උඩරට රජවරුන්ට අභියෝගයක් වූ
රදළ බලය
සුජීව දිසානායක
බලන,
බලකඩුව, ගලගෙදර, ඇල්ල. ගිනිගත්හේන යන ගිරි දුර්ගයන්ගෙන්ද,
හන්තාන වැනි ඉතා රමණීය කඳුවැටි වලින් ද මහවැලි ගං කොමළියගෙන් ද
ගැටඹේ වැනි ඓතිහාසික තොටුපළවලින්ද, බෝගම්බර වැව. බෝගම්බර පිටිය
වැනි ස්ථානයන්ගෙන් ද සමන්විත ඓතිහාසික කන්ද උඩරට මුල් කරගෙන
මෙරට රාජධානියක් බිහිවන්නේ ක්රි. ව. 15 වැනි සියවස අග
භාගයේදී ය. මහනුවර සෙංකඩගල, කන්ද උඩරට, කන්ද උඩරට පස්රට ආදී
නාමයන්ගෙන් හඳුන්වන ලද මේ බිම ඉතා දිගු ඉතිහාසයකට හිමිකම්
කියන්නකි. මහනුවර නගරයේ ඉතිහාසය කුරුණැගල රාජධානි සමය දක්වා
දිවයන්නකි. මහනුවර නගරය ඉදිකරන ලදැයි සැලකෙන්නේ IV
පරාක්රමබාහු රජු බෑණනුවන් කෙනකු වූ සිරිවර්ධන ප්රතිරාජ
නමැත්තාය. එමෙන්ම මහනුවර අච්ච්ගිරි හෙවත් අස්ගිරි විහාරය කරවා
ඇත්තේ ද ඔහුමය.
"රජතුමා තම බෑණනුවන් වූ සිරිවර්ධන සේනාධිපතින් ලවා සෙංකඩගල
වනවාසී භික්ෂුන්ට වාසය සඳහා සුදුසු විහාරයක් කරවූ අතර රජුගේ
ඉල්ලීම පරිදි එවකට මාහිමි තනතුර ඉසිලූ පලාපත්ගල ධර්මකීර්ති
මාහිමියන් විසින් එහි විසීමට යාපහුවේ වලස්ගල විහාරයෙන්
භික්ෂුන් වහන්සේ ලබාදෙන ලදී. උන්වහන්සේලාගෙන් ආරම්භ වූ
වලස්ගල හෙවත් අචිජගිරි විහාරය වත්මන් අස්ගිරි විහාරය බවට පත්
විය." (කුරුණැගල රාජධානි සමය - ඉතිහාසය පිරිවෙන් පොත 5 වසර
පිටුව - 130)
මෙලෙස ආරම්භ වූ මහනුවර නගරය කෝට්ටේ IV පරාක්රමබාහු රාජධානි
සමය තුළ ඔහුට අවනත රාජධානියක්ව පැවැති බව පෙනේ. එම ප්රදේශය
තුළ රජුට අවනත වූ ප්රාදේශීය රදළ ප්රධානියෙක් වූ බව මහනුවර
යුගයේ රචිත රාජාවලියෙන් හඳුනා ගත හැකිය. මෙරට පාලකයන්ට
අභියෝගයක් වූ පළමු උඩරට රදල ප්රභූවරයා ලෙස ඔහු හඳුන්වාදීමට
පුළුවන. මොහු උඩරට ප්රදේශය තුළ ආර්ථික බලයක් හිමිකර ගෙන තිබූ
පුද්ගලයකු බව ප්රකාශ කළ හැකිය.
"ශ්රී පරාක්රමබාහු රජ ඔටුණු පැළඳ පනස් දෙකක් අවුරුදු
මහරජකම් කර උඩරට රජ කරන සෝජාත සිටු රජ අවුරුදු පතා එවන අයබදුත්
සේවා වැඩට එන මිනිසුනුත් නේවා ප්රමාද කර අංගම්පොර ඇර ඉදිනා බව
අසා මහ සේනාව එක් කරවා අඹුළුගල උන් කුඩා කුමාරයින්ඩ භාර කරදී
උඩරට ජය ගන්ඩ අවසර දුන්නාහ."
(රාජාවලිය - ඒ. වී. සුරවීර - පිටුව 216)
මහනුවර නගරය මුල් කරගෙන ස්වාධීන වූ පළමු පාලකයා වන්නේ
සේනාසම්මත වික්රමබාහුය. ඔහු ක්රි. ව. 1462/63 අතර කාලයේදී
කෝට්ටේ IV පරාක්රමබාහු රජුගේ බලයට අභියෝගයක් වෙමින්
ස්වාධීන වූ බව පෙනේ.
"කෝට්ටේ හයවැනි පරාක්රමබාහු පාලනය සමය අවසාන කාලයේ 1463 සිටි
සේනා සම්මත වික්රමබාහු නමැති උඩරට පාලකයකු ගැන තොරතුරු ලැබේ.
මාතලේ ප්රදේශයේ කැරැල්ලක් ඇති කොට 1463 දී උඩරට දේශපාලන බලයට
පත් සේනා සම්මත වික්රමබාහු"
(ලංකාවේ ඉතිහාසය - මහාචාර්ය මාලනි ඇඳගම 05 පරිච්ඡේදය - පිටුව
183)
මෙලෙස ස්වාධින වූ උඩරට රාජධානි සමය තුළ ප්රධාන රජ වංශ තුනක්
අපට හඳුනාගත හැකිය. එනම්.
1. සේනා සම්මත වික්රමබාහු රජුගේ පෙළපත
2. ෂ විමලධර්මසූරිය රජුගේ පෙළපත
3. නායක්කාර් රජ පෙළපත
රාජ වංශ තුනයි.
මේ රාජ වංශයන් සමඟ පාලන ක්රියාවලියේදී ඉතා සමීපව කටයුතු කළ
රදළ ප්රභූන්
ඇතැම් අවස්ථාවන්හි රජවරුන්ට අභියෝගයක් වෙමින් ඔවුන් බලයෙන්
පහ කිරීමට තරම් ප්රබල විය. මේ ලිපිය තුළින් බලාපොරොත්තු වන්නේ
එලෙස රජ බලයට අභියෝගයක් වූ රදල ප්රභූ පන්තිය හා ඔවුන්ගේ
ක්රියාකාරීත්වය පිළිබඳව විවරණයක යෙදීමයි.
සේනා සම්මත වික්රමබාහු රජු (ක්රි. ව. 1463 - 1511) ඇරඹු
පෙළපතේ දෙවන පාලකයා සේ සලකන්නේ ඔහු පුත් ජයවීර බණ්ඩාරය.
(ක්රි. ව. 1501 - 1551) ඔහුගෙන් පසු බලයට පත්වන්නේ ඔහු පුත්
කරලියද්දේ බණ්ඩාරය. (ක්රි. ව. 1551 - 1582) නමුත් මේ රාජ්ය
නාමාවලියට අමතරව 1969 දී ප්රකාශයට පත් කෙරුණු අස්ගිරි තල්පත
මෙයට වඩා නිරවුල් වූද, අඛණ්ඩවූ ද, රාජ්ය නාමාවලියක්
ඉදිරිපත් කරයි. එය කෙසේ වෙතත් මේ මාතෘකාවේ පළමු කථානායකයා
කරලියද්දේ බණ්ඩාරය. ක්රි. ව. 1582 දී ඔහුගේ බලය ගිලිහෙන්නේ
සීතාවක ෂ රාජසිංහ රජු උඩරට රාජධානිය ආක්රමණය කිරීමත් සමගය.
මේ ආක්රමණයේ ආරම්භයට කරලියද්දේ බණ්ඩාරගේ ක්රියාකාරීත්වය
බලපෑ බව පෙනේ. සීතාවකින් තම රාජ්යයට එල්ල වු තර්ජනයන්ට මුහුණ
දීම සඳහා කරලියද්දේ බණ්ඩාර පෘතුගීසි ආධාර පතන්නට විය. එහි
අවසන් ප්රතිඵලය වූයේ පෘතුගීසීන්ගේ කතෝලික ආගම කරලියද්දේ
බණ්ඩාර වැළඳ ගැනීමය. රජුගේ මේ ක්රියාව පිළිබඳ උඩරට ප්රභූවරු
එතරම් ප්රසාදයක් දැක්වුයේ නැත. කතෝලික ආගම වැළඳගත්
කරලියද්දේ බණ්ඩාර රජු උඩරට කතෝලික රජකු ලෙස කටයුතු ද කරන්නට
විය. රජුගේ මේ ක්රියාකාරීත්වයට එරෙහිව කන්ද උඩරට ප්රභූවරු
ඔහුට එරෙහිව කුමන්ත්රණයන් දියත් කරන ලදී. මෙහිදී ඔවුන්
කරලියද්දේ බණ්ඩාර එලවා දැමීම සඳහා සීතාවක 1 රාජසිංහ රජුගේ
ආධාර ලබාගත් බව පෙනේ. මේ ආධාර ලබා ගැනීමේ අවසාන ප්රතිඵලය වූයේ
පේරාදෙණියේ වීරසුන්දර බණ්ඩාර නම් රදළ ප්රධානියාගේ සහාය ඇතිව
සීතාවක ෂ රාජසිංහ රජු උඩරට ආක්රමණය කර එය යටත් කර ගැනීමයි. මේ
ආක්රමණයට මුහුණ දීමට අපොහොසත් වූ රජු කළේ තම බිසව, දියණිය හා
බෑණනුවන් සමඟ පෘතුගීසීන් වෙතට ආරක්ෂාව පතා පලා යැමයි. සීතාවක
රාජසිංහ රජුට කන්ද උඩරට රාජධානිය යටත් කර ගත හැකි වූයේ ඔහුගේ
රණශූරත්වය මතම පමණක් නොවේ. ඒ සඳහා උඩරට රජුට එරෙහි වූ රදළ
ප්රභූවරුන්ගේ ක්රියාකාරිත්වයද ප්රබල ලෙස බලපාන ලදී,
කන්ද උඩරට රාජධානිය යටත් කර ගැනීමෙන් අනතුරුව සීතාවක රාජසිංහ
රජු තම උඩරට නියෝජිතයා ලෙස පත් කළේ තමන්ට උදව් වූ පේරාදෙණියේ
වීරසුන්දර බණ්ඩාර ය. නමුත් තමන්ට වඩා කන්ද උඩරට ප්රදේශය තුළ
ඔහු ජනප්රිය වන බව දුටු ෂ රාජසිංහ රජු ක්රි. ව. 1585
වර්ෂයේදී ගොලෑබොක්ක නම් ස්ථානයේ බොරු වළක දමා ඔහුව ඝාතනය කරන
ලදී. මෙලෙස තමන්ට එරෙහි වූ උඩරට රදළ බලය විනාශ කර දැමීමට
රාජසිංහ රජු ගත් ක්රියාමාර්ගය ඔහුගේ පරිහානියට ද බලපාන ලද බව
පෙනේ.
ක්රි. ව. 1592 වර්ෂයේදී උඩරට නව රජ පෙළපතක් ආරම්භ කරන්නේ
වීරසුන්දරගේ පුත් කොනප්පු බණ්ඩාරය. ඔහු උඩරට රාජ්යත්වයට
පත්වන්නේ ෂ විමලධර්මසූරිය යන නමිනි. මේ පෙළපතේ පාලකයන්ට ද උඩරට
රජු සමඟ සබඳතා පැවැත්වූ රදළයන්ගේ බලපෑම් එල්ල වූ බවට සාධක ඇත.
ෂ විමලධර්මසූරිය රජුට සේවය කළ සීමන් කොරයා නමැති නායකයා රජු
අතහැර පෘතුගීසීන්ට එකතු වීම, උඩරට රාජධානි සමය තුළ දක්නට ඇති
විශේෂ සිදුවීමකි.
දෙවැනි රාජසිංහ රජු දවස ඔහුට සේවය කළ ප්රභූවරයෙක් ලෙස
අඹන්වෙල රාළ නම් පුද්ගලයා හඳුන්වාදීමට පුළුවන. බ්රිතාන්ය
ජාතික රොබට් නොක්ස් මේ පුද්ගලයාගේ ද නායකත්වය යටතේ ඇති වූ
කැරැල්ලක් පිළිබඳ වාර්තා කරයි.
"මේ කැරැල්ලේ පළමු පියවර තැබුණේ වර්ෂ 1664 දෙසැම්බර් මස 21
වැනි දින රාත්රි 12 ට පමණය. මේ සඳහා තෝරා ගන්නා ලද ජන
සමූහයක් මාලිගාවේ දී රහස් සාකච්ඡා කොට ගිවිසුමකට බැස ගෙන
මධ්යම රාත්රියෙහි පෙළ සැදී නුවරට පැමිණියෝය. රජ වාසල
සිරකරුවෝ ද මෙම ගිවිසුමට බැඳුනාහු යයි සිතන්නට ඉඩ තිබුණි.
(එදා හෙළදිව - පිටුව 188)
මේ දවස වන තෙක් උඩරට රජුගේ පාලනයට සහය වූයේ එක්
අධිකාරම්වරයෙක් පමණි. මේ සිදුවීමෙන් පසු රජු රදළයන් පිළිබඳ
එතරම් විශ්වාසයක් තැබූ බවක් ද නොපෙනේ. රදළ බලය අඩු කිරීමේ
අරමුණින් දොa රජු තම පාලනය හා දෙවැනි අදිකාරම් ධුරයක් ද ඇති
කරන ලදී. රොබට් නොක්ස් ද රජුට රදළ ප්රධානීන් කෙරෙහි තිබූ
සැකය හා නොරිස්සුම්කම් දක්වා ඇත්තේ මෙසේය.
"රාජසිංහ රජු ගල උඩ කන්දේ සිටියදීම සියලු කලබල සන්සිඳී ගියේය.
කැරලිකරුවන් ඇල්ලීමට හෝ මැරවීමට රජුට එතරම් උෙද්යාaගයක්
නොවීය. කවර හෙයින් ද යත් රජුට ඔහුගේ අධිපතියන් කෙරෙහි කිසි
විශ්වාසයක් නොතිබුණු බැවිනි."
(එදා හෙළදිව - පිටුව 191)
විදේශික
ලේඛකයන් ද උඩරට රජු හා රදළයන් අතර තිබූ විරසක බව වාර්තා කර
ඇත්තේ එසේය. ෂෂ රාජසිංහ රජු මේ නිල්ලඹේ කැරැල්ලේ නායකත්වය ගත්
අඹන්වෙල රාළ නමැත්තාට තමන් ලබා දෙන දඬුවම් මදි යෑයි සිතා ඊට
වඩා ප්රබල දඬුවම් දීම සඳහා ලන්දේසීන් වෙත පිටත් කළ අයුරු
රොබට් නොක්ස් වාර්තා කරයි.
"කැරැල්ලේ නායකයකු හැටියට ඔප්පු වූ අඹන්වෙල රාළ මරණ වධයට නියම
කරන ලද නමුත් රජුට පසුව මෙබඳු සිතක් පහළ විය. සිංහල දේශයේ ඇති
දෙතිස් වධ මේ අඹන්වෙළ රාළ හට ප්රමාණවත් නොවන්නේය. එහෙයින්
ඔහුට අලුත් අමුතු වධ දෙවා මරණ ලෙස නියම කොට ඔහු කොලොම්පුර
ලන්දේසීන් වෙත යවන ලද්දේය."
(එදා හෙළදිව - පිටුව 191)
උඩරට රජවරු හා රදළයන් අතර ප්රබල ගැටුම් නිර්මාණය වන්නේ
නායක්කාර් පෙළපතේ පාලකයන් දවසය. මෙරට අවසාන සිංහල රජු වූ
ශ්රී වීර පරාක්රම නරේJද්රසිංහ රජුගේ අභාවයෙන් අනතුරුව
සෙංකඩගල බලයට ආවේ මේ නායක්කාර් වංශිකයන් ය. ඔවුන්ගේ පෙළපත
යටතේ සෙංකඩගල නුවර බලයට ආ පාලකයන් 4 දෙනෙකි ඒ
1. ශ්රී විජය රාජසිංහ
2. කීර්ති ශ්රී රාජසිංහ
3 රාජාධි රාජසිංහ
4 ශ්රී වික්රම රාජසිංහ යන්නවුන්ය.
මේ පෙළපත දකුණු ඉන්දියාවේ තංජෝර් දේශයට අයත් නායක්කාර් බිමේ
සිට මෙරටට පැමිණි ජන කොටසක් විය. මොවුනගේ රජ පදප්රාප්තිය
මෙරට සාමාන්ය ජනයාට එතරම් බලපෑමක් නොවුනද රදළයන්ට එය තරමක්
රිදුම් දෙන්නක් විණි. මේ නිසා මේ රජ පෙළපත දවස රදළයන් හා රජු
අතර මෙන්ම රජු හා බෞද්ධ භික්ෂුන් අතරද ප්රබල ගැටුම් ඇති වූ
බව පෙනේ.
නායක්කාර් හාමුදුරුවෝ නමින් හැඳින්වූ ආරම්භක පාලකයා වූ ශ්රී
විජය රාජසිංහ සමග එතරම් ගැටුමක් ඇති නොවුනද කීර්ති ශ්රී
රාජසිංහ රජු සමඟ රදළයන් ගැටුම් ඇති කර ගන්නට විණි. කීර්ති
ශ්රී රාජසිංහ රජු රාජ්යත්වයට පත් වන වයස අවුරුදු 16 ක් පමණ
වූ බව කියෑවේ. ඒ නිසා රජුගේ පාලන කටයුතු මුලින්ම විමසා ඇත්තේ
රජුගේ පියා විසිනි. නරේනප්පා නමින් හඳුන්වා ඇත්තේ ඔහුය. මේ වන
විට ලන්දේසීන් ශ්රී ලංකාවේ මුහුදුබඩ ප්රදේශ පාලනය කරන අවධිය
විය. ඔවුනගේ ආගමික පීඩාවන්ට පත් වු කතෝලිකයන් කන්ද උඩරට
රැකවරණය ලබද්දී, අදාළ ආරක්ෂාව නරේනප්පා විසින් ලබා දීමට
කටයුතු කර ඇත. නරේනප්පාගේ මේ ක්රියාවට රජුගේ මහාධිකාරම වූ
ඇහැලේපොළ නිළමේ එතරම් කැමැත්තක් දක්වා නැත. එහිදී ඔහු රජුට
දන්වා ඇත්තේ පියාගේ කටයුතු නතර නොකරන්නේ නම් තමන් ඇතුළු සිංහල
නායකයන් රජුව බලයෙන් පහ කරන බවටයි. මෙයට බිය වූ රජු තම පියාට
කළ දැනුම්දීමෙන් අනතුරුව ඔහු සිදු කළ ආගමික ක්රියා නතර කළ බව
පෙනේ. මෙයින් තහවුරු වන්නේ රදළ බලය රජුට ද වඩා මහනුවර යුගය තුළ
බලවත් වූ බව නොවේද?
"කීර්ති ශ්රී රාජසිංහ රජතුමා සිහසුනට පත්වන විට ප්රධාන
අධිකාරම් ධුරය දැරුවේ ඇහැලේපොළයි. ඔහු කාර්යශූර කපටි
උපක්රමශීලී කෙනෙකු වශයෙන් හැඳින්විය හැකිය. වරක් නරේනප්පා
ඇහැලේපොළ අධිකාරම් සිය නිවසට කැඳවා කඩුවක් අතැතිව ඔහුට තර්ජනය
කළ බව දැක්වේ. නායක්කාර්වරුන්ට විරුද්ධව සිටි තවත් කෙනකු
වූයේ සබරගමු දිසාවේ තැන්පත් මාම්පිටියේයි. ඇහැලේපොළ විරුද්ධව
සිටි සමනක්කොඩි හා ලෙව්කේ පවා නරේනප්පාගේ බලතලවලට විරෝධය පෑහ.
ක්රි. ව. 1749 දී නරේනප්පාගේ පාලන බලතලවලට එරෙහිව අනිත් සිංහල
රදළවරුන්ගේත් ආධාර ඇතිව ඇහැලේපොළ කැරළි ගැසීමට සූදානම් වන බවත්
රජතුමාට වැටහී ගියේය. දිනක් ඇහැලේපොළ රජ වාසලට ගොස් රජතුමා
ඉදිරියේ රජුගේ පියාගේ පාලනයට එරෙහිව සියලුම අදිකාරම්වරු හා
අනිත් නිලධාරීන් එකතුව රජු සිහසුනෙන් ඉවත් කොට වෙන කෙනෙකු
සිහසුනට පත් කරන බවට තර්ජනය කළේය.
(ශ්රී ලංකාවේ ශිෂ්ටාචාරය - 2 මහාචර්ය එම්. පී. බස්නායක පිටුව
77)
ක්රි. ව. 1760 වර්ෂයේදී කීර්ති ශ්රී රාජසිංහ රජු සිහසුනෙන්
නෙරපා සියම් කුමාරයකු බලයට ගෙන ඒම සහා රජ ගෙදර තුළ
කුමන්ත්රණයක් සිදු වූ බව පෙනේ. මේ කුමන්ත්රණය තුළ සිටියේද
මහනුවර ප්රධාන රදළ නායකයෙකි. ඔහු රජුගේ දෙවැනි අදිකාරම් ලෙස
ක්රියා කළ සමනක්කොඩිය. මේ කුමන්ත්රණයට බෞද්ධ භික්ෂුන්
වහන්සේගේ ද සහයෝගය ලැබුණු බව පෙනේ. සරණංකර සංඝරාජ හිමියෝ ද
මල්වතු විහාරයේ විහාරාධිපති තිබ්බොටුවාවේ හිමියන් ද රජ වාසල
නිලධාරියකු වූ මොලදණ්ඩේ ද මේ ක්රියාවට සහාය වූ බව පෙනේ.
නමුත් කුමන්ත්රණකරුවන්ට අදාළ කාර්ය සාර්ථක කර ගැනීමට
හැකියාවක් ලැබුණේ නැත. රජු කුමන්ත්රණය පිටුපස සිටි
සමනක්කොඩි අධිකාරම්, මොලදණ්ඩේ රටේරාළ හා මැටිහත්පොල දිසාවේ
යන්නවුන් මෙහිදී මරා දමන ලදී. භික්ෂුන් වහන්සේට සමාව ලැබුණ
අතර, සරණංකර හිමියන් සංඝරාජ ධුරයෙන් ද ඉවත් කෙරුණ බව කියවුනි.
රාජාධි රාජසිංහ රජුට ද රදළ බලය තර්ජනයක් වූ බව පෙනේ.
පිළිමතලව්වේ අදිකාරම රජුට බලපෑම් කරන ලද රදළ නායකයෙක් විය.
රජුගේ මරණයට පවා වගකිව යුත්තේ පිළිමතලව්වේ අදිකාරම් වරයායි
ඉතිහාසඥයන් පවසන්නේ මේ නිසාය. 1798 රාජාධිරාසිංහ රජුගේ මරණින්
පසු රාජත්වයට හිමිකම් කියූ මුත්තුසාමි සිටියදී කන්නසාමි නම්
කුමාරයා බලයට ගෙන ආවේද මේ අදිකාරම්වරයා ය. ඔහුගේ අරමුණ වූයේ
කන්නසාමි රාජ්යත්වයට පත් කර තම අරමුණු ඉටු කර ගැනීමයි. නමුත්
එය ඉටු වූයේ නැත.
රජු හා රදළයන් අතර ප්රබලතම ගැටුම ඇති වූයේ උඩරට ඉතිහාසය තුළ
ශ්රී වික්රම
රාජසිංහ රජ දවසය. කන්නසාමි හෙවත් ශ්රී වික්රම රාජසිංහ රජු
උඩරට සිංහාසනයට පත් කරන ලද්දේ පිළිමතලව්වේ අදිකාරම් විසිනි.
නමුත් අදිකාරම්වරයා හා රජු අතර ගැටුම් ඇති වීමට එතරම් කාලයක්
ගත වූයේ නැ. දෙදෙනා අතර ගැටුමට පළමු හේතුව වී ඇත්තේ මහනුවර
ටිගොල්ල කෙත් යාය පිහිටි ස්ථානයේ අභිනවයෙන් රජු වැවක් තැනීමට
ගත් ක්රියාවේදී එයින් ගොවියන්ට අසාධාරණයක් වන බව පිළිමතලව්වේ
පෙන්වාදීම නිසාය. දෙදෙනා අතර විරසක බවට බලපෑ අනික් හේතුව
ලෙව්කේ දිසාව රජු විසින් ඝාතනය කිරිම පිළිබඳ ඇති වූ ගැටලුවයි.
ක්රි. ව. 1803 දී පෙඩ්රික් නෝර්ත් උඩරටට ආක්රමණයක් එල්ල
කිරීමේ මේ රදළ - රජු ගැටුම යම් බලපෑමක් කළ බව ද ප්රකාශ කළ
හැකිය. මෙසේ වූයේ රජු තම අරමුණු ඉටු නොකිරීම නිසා බව
පිළිමතලව්වේ සිතන්නට ඇත.
ශ්රී වික්රම රාජසිංහ රජු අතින් ඝාතනය වූ පළමු වැදගත් රදළ
නායකයා ලෙව්කේ දිසාවය. මේ ගැටුමට හේතුව පහත උපුටා ගැනීමෙන්
මනාව පැහැදිලි වේ.
"ස්වකීය දේශයත්, සම්බුද්ධ ශාසනයත් උදෙසා මේ සා සේවාවක් කළ
මෙතුමා 1803 සැප්තැම්බරයේදී හංවැල්ලේ කොටුවට පහරදීමට ගිය
අවස්ථාවේදී ඒ කොටුව ජය ගැනීම ඉතා පහසු යෑයි කියමින් වෙල්
යායකට වී කුරුම්බා කමින් සිටින බව කෙනකු පැමිණ රජතුමාට කියා
ඇත. පිළිමතලව්වේගේ නායක්කාර විරෝධී කුමන්ත්රණ නිසා මඳ කිපුන
ඇතෙකු මෙන් සිටි රජතුමා මින් ප්රකෝප වී වහා සටන් බිමට ගිය
තැන් අහම්බෙන් මෙන් තමන් අසලින් ගිය වෙඩි උණ්ඩයකට බිය වී
ලෙව්කේ දිසාව කෙරෙහි සැක උපදවා එතුමාගේ හිස සිඳීමට අණ කළේ
"දේවයිනි, මිනිත්තු පහකින් කොටුව අල්ලා දෙන්නෙමි" යනුවෙන් තෙපළ
එඩිතර ප්රතිඥ=dවට පවා ඇහුම්කන් නොදෙමිනි."
(ත්රි සිංහලේ නායකයෝ - නුවරඑළියේ හේමපාල පිටුව 25)
වක්ඔය කොටුවැල්ලේ බෙල් යායකදී හිස ගසා දමන ලද ලෙව්කේ දිසාව
පිළිබඳව ජන කවියෙක් දැක ඇත්තේ මෙසේය.
පුන්සඳ සේම පායාලා රට මැද්දේ
රන් කෙඳි සේම පීරලා පිට මැද්දේ
මාර සෙනඟ වට කරගෙන යම මැද්දේ
ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ
ශ්රී වික්රම රාජසිංහ රජු අතින් ඝාතනයට ලක් වුන අනික්
ප්රබලම රදළ නායකයා පිළිමතලව්වේ මහාදිකාරමය. ක්රි. ව. 1803
බ්රිතාන්යයන්ගේ උඩරට ආක්රමණයෙන් පසු රජු තම රදළයන් පිළිබඳව
එතරම් විශ්වාසයක් තබා නැත. මෙලෙස රදළයන් කෙරෙහි අවිශ්වාසයෙන්
කටයුතු කරද්දී ක්රි. ව. 1810 - 11 අතර කාලයේ රජු ඝාතනය කිරීමට
කුමන්ත්රණයක් සිදු වී ඇත. අසන් ජා නමැති මුස්ලිම්
මුහන්දිරම්වරයෙක් සමඟÊඑකතුව රජු ඝාතනය කිරීමට කුමන්ත්රණය කළේ
යෑයි සැක උපදවා රජු ක්රි. ව. 1811 අගෝස්තු 26 දින මහනුවර
කුමාර හපුවේ සල් ගස යටදී පිළිමතලව්වේ අදිකාරමගේ හිස ගසා දමා
ඇත.
ශ්රී වික්රම රාජසිංහ රාජ්ය කාලය තුළ රදළයන් හා රජු අතර
කෙතරම් ගැටලු ඇති වුයේද යත් රජුගේ අණ යටතේ ඝාතනය වූ පුද්ගලයන්
ගණන 20 කි. ඒ සමාජය තුළ පිළිගත්තා වූ රදළයන් පමණි. තවත්
කොතෙක් ඇත්ද?
1. මල්වත්තේ පරණතාල කුඩා උන්නාන්සේ
2. ලෙව්කේ දිසාව
3. පිළිමතලාව මහාදිකාරම
4. රත්වත්තේ දේවමැද්දේ දිසාව
5. හලංගොඩ නිලමේ
6. අළුවිහාරේ බණ්ඩා
7. ඇරැව්වාල දිසාව
8. කන්දේපොල රටේ මැති
9. මාම්පිටියේ බණ්ඩාර
10 අලියා මරික්කාර්
11. දෙනගමුවේ රාළ
12. රත්වානේ නිලමේ
13. දවුලගල රටේ මැති
14. බලවත්වල මුහන්දිරම්
15. පුස්වැල්ලේ දිසාව
16. ඇහැලේපොළ කුමාරිහාමි
17. පුස්වැල්ලේ කුමාරිහාමි
18. ඇහැලේපොළ ලොකු බණ්ඩා
19 ඇහැලේපොළ මද්දුම බණ්ඩා
20 ඇහැලේපොළ ඩිංගිරි මැණිකේ.
(සම්භාෂා - පිටුව 285 කලාපය 10 - 1999)
යන්නවුන් රජු ඝාතනය වූ බවට ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා සඳහන්
කරයි.
ශ්රී වික්රම රාජසිංහ රජු සමඟ අමනාපයක් ඇති උඩරට ප්රබලම
රදළයා
ඇහැලේපොළ මහාදිකාරම විය. රජු හා ඇහැලේපොළ අතර ගැටුමට ප්රධාන
හේතුව වී ඇත්තේ ස්ත්රී අර්බුදයකි. ශ්රී වික්රම රාජසිංහ
රජුගේ යකඩ දොaලියක් වූ අලුත්ගම බිසෝ මැණිකා සමඟ ඇහැලේපොළ මහ
නිලමේ රහස් සබඳතාවක් පවත්වා ගෙන ගිය අතර, එය එක් මොහොතක
රජුගේ අතටම හසු වී ඇත. මෙම සිදුවීමේදී රජුගේ නියෝගය වී ඇත්තේ
ඇහැලේපොළ මහ නිලමේට කස පහර 7 ක් තැලීමය. නමුත් එම දඬුවම
ක්රියාත්මක කිරීමට රජු අපොහොසත් වී ඇත. මේ සිදුවීමට
පලිගැනීමක් වශයෙන් රජු සිදුකර ඇත්තේ ඇහැලේපොළ කුමාරිහාමි සමඟ
සබඳතාවක් ඇතිකර ගැනීමට උත්සාහ දැරීමයි. මෙහිදී රජු ඇහැලේපොළ
අධිකාරම මහනුවරින් ඈත දුර බැහැර ප්රදේශයක් වූ සබරගමුවට පිටත්
කිරීමට ද කටයුතු කර ඇත.
රජු හා ඇහැලේපොළ අදිකාරම අතර ඇති වූ අර්බුදයේ තවත් උග්ර
අවස්ථාවක් ලෙස 1814 සබරගමුවේ කැරැල්ල පෙන්වාදීමට පුළුවන. මෙය
වඩුග පාලනයට එරෙහිව උඩරට රදළයකුගේ නායකත්වය යටතේ ඇති වූ පළමු
කැරැල්ල විය. නමුත් ඇහැලේපොළ මහ නිලමේ ආරම්භක කළ කැරැල්ලට
ප්රමාණවත් මහජන සහභාගිත්වයක් ලැබුණේ නැත. ඔහු
ඉංග්රීසින්ගෙන් ආධාර ඉල්ලා සිටියද එය ද ලැබුණේ නැත. මෙවන්
වාතාවරණයක් යටතේ රජු තමන්ට එරෙහිව උඩරට පළමු රදළයා ඇති කළ
කැරැල්ල මැඬලීමට භාවිත කළේ ද එවන් ම වු රදළයෙකි. ඒ අභිනව
මහාදිකාරම වශයෙන් පත්කරන ලද මොල්ලිගොඩ අදිකාරම් ය. ඒ වන විට
ඇහැලේපොළ මහනිළමේ සබරගමුව අතහැර ඉංග්රීසීන් වෙතට පලා ගොස්
තිබුණේ තම ජීවිත ආරක්ෂාව සඳහා ය. ඇහැලේපොළ යන වචනය තමන්ට
කෙතරම් පීඩනයක් ඇති කළේද යත් රජු එක් මොහොතක උඩරට මහනුවර
ආශ්රිතව දක්නට ලැබුණ ඇහැල ගස් පවා කපා දැමූ බව සඳහන් වේ. මේ
ගැටුමේ උච්චතම අවස්ථාව වන්නේ රජුගේ අණින් ඇහැලේපොළ මහ නිලමේගේ
පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීමයි. ඉහතින් සඳහන් කරන ලද පරණතාල
කුඩා උන්නාන්සේ ඝාතනය වන්නේ 1814 කැරැල්ලට සම්බන්ධ අයෙක් යෑයි
සිතාය.
රජු හා රදළයන් අතර ගැටුම් ඇති වූ අවස්ථාවලදී ශ්රී වික්රම
රාජසිංහ රජු රදළයන් අතර වූ මතභේදයන් ද තම වාසියට යොදා ගැනීමට
තරම් උපක්රමශීලී විය. ඔවුනොවුන් අතර උඩරට ප්රදේශ බෙදාදීමේදී
රජු රදළයන් අතර වූ විරසක බව ප්රයෝජනයට ගත් බව ද පෙනේ.
අනෙක් අතට තමන්ට අභියෝගයක් වූ රදළ බලය මර්දනය කිරීමට
අදිකාරම් තනතුරු 03 ක් නිර්මාණය කිරීමට කටයුතු කර ඇත.
පිළිමතලව්ව. ඇහැලේපොළ, මොල්ලිගොඩ යන පාර්ශ්වයන් තුන ඒ
තනතුරුවලට පත් කිරීමට තරම් රජු උපක්රමශීලී වී තිබේ.
තම ආරක්ෂා ජාලය බිඳ වැටුණු බව දැනගත් ශ්රී වික්රම රාජසිංහ
රජු සිය බිසෝවරුන් දෙදෙනා සමඟÊපලා යන්නේ රජු රදළ ගැටුමේ උච්චතම
අවස්ථාවේදීය. ඒ වන විට රජු රජ ගෙදර තුළ පවා කටයුතු සොයා
බැලීමට තම බිසවක් පත් කර සිටි බව සඳහන් ය. රජුගේ ආහාර පවා
ඔහුට පෙර ඒ බිසවගේ අධීක්ෂණයට ලක්ව ඇත. මේ නිසා රජු තමා ඝාතනය
කරතැයි යන බිය මත අවසාන කාලයේදී නිදි වර්ජිතව පවා ගත කර ඇත.
මෙවන් තත්ත්වයක් රජ ගෙදර තුළ නිර්මාණය වී පැවැති වකවානුවක තම
ආරක්ෂාව පතා රජු පලා ගිය විට ඔහුව බ්රිතාන්යයන්ට අල්ලා
දෙන්නේද උඩරට රාජ සභාව තුළ කටයුතු කළ රදළ නායකයෙකි. ඒ ඇහැලේපොළ
අදිකාරම සමඟ සමීප සබඳතා පැවැත්වූ එක්නැලිගොඩ දිසාව විසිනි.
"රජු ඇල්ලීමට ගිය 800 දෙනෙකුගේ යුත් කණ්ඩායම තෙල්දෙණියේ
කූඩාරම් ගසා ප්රමාදව සිටි විට එක්නැලිගොඩ දිසාවත් මමත්
ග්රීෂ්මය සංසිඳුවා ගැනීමට මද දුරක් එළිමහනේ ඇවිදින්නට
ගියෙමු. මේ වේලාවේ දී සබරගමුවේ මිනිස්සු කීපදෙනෙක් ද අප පසු
පස්සේ ගමන් කළෝය. අපි මඳක් දුර ගමන් කරන විට දොළොස්
අවුරුද්දක් පමණ වයසැති කොලුවෙක් කුඹුරක් ඔස්සේ දුවනවා
දුටුවෙමු. අපි ඌ පසු පස්සේ ලුහුබැඳ දිවන්ට වන්විට ඌ තැති ගෙන
හාමුදුරුවනේ මා මරන්ට එපා, දේවයන් වහන්සේ සැඟවී ඉන්න තැන මම
පෙන්වන්නෙමි යි කීවේය. එවිට එක්නැලිගොඩ දිසාව වැල්පටකින්
කොලුවාගේ ඉඟටිය බැඳ ගත්තේය. එහි සිට ටිකක් දුර ගමන් කළාට පසු
කොලුවා නුග ගසකට අත දිගු කර ඒ ගස අද්දර තිබෙන ගෙදර දේවයන්
වහන්සේ (එනම් ර-ජුරුවෝ) ලැඟුම් ගෙන සිටින බව කීවේය. අපි ඒ
ස්ථානය දෙසට යන විට මෙහෙකරු ස්ත්රීන් දෙදෙනෙක් දොරක් තද
කොට වසනවා දුටුයෙමු. තවද ලන්සයක් අතට ගත් මුරකාරයෙක් මිදුලේ
රැකවල් ගෙන සිටියේය. මේ බැහැරකදැ යි ඔහු එක්නැලිගොඩගෙන් ඇසූ
විට, අපිත් මෙහි ආවෙමු යි එක්නැලිගොඩ උත්තර දෙනවාත් සමග ලංසය
අමෝරා විරුද්ධකම් දක්වන ලීලාවක් හැඟවීය. එකෙණෙහිම
එක්නැලිගොඩගගේ මිනිස්සු ඔහුට තලා දුර්වල කොට අහකට ඇද දැම්මෝ
ය. එක්නැලිගොඩ දොරට තට්ටු කර දොර විවර කරන ලෙස ර-ජුරුවන්ට
විධාන කෙළේය. රජ තෙමේ එක්නැලිගොඩගේ බස සරු නොකරන බව ප්රකාශ
කළේය. එසේ නම් ගේ ඇතුළේ තිබෙන සියලුම අවි ආයුධ පිටතට වීසි කරන
ලෙස රජුගෙන් ඉල්ලන ලදී. එවිට රිදී වැඩ කරන ලද තුවක්කු තුනක්
සහ කිරිච්චි දෙකකුත් කපොල්ලකින් එළියට වීසි කළේය. නමුත් රජුගේ
ස්වර්ණමය කඩුව වීසි නොකරන ලදී. ඊට පසු මෝල්ගස් පහරින් දොර
පලන ලදුව සපරගමුවේ මිනිස්සු පළමු කොට ගෙට ඇතුළු විය. ඔවුන්
විසින් බිසෝවරුන් හැඳ පැළඳ සිටි ආභරණ සහ අගනා රිදී සැට්ටත්
ගලවා ගෙන යට රෙදි පිටින් එළියට ඇදගෙන ආවෝය. කුණ්ඩලාභරණ කඩා
ගැනීමෙන් ඔවුන්ගේ කන්වැල් ඉරී ලේ ගලනවා මම දිටිමි. මවිසින්
ඉඹුලන්වල ආරච්ච් යවා බෙහෙත් කොළ වගයක් ගෙන්වා එය අඹරා ලේ ගලන
තුවාලවල ගෑවෙමි. ඊට පසු එක්නැලිගොඩ, ගේ ඇතුළට පැමිණ රජු එළියට
අදිමින් එතුමාට ඉතා පරුෂ බසින් අපහාස කෙළේය. මූ ඌරෙකු මෙන් බැඳ
ගෙන යා යුතුය කියා එක්නැලිගොඩ තම මිනිසුන්ට කිරිඳිවැල් ගෙන
ඒමට නියම කළේය. කලක් තමන්ගේ රජව සිටි උතුමෙකුට මේ අන්දමින්
නිග්රහ පරිභව බිණීම උචිත නොවන බැව් එක්නැලිගොඩට කිහිප
වාරයක් ම කීවෙමි. හෙතෙම ඒ ගැන කිසිසේත් සැලකීමක් නොකළෙන් මේ
කරන අපරාධය ගැන දන්වා සර් ජෝන් ඩොයිල් මහතාට මම ලියමනක්
යෑවීමි. නොබෝ වේලාවකදී හාර්ඩ් සහ හුක් යන කර්නල්වරු දෙදෙන
යටතේ ඉංග්රීසි හේවා කණ්ඩායමක් පැමිණියේය. කර්නල්වරු දෙදෙන
අශ්වයන් පිටින් බැස තොප්පි ගලවා රජ හට ආචාර කොට ඔහුගේ අත්පාවල
බැඳුම් මිදෙව්වේය. ඊට පසු රජුට අපහාස කළ සිංහල මිනිසුන් පලවා
හැර, රජුටත් බිසෝවරුන්ටත් ධවල වස්ත්ර හඳවා, ඔවුන් දොaලාවලින්
ඉතා ගෞරවාකාරයෙන් ඩොයිල් මහතාගේ කූඩාරමට ගෙන යන ලදී.
එක්නැලිගොඩ දිසාව සහ ස්වකීය ප්රවෘත්තිය ඇතැම්හු විශ්වාස
නොකෙරෙත්."
(සිංහල මහා වංශය - පිටුව 583 - 584 බෞද්ධ සංස්කෘතික
මධ්යස්ථානය)
රජු අල්ලා ගැනීමේ ක්රියාවලියේදී රදළයන් අතර රජු කෙතරම්
අප්රසාදයට පත්ව තිබුණේ ද යන්න එක්නැලිගොඩගේ ප්රකාශය තුළින්
ම තහවුරු වේ.
මේ ආකාරයට උඩරට රදළයන් හා රජු අතර ගැටුමේ අවසන් ප්රතිඵලය වූයේ
වසර 2400 ට ආසන්න කාලයක් මෙරට පැවැති රාජ්ය සංස්ථාවත්. ඒ හා
සම්බන්ධ ආයතනත් ලාංකීය දේශපාලන භූමිකාව තුළින් අහෝසි වී යැමය.
එතැන් සිට අද දක්වා අප බ්රිතාන්යයන් හඳුන්වා දුන් පාලන
ක්රමයකට හුරු වී සිටිමු. එකී ක්රමය තුළ ද පාලකයන් පාලකයන්
අතරත් පාලිතයන් හා පාලකයන් අතරත් ගැටුම් නිර්මාණය වී ඇති බව
අපට පෙනේ.