ඒවා නොවේ. නමුත් මේ මතය අද වන විට මතවාදයන්ට හසුවූ ප්‍රධාන කරුණක්‌ බවට පත්ව ඇත. මේ මතවාදයන්ට අනුව බුද්ධඝෝෂ හිමියන්ගේ උපත දකුණු ඉන්දියාව යන්න සැක සහිතය. බුද්ධඝෝෂ හිමියන්ගේ කෘති ගණනාවක දකුණු ඉන්දියාව හා සම්බන්ධ ස්‌ථාන නාම ඇත. මයුරදේව පට්‌ටනය, කාන්තිපුරය, නාගපට්‌ටන, යන ස්‌ථානයන් දකුණු ඉන්දියාව හා සම්බන්ධිතය. මේ නාමයන්ද උන්වහන්සේගේ කෘති තුළ දැක්‌වෙන කරුණු ද පදනම් කරගෙන දැනට ඉතිහාසඥයන් පිළිගන්නේ උන්වහන්සේ දකුණු ඉන්දියාවේ උපන් අයකු බවයි. දැනට පිළිගන්නා මතය වන්නේ බුද්ධඝෝෂ හිමියන් දකුණු ඉන්දියාවේ ආන්ද්‍රd දේශයේ උපන් අයකු බවයි.

නාමය හා ගෝත්‍රය

බුද්ධඝෝෂ හිමියන්ට එම නාමය ලැබුණ ආකාරය පිළිබඳව ද විද්වතුන් අතර මෙන් සාහිත්‍ය පොතපතේද විවිධ අදහස්‌ ඉදිරිපත්ව ඇත. මහාවංසය හෙවත් චූල වංසයේ ෂ කාණ්‌ඩය පවසන්නේ උන්වහන්සේට බුදුන්ට සමාන කටහඬක්‌ තිබූ නිසා එම නාමය ලැබුණු බවයි.

"බුදුන්ගේ සෙයින් ගැඹුරු හඬ ඇති හෙයින් බුදුහු සේ පොලෝ තලෙහි පතළ යසස්‌ ඇති වී උහු බුද්ධඝෝෂ යයි ව්‍යවහාර කළහ."

(මහාවංසය 38 පරිච්ඡේදය)

බුද්ධඝෝසුප්පත්තිය නම් කෘතිය වෙනම අදහසක්‌ ඉදිරිපත් කරයි. හෙතෙම දෙව්ලොව වසන සමයේදී ද ඔහුගේ නම ඝොස වූ හෙයින්ද මොහු උපන්දා එම ගම ප්‍රීති නාදයෙන් ගිගුම් ගත් හෙයින්ද මේ නම ඇතිවී යයි මේ කෘතියේ සඳහන් වෙයි.

බුද්ධඝෝෂ හිමියන් තමන් රචනා කරන ලද විසුද්ධි මාර්ගය නම් කෘතියේ සඳහන් කරන්නේ එම නාමය තමන්ට ගුරුවරුන් තබන ලද්දක්‌ බවයි.

"ගරූහි ගහිත නාමධෙයෙHන" -විසුද්ධි මාර්ගය

බුදුන් පිරිවන් පෑම ක්‍රි. පූ. 543 දී සිදුවූ අතර උන්වහන්සේගේ උපත ක්‍රි.ව. 5 සියවස තුළ සිදුවූයේ නම් කාල පරාසය වසර 1000 කි. එතෙක්‌ බුදුන්ගේ හඬ ඇසුන කෙනෙක්‌ ජීවත්වීම ආශ්චර්යෙනුත් ආශ්චර්යකි. එසේ නම් මහාවංස කතුවරයා දක්‌වන අදහස පිළිගැනීම කෙසේවත් කළ නොහැකිය. මේ ග්‍රන්ථකරුවන් දෙදෙනාම විශාල වැරැද්දක්‌ කර ඇති බව පෙනේ. මේ අර්ථ කථනයන් නිසා සාමාන්‍ය සිදුවීමක්‌ අද්භූත සිදුවීමක්‌ බවට පත්ව ඇත. කෙසේ වෙතත් බුද්ධඝෝෂ හිමියන්ගේ ගෝත්‍රය පිළිබඳ සොයා බැලීමේදී උන්වහන්සේ බ්‍රාහ්මණ ගෝත්‍රයට අයත් පුද්ගලයෙක්‌ වීම දැනට පිළිගන්නා සත්‍යයයි. බුද්ධඝෝෂ නම නිසා උන්වහන්සේගේ ගෝත්‍ර නාමය අභාවයට යන්නට ඇත. ඉහතින් සාකච්ඡා කරන ලද ආන්ධු දේශය මෙතුමාගේ උපන් බිම නම් බ්‍රාහ්මණ සම්බන්ධය පිළිගත යුතු වන්නේය. ආන්ධු දේශය ආරම්භයේ සිටම බ්‍රාහ්මණයන් හා සම්බන්ධ වන්නේය. එසේ නම් ආන්ධු දේශයේ උපන් බුද්ධඝෝෂ හිමියන්ද බ්‍රාහ්මණ වංශිකයෙක්‌ බව පිළිගත යුතුය.

ජීවත් වූ කාලය

බුද්ධඝෝෂ හිමියන් පිළිබඳ තොරතුරු අධ්‍යයනය කිරීමේදී උන්වහන්සේ ජීවත් වූ කාලය පිළිබඳව ද නිශ්චිත නිගමනයක්‌ දීම අපහසුය. උන්වහන්සේගේ උපත ක්‍රි.ව. 5 සියවස ආරම්භයේදී සිදුවන්නට ඇතැයි සිතිය හැක.

උන්වහන්සේගේ ළමා කාලය, පැවිදි ජීවිතයේ ආරම්භය පිළිබඳ තොරතුරු ලබාගැනීම අපහසුය. ලංකාවේ චුල වංසයට අනුව උන්වහන්සේ ක්‍රි.ව. 5 සියවසේ 03 දශකය තුළ මෙරටට පැමිණෙන්නට ඇත. ඒ වනවිට මෙරට බලය දරන ලද්දේ මහානාම රජුය.

"ප්‍රඥ මිහිදු මහතෙරුන් විසින් සිංහල භාෂාවෙන් කරන ලද ශුද්ධ වූ සිංහලාතාර්ථ කතා තොමෝ සිංහලයන් කෙරෙහි වැටෙයි තෙපි එහි ගොස්‌ ඒ අසා මාගධී නිරුක්‌තියට පෙරළව්. ඕ තොමෝ සියලු ලොවට හිත ඵලවන්නී වේ" යයි මෙසේ වදාළ සේක. මෙසේ වදාරණ ලදින් ප්‍රසන්න වූ මහ නුවණ ඇති ඒ තෙමේ ඉන් පිටත්ව මෙම රජු දවස ලක්‌දිව් පැමිණි සේක."

(මහා වංසය 38 පරිච්ඡේදය)

නමුත් මහාවංසය මතය සනාථ කිරීමට පශ්චාත් කාලීන කිසිදු මූලාශ්‍රයක තොරතුරු නැත. අඩුම තරමින් දඹදෙණි යුගය තුළ රචනා වූ පූජාවලියේද එවන් කරුණක්‌ සඳහන් වන්නේ නැත. අනෙක්‌ විශේෂ කරුණ වන්නේ බුද්ධඝෝෂ හිමියන්ගේ කිසිදු ග්‍රන්ථයක මහානාම රජු පිළිබඳ සඳහනක්‌ කරන්නේ නැත. එහෙත් සමන්තපාසාදිකාවේ හා ධම්මපදට්‌ඨකතාවේ එන ගාථා අතර රජුන් දෙදෙනෙකුගේ නම් සඳහන් වේ. ඒ

1. සිරිනිවාස සිරිපාල

2. සිරිකුඩ්ඩ යන රජවරුන්ය.

නමුත් මේ නම් භාවිතා කළේ කවුරුන්ද යන්න සැක සහිතය. මහාචාර්ය ජී. පී. මලලසේකර මහතා පවසන්නේ මේ නම් දෙක මහානාම රජුට භාවිත වූ අපර නාමයන් වියහැකි බවයි. බුද්ධඝෝෂ හිමියන් මහානාම රජ දවස ලංකාවට එන්නට ඇතැයි සිතන්නෝ බී. සී. ලෝ මහතා, කෝසම්බි පඬිතුමා යන්නවුන්ය. උන්වහන්සේ මහානාම රජුට පෙර දවසක එන්නට ඇතැයි සිතන්නෝ බී. එම්. බරුවා මහතා, මහාචාර්ය පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් වැන්නවුන්ය. බුද්ධදත්ත හිමියන් තම මතය ඉදිරිපත් කරන්නේ බුරුමයට අදාළ සාහිත්‍ය පොතපත පදනම් කරගෙනය. මහානාම රජ දවස ලංකාවට පැමිණි පාහියන් හිමි දන්ත ධාතුව පිළිබඳ කරන අති විස්‌තරාදිය බුද්ධඝෝෂ හිමිගේ කෘතිවල දක්‌නට නැත. එසේ වී ඇත්තේ ඇයිද යන්න ගැටලුවකි. දළදාව ලංකාවට රැගෙන ආවේ කිත්සිරිමෙවන් දවසය. එසේ නම් බුද්ධඝෝෂ හිමි මේ පිළිබඳව තම කෘති තුළ වාර්තා නොකළේ මන්ද? එසේ නම් බුද්ධඝෝෂ හිමි කිත්සිරිමෙවන් රජ දවසට පෙර ලංකාවට පැමිණියේද? නමුත් මහාවංසය පැහැදිලිවම පවසන්නේ මහානාම රජ දවස උන්වහන්සේ ලංකාවට පැමිණි බවයි.

බුද්ධඝෝෂ හිමියන් මහාථූපය පිළිබඳ තම කෘති වල විස්‌තර කරනු දැකිය හැක. නමුත් දළදාව පිළිබඳ අවම විස්‌තරයක්‌වත් ඇතුළත්ව නැත්තේ ඇයි. පාහියන් හිමියන්ගේ වාර්තාව තුළ දඹදිව සිට ලක්‌දිවට වැඩම කළ තෙර නමකගේ ධර්ම දේශනයක්‌ පිළිබඳ සඳහනක්‌ කොට ඇත. ඇතැම් විට එම තෙරනම බුද්ධඝෝෂ හිමියන් විය යුතු බව ආනන්ද මෛත්‍රිය හිමියන් "පාහියන් ගමන් විත්ති" නම් පොතේ සඳහන් කර ඇත. බුද්ධඝෝෂ හිමියන් දීපවංසයෙන් උපුටා ගත් ඇතැම් කොටස්‌ තමන් රචිත විනය පිටකයේ අටුවාව වන සමන්තපාසාදිකාවට යොදා ගෙන ඇත. මේ අනුව ඉතිහාසඥයන් නිගමනය කරන්නේ අනිවාර්යයෙන්ම බුද්ධඝෝෂ හිමියන් දිපවංසය රචිත කාලයෙන් පසුව ලංකාවට පැමිණෙන්නට ඇති බවයි.

බුද්ධඝෝෂ හිමි සිරිනිවාස නම් රජෙකු පිළිබඳ තම කෘතියේ සඳහන් කරයි. තමන් සමන්තපාසාදිකාව රචනා කළේ සිරිනිවාස රජුගේ විසිවන වර්ෂයේදී ආරම්භ කොට විසිඑක්‌ වන වර්ෂයේදී අවසන් කළ බව දක්‌වයි. නමුත් කතුවරයා ධම්මපදට්‌ඨ කතාවේදී සඳහන් කරන්නේ සිරිකුඩ්ඩ නම් රජෙක්‌ පිළිබඳවය. මේ දෙදෙනාම එක්‌ අයෙක්‌ද? නැත්නම් දෙදෙනෙක්‌ ද යන්න ගැටලුවකි. මහාවංසයට අනුව මහසෙන් රජුගෙන් පසු වසර 21 ක්‌ රජ කර ඇත්තේ පහත සඳහන් රජවරුන්ය.

1. කීර්ති ශ්‍රී මේඝවර්ණ හෙවත් කිත්සිරි මෙවන් රජු

(ක්‍රි.ව. 303 - 331)

2. බුද්ධදාස රජු (ක්‍රි.ව. 340-368)

3. උපතිස්‌ස රජු (ක්‍රි.ව. 368-410)

යන්නවුන්ය. මේ අනුව වර්තමානය වන විට බුද්ධඝෝෂ හිමියන් ලක්‌දිවට පැමිණි කාලවකවානුව පිළිබඳ අර්බුදයක්‌ ඇති බව පෙනේ. කෙසේ වෙතත් කිව හැක්‌කේ බුද්ධඝෝෂ හිමියන් දීපවංසය රචනා කළ කාලයත් මහා වංසය රචනා කළ කාලයත් අතරතුර ලංකාවට පැමිණි බවයි.

බුද්ධඝෝෂ හිමියන් ලක්‌දිවට වැඩම කළේ ඇයි

ක්‍රි.ව. 4-5 අතර කාලයේදී මෙරටට වැඩම කළ බුද්ධඝෝෂ හිමියන් එසේ මෙරටට පැමිණීමට ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ කුමක්‌ද? මේ පිළිබඳව මහාවංසය මෙන්ම බුද්ධ ඝෝසුප්පත්තිය යන කෘති දෙකම ඉදිරිපත් කරන තොරතුරු සමාන වේ.

මහා වංසයට අනුව බුද්ධඝෝෂ හිමියන් ලංකාවට පැමිණ ඇත්තේ රේවත නම් හිමිනමකගේ මගපෙන්වීම යටතේය.

"රේවත ස්‌ථවිර තෙමේ ඒ දැක උන්වහන්සේට වදාරන සේක. මෙහි පෙළක පමණක්‌ පරම්පරානීතය මෙහි අටුවා තැන් එසේම නානාප්‍රකාර ආචාර්යවාදයේද නොවෙති. තුන් සංගායනාවට නගන ලද බුද්ධ වචනද ශාරිපුත්‍රාදී මහතෙරුන් විසින් වදාරන ලද කතාවත මාර්ගය ද මොනවට බලා ප්‍රඥ මිහිඳු මහතෙරුන් විසින් සිංහල භාෂාවෙන් කරණ ලද ශුද්ධ වූ සිංහලාතථ කතා තොමෝ සිංහලයන් කෙරෙහි වැටෙයි. තෙපි එහි ගොස්‌ ඒ අසා මාගධි නිරුක්‌තියට පෙරළව්. ඕ තොමෝ සියලු ලොවට හිතඵල වන්නීවේ යයි මෙසේ වදාළ සේක."

මහා වංසය - තිස්‌අට පරිච්ඡේදය

(227-232 - ගාථා)

බුද්ධ ඝෝසුප්පත්තිය නම් කෘතිය මෙම සිදුවීම වාර්තා කර ඇත්තේ මෙසේය.

"බුද්ධඝෝෂ භික්‍ෂු තෙමේ එක්‌ දිනක්‌ හුදකලාව ඉන්නේ දැනුමෙන් අධිකතර තමන් වහන්සේද උපාධ්‍යායන් වහන්සේ දැයි සිතී උපාධ්‍යාය තෙරුන් ඒ සිතිවිල්ල දැන බුද්ධඝෝෂ භික්‍ෂුවගෙන් ඒ ගැන විමසි. බුද්ධඝොෂ තෙමේ වික්‌ෂෝපයට පැමිණ සමාවන්නැයි උපාධ්‍යය තෙරුන්ගෙන් ඉල්ලා සිටියේය. උපාධ්‍යය තෙර "මා සමාවනු කැමති නම් ලක්‌දිවට ගොස්‌ බුද්ධ වචනය පාලියට නගාගෙන එවයි කීයේය."

ෂෂ පරාක්‍රමබාහු රජු විසින් රචනා කරන ලද විසුද්ධි මාර්ග සන්නසේත් වාචිස්‌සර හිමියන් රචනා කරන ලද විනය විනිච්චය ටීකාවෙත් සඳහන් වන්නේ මුන්වහන්සේ භාරතීය භික්‍ෂුන්ගේ ඇරයුම් පිට මෙරටට පැමිණි බවයි.

මේ කතා පුවත් තුළින් තහවුරු වන කරුණු කිහිපයකි. බුද්ධඝෝෂ හිමියන් ඉන්දියාව නම් රටෙන් මෙරටට පැමිණි බව නිශ්චිතම කාරණාවකි. අනෙක්‌ නිශ්චිත කරුණු නම් උන්වහන්සේ මෙරටට පැමිණෙන්නට ඇත්තේ සිංහල අටුවා ග්‍රන්ථ පාලියට පරිවර්තනය කිරීමට බවයි.

බුද්ධඝෝෂ හිමියන් ලක්‌දිවට පැමිණෙන අවධිය වනවිට උතුරු ඉන්දියාවේ ථෙරවාද බුදුදහම විවිධ අර්බුදයන්ට මුහුණදී තිබිණි. නමුත් මේ වනවිට දකුණු ඉන්දියාව තුළ බුදු දහම යම් ප්‍රබෝධයකට ලක්‌ව තිබිණි. එලෙස දකුණු ඉන්දියාව තුළ බුදුදහම යම් දියුණුවක්‌ ලබද්දී එයට අදාළ පෙළ අටුවා පිළිබඳ උනන්දුවක්‌ එහි භික්‍ෂුන්ට තදින් දැනුණි. ඒ වනවිට ඒවා ආරක්‍ෂා වී තිබුණේ ශ්‍රී ලංකාව තුළය. ඒවා මාගධි නිරුක්‌තියට පරිවර්තනය කිරීම සඳහා බුද්ධඝෝෂ හිමියන් මෙරටට පැමිණි බව මෙතුළින් ප්‍රකාශ කළ හැක. අනෙක්‌ අතට දකුණු ඉන්දීය භික්‍ෂුන්ට ථෙරවාදය මනාව දකුණු ඉන්දියාව තුළ ස්‌ථාපිත කිරීමේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා මුන්වහන්සේ ලක්‌දිවට වැඩම කරන්නට ඇත යන්නද සිතිය හැකිය.

කෙසේ වෙතත් බුද්ධඝෝෂ හිමියන්ගේ කාර්යය අති දැවැන්ත සමාජ සත්කාරයක්‌ වූ බව නම් අවිවාදිතය. තම කාලය, ශ්‍රමය, ජීවිතය පවා උගසට තබා නන්නාදුනනා ප්‍රදේශයක්‌ කරා උන්වහන්සේ පා තබන්නේ තමන් වෙනුවෙන් නොව සමස්‌තයා වෙනුවෙනි. මේ නිසා මුන්වහන්සේගේ ග්‍රන්ථකරණය සාංඝික වුවකි. කෙසේ වෙතත් බුද්ධඝෝෂ හිමියන්ගේ චරිත කතාව බොග්ගලිපුත්තතිස්‌ස තෙරුන්ගේ කතාවටත් නාගසේන හිමියන්ගේ කතාවටත් සමාන කිරීමට උත්සාහ ගත් බව පැහැදිලිය.

බුද්ධඝෝෂ හිමියන්ගේ සාහිත්‍යය සේවාව

ක්‍රි.ව. 4 ත් 5 ත් අතර කාලයේ ලංකාවට එන්නට ඇතැයි අනුමාන කරන බුද්ධඝෝෂ හිමි මෙරට අට්‌ඨ කතා රචනයේ ප්‍රධානියා බව අනිවාර්යයෙන්ම කිව යුතුය. මෙරට ඉතිහාසය තුළ රචනා වී ඇති අට්‌ඨ කතාවන්ගෙන් අටකටත් වඩා වැඩි ප්‍රමාණයක්‌ රචනා කර ඇත්තේද මුන්වහන්සේය.

බුද්ධඝෝෂ හිමියන් අතින් රචනා වන්නට ඇතැයි සැලකෙන කෘති මෙසේය.

1. විසුද්ධි මාර්ගය

2. විනය පිටකයේ අටුවාව වන සමන්තපාසාදිකාව

3. දීඝ නිකාය අටුවාව වන සුමංගල විලාසිනිය

4. ම-ජිම නිකාය අටුවාව වන ප්‍රපන්ඡ සුදනිය

5. සංයුක්‌ත නිකාය අටුවාව වන සාරත්ථප්පකාසිනිය

6. අංගුත්තර නිකාය අටුවාව වන මනෝරථපුරණිය

7. ධම්මපදට්‌ඨ කතාව

යනාදිය මුන්වහන්සේ අතින් නිශ්චිතවම රචනා වන්නට ඇතැයි පිළිගැනෙන කෘති වන්නේය.

1. විසුද්ධි මාර්ගය

බුද්ධඝෝෂ හිමියන් විසින් රචනා කරන්නට යෙදුන ග්‍රන්ථ අතරින් පළමුවැන්න වන්නේ මෙයයි. එය උන්වහන්සේ ලංකාවේදී ලියූ ප්‍රථම ග්‍රන්ථය ද වන්නේය. මේ කෘතිය තුළින් උන්වහන්සේ මුළු පාලි සාහිත්‍යයටම ආලෝකයක්‌ ලබාදීමට සමත්ව ඇත්තේය. මෙය බෞද්ධ ඉතිහාසය තුළ අපට හමුවන ආදිතම වූත් සම්භාව්‍ය වූත් බෞද්ධ විශ්වකෝෂය ලෙස හඳුන්වා දීමට පුළුවන. මෙහි සමස්‌ත ත්‍රිපිටක මාලාවම අන්තර්ගත කර තොරතුරු රචනා කර ඇත. ඇතැම් ඉතිහාසඥයන් පවසන්නේ බුද්ධඝෝෂ හිමියන් මෙන් වෙනත් කිසිදු පෙරදිග වැසියකු අතින් මෙවන් විශිෂ්ට ගණයේ කෘතියක්‌ බිහිවී නොමැති බවයි. මහාවංසය හෙවත් චුල වංසයේ පළමු කාණ්‌ඩය බුද්ධඝෝෂ හිමියන් මෙරටට පැමිණ මහාවිහාරයට ගොස්‌ හෙළ අටුවා ඉල්ලු මොහොතේ එහි භික්‍ෂුන් උන්වහන්සේට පැවරූ කාර්ය විස්‌තර කරන්නේ මෙසේය.

"සියලු සත්පුරුෂයන් නිවාස වූ මහා විහාරයට පැමිණි සේක්‌කු මහාපදන් කොට ගොස්‌ සංගපාල තෙරුන් කෙරෙන් සිංහල අටුවා කතා හා ථෙරවාදයන් සර්වප්‍රකාරයෙන් අසා මේ තෙමෙම ධම්මස්‌වාමිහුගේ අභිප්‍රායයි නිශ්චය කොට එහි සංඝයා රැස්‌කරවා අටුවා කරන්නට මට සියලු පොත් දෙවයි කීහ. සංඝ තෙමේ ඒ තෙරනු විමසනු සඳහා උන්වහන්සේට ගාථා දෙකක්‌ දෙන්නේ තොප සමර්ථ බැව් මෙහි දක්‌වවා ඒ දැක සියලු පොත් දෙමුයි දිනී. ස්‌ථවිර තෙමේ අටුවා සහිත තුන් පිටකය සමාසචාරයෙන් එහිම සංගාන කොට විසුද්ධි මාර්ගය කළේයි.

මහාවංසය දක්‌වන විස්‌තරයට අනුව බුද්ධඝෝෂ හිමි විසුද්ධි මාර්ගය නම් පොත තුන්වතාවක්‌ ලියන ලද්දක්‌ බව පෙනේ. අවස්‌ථා දෙකකදීම එම පොත දෙවිවරුන් විසින් අතුරුදන් කර ඇත. කතුවරයාගේ රචිත කෘති තුනේම අර්ථයෙන්ද ග්‍රන්ථයෙන්ද පූර්වාපර වශයෙන්ද ථේරවාදයෙන්ද පෙළින්ද පදයෙන්ද ව්‍යංජනයෙන්ද පොත් තුනම එක සමාන වූ බව චූල වංස කතුවරයා වාර්තා කරයි.

විසුද්ධි මග්ගය යනු කිසිදු ත්‍රිපිටක ග්‍රන්ථයක අටුවාවක්‌ නොවේ. එය සමස්‌ත ත්‍රිපිටක මාලාවම ආශ්‍රය කරගෙන ලියන ලද්දකි. විසුද්ධි මග්ගය දෙස බලන විට එය ස්‌වතන්ත්‍ර නිර්මාණයක්‌ බව අවිවාදිතය. තවත් සමහරක්‌ උගතුන්ගේ අදහස වී ඇත්තේ බුද්ධඝෝෂ හිමියන් විමුක්‌ති මාර්ගය ටැම් ග්‍රන්ථයක්‌ මේ සඳහා ආධාර කර ගත් බවයි. එය අභයගිරි නිකායිකයන් විසින් රචනා කරන ලද්දක්‌ ලෙස සලකනු ලැබේ. විමුක්‌ති මාර්ගය අභයගිරිත කෘතියක්‌ නම් විසුද්ධි මාර්ගය මහා විහාර කාතියක්‌ බව පිළිගැනීම සාධාරණය. විසුද්ධි මාර්ගයේ ශීල, සමාධි, ප්‍රඥ යන ගුණයන්ද විග්‍රහ කෙරේ.

සමන්ත පාසාදිකාව

බුද්ධඝෝෂ හිමියන් විනය පිටකය අළලා ලියන ලද්දේ මේ කෘතියයි. මෙහි බාහිර නිධාන වර්ණනා නමින් වූ කොටස සාමාන්‍ය අට්‌ඨකතාවල ප්‍රථමයෙන් අන්තර්ගත වේ. මේ කොටස තුළ මෙරට ඉතිහාසයට අදාළ කරුණු ගණනාවක්‌ දැකිය හැකිය. මහාවංසය හා වෙනත් මුල්කාලීන මුලාශ්‍ර වල දක්‌නට නොමැති කරුණු රාශියක්‌ සමන්තපාසාදිකාව තුළ දැකිය හැකිය. විනය පිටකයේ එන ගාමයන්නට බුද්ධඝෝෂ හිමියන් නියාම අර්ථ කථනය ඉදිරිපත් කරයි. ගම යනුවෙන් අදහස්‌ කරන්නේ භූගෝලීය ඒකකයක්‌ බව උන්වහන්සේ පවසයි. ගම පවුරකින් වට කළත් නැතත් මිනිසුන් එහි වාසය කලත් නැතත් එය ගමක්‌ බව මුන්වහන්සේ වාර්තා කරයි. මලය දේශයේ තිබෙන්නාක්‌ මෙන් එක කුටියක්‌ හෙවත් එක ගෙයක්‌ තිබෙන ප්‍රදේශයක්‌ වුවත් ගම නමින් ගණන් ගත යුතු බවත් බුද්ධඝෝෂ හිමියන් පවසා ඇත. මෙවන් තොරතුරු මෙරට වෙනත් කිසිදු මුලාශ්‍රයක සඳහන් වන්නේ නැත.

කතුවරයා සමන්තපාසාදිකාව රචනා කිරීමට බොහෝ පොතපත ඇසුරු කළ බව පෙනේ. එහිදී කතුවරයා ඒ ඒ අයගේ අදහස්‌ ඉදිරිපත් කොට අවසානයේ තම මතය ඉදිරිපත් කරයි. එම සංකල්පය විද්‍යානුකූලව අදහස්‌ ඉදිරිපත් කිරීම හා සම්බන්ධව ඉතා වැදගත් ප්‍රකාශයකි. කෙසේ වුවද සමන්තපාසාදිකාවේ කලාතුරකින් වැරදි සහගත කරුණක්‌ අන්තර්ගත වුවද එය කෘතියට බලපෑමක්‌ කර නැත්තේය.

සමන්තපාසාදිකාව බුද්ධඝෝෂ හිමියන්ට අයත් නොවන කෘතියක්‌ බවට බී. සී. ලෝ නමැති මහතා වඩාත් සාධාරණ තර්කයක්‌ සමග මතයක්‌ ඉදිරිපත් කර ඇත. විසුද්ධි මාර්ගයට වඩා සමන්තපාසාදිකාවේ භාෂාව දියුණු බව ඒ මහතාගේ තර්කයයි. ඔහුගේ අනෙක්‌ මතය වන්නේ සමන්තපාසාදිකාව තුළ විසුද්ධිමග්කය පිළිබඳවත් බුද්ධඝෝෂ හිමියන්ගේ අනෙක්‌ කිසිදු කෘතියක සමන්තපාසාදිකාව පිළිබඳ සඳහන් නොවීමත්ය. නමුත් මේ මතය පිළිගන්නේ නැත.

වෙනත් කෘති

බුද්ධඝෝෂ හිමියන් සමන්තපාසාදිකාව හා විසුද්ධි මාර්ගයට අමතරව තවත් අටුවා ගණනාවක්‌ සම්පාදනය කර ඇත. විසුද්ධි මාර්ගය උන්වහන්සේගේ පළමු කෘතිය වන අතර අනෙක්‌ ඒවා රචනා කරන ලද අනුපිළිවෙළ පෙළගැස්‌වීම තරමක්‌ අපහසුය. මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා පවසන්නේ සමන්තපාසාදිකාව මුන්වහන්සේගේ දෙවන කෘතිය බවයි. නමුත් සමන්තපාසාදිකාව තුළ ප්‍රපන්චසුධනි නම් ග්‍රන්ථය පිළිබඳවත් සුමංගල විලාසිනිය පිළිබඳවත් තොරතුරු සඳහන්ව ඇත.

දීඝ නිකාය වෙනුවෙන් රචනා කරන ලද සුමංගල විලාසිනියද ම-ජිම නිකාය වෙනුවෙන් ලියූ ප්‍රපඤ්ච සුදනියද සංයුක්‌ත නිකාය වෙනුවෙන් ලියූ සාරත්ථප්පකාසිනියද අංගුත්තර නිකාය වෙනුවෙන් මනෝරථ පූරණියද නිකාය සතරේ අටුවාවන් ලෙස පෙන්වා දීමට පුළුවන. බුද්ධඝෝෂ හිමියන් රචනා කරන ලද මනෝරථ පුරණිය පිළිබඳව උන්වහන්සේ මෙසේ දක්‌වයි.

"මාගේ සියලු ආගම අටුවා ලිවීමේ මන දොල පිරුණු හෙයින් මේ අටුවාව මනෝරථපුරණ නම් වේ."

මෙතුළින් පෙනෙන්නේ බුද්ධඝෝෂ හිමියන්ගේ අටුවා ග්‍රන්ථ අතර අවසන් අටුවාව මෙය විය යුතු බවයි. මුන්වහන්සේ රචනා කරන ලද අට්‌ඨ කතා අතර අවසන් අට්‌ඨ කතාව වූයේ ධම්මපදට්‌ඨ කතාවයි.

මේ ප්‍රධාන අටුවාවන්ට අමතරව බුද්ධඝෝෂ හිමියන් තම දැනුම භාවිතයට ගෙන තවත් අටුවා ග්‍රන්ථ කීපයක්‌ සම්පාදනය කර ඇත. කංඛාවිතරණිය

පරමත්ථජෝතිකා

අත්ථසාලිනි

සම්මෝහ විනෝදනි යන අට්‌ඨ කතාවන්ද මුන්වහන්සේ නිර්මාණ අතර වෙතැයි අනුමාන කරයි.

"තමන් විසින් කරන ලද්දේ හෙළ අටුවා පාලියට නැඟීම පමණක්‌ බවත් එසේ කිරීමේදී මහා විහාරයේ චිරාගත සම්ප්‍රදායට පටහැනි නොවන පරිදි අනවශ්‍ය විස්‌තර හා පුනරුක්‌තිද ප්‍රස්‌තුතයට අදාළ නොවන කරුණුද අත්හල බවත් බුද්ධඝෝෂ ස්‌ථවිරයෝ තම කෘති ගැන සඳහන් කරමින් ප්‍රකාශ කරති."

(ශ්‍රී ලංකාවේ ඉතිහාසය ෂ කොටස අනුරාධපුර යුගය (පිටුව - 222) අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව)

පාලි සාහිත්‍ය රචනා කරන පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් තම කෘතියේ සඳහන් කරන පරිදි බුද්ධඝෝෂ හිමියන් තම අරමුණ ඉටුවූ පසු හෙළ අටුවා සියල්ල මහසෑ මළුවට ගෙනවිත් ඒවා ඇතෙකුගේ උසට ගොඩගසා ගිනිතබා විනාශ කළ බව වාර්තා කරයි.

මහනුවර යුගයේ රචිත රාජාවලිය බුද්ධඝෝෂ හිමියන්ගේ පැමිණීම හා රචිත ග්‍රන්ථ පිළිබඳ කරනුයේ මෙවන් විවරණයකි.

"ඔහු මල් මාහානාම රජ විසි අවුරුද්දක්‌ රාජ්‍ය කළේය. එකලට බුද්ධඝෝෂ නම් අටුවා කර්තෘන් වහන්සේ දඹදිව සිට මේ ලංකාද්වීපයට වැඩ බුදුන් වදාළ දෙලක්‍ෂ පන්සැත්තෑ දහස්‌ දෙසිය පනස්‌ ග්‍රන්ථ සංඛ්‍යාවක්‌ ඇති ආගමට තුන්ලක්‍ෂ එක්‌සැට දහස්‌ සත්සිය පනස්‌ ග්‍රන්ථ සංඛ්‍යාවක්‌ පමණ අටුවා කතා ලියා ආගමයෙහි පහන් නැගූ සේකැයි දත යුතුයි."

(රාජාවලිය ඒ. වී. සුරවීර පිටුව 201)

බුද්ධඝෝෂ හිමියන් විසින් රචනා කරන ලද විසුද්ධි මාර්ගය හැරුණු විට අනෙක්‌ කෘති දෙකද අපට දක්‌නට ලැබුණේ නම් උන්වහන්සේගේ කවිත්වය තවත් විද්‍යමාන වනු ඇත. Æණෝදය හා අත්ථසාලිනි නම් ග්‍රන්ථද්වය උන්වහන්සේ ඉන්දියාවේදී රචනා කළ බව කියවේ. මේ ග්‍රන්ථ 03 ම උන්වහන්සේගේ ස්‌වාධීන නිර්මාණ වන්නේය.

බුද්ධඝෝෂ හිමියන් ඉදිරියේ තිබුණේ අතිශය භාරදූර කාර්යයකි. එය උන්වහන්සේ අභියෝගයක්‌ කර ගත්තේ නැත. අප බුද්ධඝෝෂ හිමින්ගේ චරිතය තුළින් ගත යුතු ආදර්ශය එයයි. බුද්ධඝෝෂ හිමියන් තමන් ඉදිරියේ වූ අභියෝගය ජයග්‍රහණය කිරීම පැසසිය යුත්තකි. මේ චරිය දෙස බලද්දී පෙනි යන්නේ බුද්ධඝෝෂ යනු ජාත්‍යන්තරකරණිය වූ භික්‌ෂු චරිතයක්‌ බවයි. ථෙරවාදී බුදුදහම මහායාන බලපෑම්වලින් ආරක්‌ෂා කරගැනීමට උන්වහන්සේ ගත් ක්‍රියාමාර්ග බෞද්ධ ඉතිහාසයේ වෙනත් කිසිදු ග්‍රන්ථ කතුවරයෙක්‌ ගත් බවට සාධක නැත. වර්තමානයේ අපද කටයුතු කළ යුත්තේ තමන් වෙනුවෙන් නොව සමස්‌තය වෙනුවෙන් බව බුද්ධඝෝෂ හිමිගේ චරිතය අපට කියාපායි. එය අද අප ආදර්ශයට ගත යුතු නොවේද?

 

Make a Free Website with Yola.